Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුධ ග්‍රහයා 2021 වසරේ අගෝස්තු 26 වැනිදා උච්ච චලිතයක් ආරම්භ කරයි . රට කලින්ටත් වඩා තීරණාත්මක කාලවකවානුවක්

1 year ago 7 Min read
Subha.lk

බුධ ග්‍රහයා 2021 වසරේ  අගෝස්තු 26 වැනිදා පෙ.ව. 11.20ට කන්‍යා රාශිය තුළ උච්ච චලිතයක් ආරම්භ කරන අතර 2021 වසරෙහි සැප්තැම්බර් 22 වැනිදා පෙ.ව. 08.25 වන තෙක්ම තම උච්ච චලිතය පවත්වාගෙන යයි. මෙසේ බුධ ග්‍රහයා කන්‍යා රාශිය තුළ  උච්ච චලිතයක් ආරම්භ කරන විට සිකුරු ග්‍රහයාද කන්‍යා රාශිය තුළ නීචව චලිත වන අතර 2021 වසරෙහි සැප්තැම්බර් පස් වැනිදා රාත්‍රි 12.51 වන තෙක්ම සිකුරු තම නීච චලිතය පවත්වාගෙන යයි.

 

            මෙම ග්‍රහ චලිත වලට අනුව 2021 වසරෙහි අගෝස්තු 26 වනදාත් 2021 වසරේ සැප්තැම්බර් 6 වැනිදාත් අතර කාලසීමාව රටට කලින්ටත් වඩා තීරණාත්මක කාලවකවානුවක් විය හැකි අතර එම කාලවකවානුව තුළ රටට අසුබ ආරංචියක් ලැබීමක් හෝ අසුබ සිද්ධියක් සිදුවීමක් හෝ විශේෂිත ගැටලුවක් නිර්මාණය වීමක් පෙන්නුම් කෙරේ. අපගේ අත්දැකීම් වලට අනුව මෙවැනි ග්‍රහ තත්ත්වයක් නිර්මාණය වීමෙන් පසුව පවා එහි අසුබ බලපෑම් ටිකක් කලක් යන තුරු පවතින බව පෙනේ. ඒ අනුව ඉහළ කාලසීමාවට අමතර ලෙස 2001 වසරේ සැප්තැම්බර් 5 වැනිදායින් පසුව එළඹෙන සති 2 තුළද රටට අසුබ සිද්ධියක් සිදුවීමක් හෝ විශේෂිත ගැටලුවක් නිර්මාණය වීමක් පෙන්නුම් කෙරේ. බුධ ග්‍රහයා උච්ච ලෙස චලිත වීමට අනුව 2021 වසරෙහි අගෝස්තු 26 වැනිදාත්, 2021 වසරෙහි සැප්තැම්බර් 22 වනදා අතර කාල සීමා තුළ සාහිත්‍ය ක්ෂේත්‍රයේද නවෝදයක් පෙන්නුම් කරන අතර උසස් සාහිත්‍ය කෘතීන් එළිදැක්වීමද, අලුත් පුවත්පත් සහ සඟරා ආදිය ජනගත වීමටද ඉඩකඩ පවතින බව පෙනේ. තවද මෙම කාල සීමාව තුළ රටම දන්නා සාහිත්‍යධරයෙකු පිළිබඳව හෝ රටම දන්නා වෙනත් උගතකු පිළිබඳව හෝ මාධ්‍ය  ප්‍රධානියකු පිළිබඳව රටෙහි අවධානය යොමු වන්නට ඉඩකඩ පවතින බව පෙනේ.  එමෙන්ම 2021 වසරෙහි අගෝස්තු 26 වනදාත්,  2021 වසරේ සැප්තැම්බර් 22 වැනිදාත් අතර කාලසීමාව තුළ සරසවි ගැටුම්, සරසවි උද්ඝෝෂණ ආදිය ඉහළ යෑමට ඉඩ කඩ පවතින බව පෙනේ. 

කෙසේ වෙතත් සිංහ ලග්න ජනරජ කේන්දරයේ ධනස්ථානය සහ අයස්ථානය අධිපති ග්‍රහයා වන බුධ ග්‍රහයා උච්ච චලිතවීමට අනුව 2021 වසරේ අගෝස්තු 26 වනදාත්, 2021 වසරේ සැප්තැම්බර් 22 වැනිදාත් අතර කාල සීමාව තුළ රටෙහි ආර්ථිකය සම්බන්ධව යම් තරමකට හෝ සුබදායක ආරංචි ලැබිය හැකි බව පෙනේ. විශේෂයෙන් සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව ඉහත කී කාලසීමාව තුළ මහජන නියෝජිතයන්ටද බලගතු අපල ඇතිවීමට අවදානමක් පෙන්නුම් කෙරේ. එමෙන්ම 2021 වසරෙහි අගෝස්තු 26 වනදාත්, 2021 වසරේ සැප්තැම්බර් 22 වනදාත් අතර, කාල සීමාව තුළ කෘෂිකර්මාන්තය සම්බන්ධව අලුත් ගැටලු පවා ඇතිවන්නට ඉඩකඩ ඇත. ඉදිරියේදී සිදුවීමට නියමිත වඩාත්ම තීරණාත්මක ග්‍රහ මාරුව වන්නේ ගුරු ග්‍රහයා 2021 වසරෙහි සැප්තැම්බර් 14 වැනිදා ප.ව 2.26ට මකර රාශිය තුළ නීච චලිතයක් ආරම්භ කිරීමය. මෙසේ මකර රාශියට පිවිසෙන ගුරු ග්‍රහයා 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදා රාත්‍රි 11.25 වන තෙක්ම මකර රාශිය තුළ චලිත වන අතර එම කාලසීමාව තුළ ශනි ග්‍රහයාද මකර රාශිය තුළ ඉතා ප්‍රබල ලෙස චලිත වෙයි. ඒ අනුව ගුරු සහ ශනිගෙන් නීච භංග යෝගයක් නැවතත් නිර්මාණය වන අතර නීචභංග යෝගයකදී නීච ග්‍රහයාගේ අසුබ ඵලය ද ලැබිය යුතුය. ඒ අනුව 2021 වසරෙහි සැප්තැම්බර් 14 වනදාත් 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදාත් අතර කාල සීමාව තුළද රටට අසුබ ආරංචියක් ලැබීමත් හෝ අසුබ සිද්ධියක් සිදු වීමක් හෝ විශේෂිත ගැටලුවක් නිර්මාණය වීමක් පෙන්නුම් කරන අතර එම කාල සීමාව තුළ රටේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. ඉදිරියේදී සිදුවීමට නියමිත තවත් විශේෂිත ග්‍රහ මාරුවක් වන්නේ කුජ ග්‍රහයා සැප්තැම්බර් 6 වැනිදා කන්‍යා රාශියට පිවිසීම වන අතර එහි ප්‍රතිඵල පිළිබඳව ඉදිරි ලිපියකින් කතා බහ කිරීම බලාපොරොත්තු වෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk