Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් ජන්ම පත්‍රය තුළින් හඳුනාගමු

1 year ago 7 Min read
Subha.lk
වචනයෙන් කියාගත නොහැකි වූව ද විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත් ගුණවත් වාසනාවන්ත බිරිඳක් ලැබීමය. ගුණවත් කරුණාවන්ත බිරිඳක් ලබන තැනැත්තා සැබවින්ම වාසනාවන්තයෙකි. බුදුදහමේ ද භාර්යාවරු සත් දෙනෙක් පිළිබඳ සඳහන් වේ. ඒ වධක, චෝර, ස්වාමි, දාසි, සඛී, භගිනි හා මාතෘ භාර්යා යනුවෙනි. ඒ අතුරින් මාතෘ වර්ගයේ භාර්යාවෝ ලබන්නෝ ඉතාම වාසනාවන්ත බව සඳහන් වේ. එසේම දේහ ලක්ෂණ විද්යාවේදී ද ස්ත්රීන් සතර ආකාරයකට වර්ග කර ඇත. ඒ පද්මිනී, චිත්රිනී, සංඛිනී හා හස්තිනී වර්ගයේ ස්ත්රීන් යනුවෙනි. දේහ ලක්ෂණ විද්යාවට අනුව පද්මිනී හෝ චිත්රිනී වර්ගයේ ස්ත්රියක් තම බිරිඳ ලෙස ලබන තැනැත්තා ඉතා වාසනාවන්ත බව සඳහන් වේ. තවද පද්මිනී වර්ගයේ ස්ත්රීන් මාතෘ භාර්යා ගනයට වැටෙන බව ද සඳහන්ය. ජ්යොතිෂමය වශයෙන් ජන්ම නැකත අනුව ද ස්ත්රීන් වර්ග කළ හැක. එහිදී මුවසිරස, අස්ලිස, පුවපල්, පුවසල හා උත්රසල යන නැකැත් පද්මිනී වර්ගයේ ස්ත්රීන්ට හිමි බව සඳහන්ය. එසේම චිත්රිනී වර්ගයේ ස්ත්රීන්ට මුල, විසා හා උත්රසල් යන නැකැත් ද සංඛිනී වර්ගයේ ස්ත්රීන්ට කැති, හත, අනුර හා දෙනට යන නැකැත් ද හස්තිනී වර්ගයේ ස්ත්රීන්ට සියාවාස හා රේවතී යන නැකැත් ද අයත් බව සඳහන් වේ. රූමත් දුටුවන් නෙත් සිත් බඳනා අඟ පසඟක් හිමිවීමට අනිවාර්යයෙන්ම පෙර පින් තිබිය යුතුය. එවැනි පෙර පින් ඇත්තියක් පංච කල්්යානියන් ලෙස හඳුන්වයි. අංග ලක්ෂණ විද්යාවේදී පංච කල්්යානිය ලෙස ස්ත්රියක් සතු කරුණු 5 ක් සලකා ඇත. ඒ දන්ත, චවි, කේෂ, මාංශ හා වයස් යන කරුණුය. උක්ත කල්යානයන්හි ප්රශස්ථ මට්ටම් සලකා පංච කල්්යානියක් ද යන වග තීරණය කළ හැක. ජ්යොතිෂයට අනුව ද දක්ෂ ජ්යොතිෂවේදියකුට කේන්ද්ර සටහනක් දුටු පමණින් ඒ කේන්ද්ර හිමි තැනැත්තියගේ රූප ශෝභාව, අඟ පසඟ මෙන්ම ගතිගුණ ද මනාව අවබෝධ කර ගත හැක. එලෙස ජ්යොතිෂයේ පංච කල්්යානියක් ද යන්න හඳුනාගත හැකි ග්රහ පිහිටීම් කිහිපයකි. ඒ මෙසේය.2. ලග්නාධිපති ග්රහයා බලවත්ව ලග්නයේ වීම. 1. ලග්නාධිපති ග්‍රහයා ලක්ෂණ ගතව සඳු සමග සිටීම. 2. පූර පක්ෂයේ බලවත් චන්ද්‍රයා ලග්න ගත වීම. 3. චන්ද්ර සහ ගුරු යන ග්‍රහයන් ලග්න ගත වීම එලෙස ලග්න ගත වූ චන්ද්ර හා ගුරුට 5. 4. වැන්නේ හෝ 7 වැන්නේ හෝ 9 වැන්නේ හෝ සිටින සිකුරුගේ දෘෂ්ඨිය ලැබීම. 5. 5 වැන්නේ හෝ 9 වැන්නේ හෝ ගුරු සිකුරු පිහිටීම. 6. ලග්නාධිපති 7 අධිපති සමග යෝගවීම. 7. සිකුරු 7 අධිපති වී සෞම්ය ග්‍රහයන් සමග සිටීම. 8. 7 අධිපති ගුරු සමඟ හෝ ගුරුගේ දෘෂ්ඨියට ලක්වීම. 9. ලග්නයෙන් 7 වැන්නේ බලවත් ගුරු හෝ සඳු සිටීම. 10. සඳුගෙන් 7 වැන්නේ ගුරු සිටීම. 11. ලග්නය තුලා, මකර, කුම්භ වී ශනි එහි සිට ශුභ දෘෂ්ඨි ලැබීම. 12. 9 වැන්නේ සිකුරු සඳු ගුරු පිහිටීම. මීට අතිරේකව චන්ද්ර කුජ හෙවත් චන්ද්ර මංගල යෝගය, සිකුරු කුජ හෙවත් සිකුරු මංගල යෝගය යෙදනු කේන්ද්ර හිමි තැනැත්තියන් ද ඉතා රූමත් සුරූපිනියන්ය. එය එසේම සිදුවන්නේ එම යෝගයනට පාප දෘෂ්ඨි නොවැටීම හා එම ග්රහයන්ගේ බලවත් භාවය මතය. එය එසේ වුව ද මෙම යෝග හිමි ස්ත්රීන් කාමාධිකය, සෙල්ලක්කාරය,. යම් අයුරකින් උක්ත යෝගයකට රාහු කවර ආකාරයෙන් හෝ සම්බන්ධ වුවහොත් බොහෝ විට තම චරිතය කැලැල් කර ගැනීමේ ප්රවණතාවක් ඇත. එසේම කුජ, රාහු වැනි පාපී ග්රහයන් 7 වැන්න 8 වැන්න වැනි ස්ථානවල වීම ද චරිතය අපිරිසිදු කර ගැනීමේ අවධානමක් ඇති පිහිටීම් බව ජ්යොතිෂයේ සඳහන්ය. ස්ත්රී අඟපසඟ සම්බන්ධයෙන් ද යම් අදහසක් ග්රහ පිහිටීම් තුළින් නිගමනය කළ හැක. 1. ස්ත්‍රි කේන්ද්රයක කුජ ග්‍රහයා 4 වැන්නේ බලවත්ව සිටින කල මනාව වැඩුනු ඉදිරියට නෙරූ කවාකාර පියයුරු සඟලකට හිමිකම් කියයි. 2. 4 වැන්නේ සඳු කුජ පිහිටි ළඳුන්ගේ ඉඟ ඉතාම හැඩය. උකුල පුළුල්ය. පියයුරු ද මනාව පිහිටා ඇත. 3. 7 වැන්නේ සඳු, ගුරු, කුජ පිහිටි ළඳුන් මසින් පිරි දුටුවන් නෙත් සිත් බඳනා කලවා යුග්මයකට හිමිකම් කියයි. ඉහත සඳහන් ආකාරයේ ස්ත්රි අවයවවල ස්වභාවය පැහැය හා මෘදු මොලොක් භාවය සම්බන්ධ ග්රහ පිහිටීම් ගණනාවකි. එහෙත් ඒ සියල්ල සවිස්තරව මෙහි සඳහන් නොකලේ ලිවීමට තරම් සුදුසු නොවේ යැයි හැඟුනු බැවිනි. තවද විධිමත් කේන්ද්ර පරීක්ෂාවකදී වාසනාවන්ත විවාහ හිමි ස්ත්රීන් මෙන්ම නපුරු කෲර ගතිගුණවලින් යුත් ස්ත්රීන් බිහිවන පිහිටීම් ද ජ්යොතිෂවේදීන්ට පහසුවෙන් හඳුනාගත හැකිය. වාසනාවන්ත විවාහයක් හිමි පිහිටීම් ගණනාවකි. ඒ මෙසේය. 1. පාප දෘෂ්ඨිවලින් තොර සුබ ග්‍රහයෙකු ලග්න ගත වීම. 2. 5 වැන්නේ ගුරු ශුක්ර සංයෝගය පිහිටීම. 3. පූර පාර්ශ්වයේ ඉපදී 7 වැන්නේ බුධ ශුක්ර යෝග වී සිටිම. 4. 7 වැන්න කටකය වී ගුරු ග්‍රහයා එහි සිටීම. 5. 7 වැන්නේ සඳු බුධ සංයෝග වීම හා ඊට ශුභ දෘෂ්ටි ලැබීම. 6. ලග්නයේ ගුරුත් 7 වැන්නේ සඳුත් 10 වැන්නේ සිකුරුත් පිහිටීම. 7. ලග්නයේ හෝ 4 වැන්නේ බලවත් සඳු, බුධ, ගුරු, සිකුරු සිටීම. 8. ලග්නාධිපති හා 7 වැන්නාධිපති 7 වැන්නේ සිටිමින් ගුරු හෝ සඳුගේ දෘෂ්ඨියට ලක්වීම. 9. ගුරුගේ දෘෂ්ඨියට ලක්වන 7 වැන්නේ බුධ ශුක්ර සංයෝගය තිබීම සමගම 11 වැන්නේ සඳු පිහිටිම. කරුණු කාරණා කෙසේ වෙතත් විවාහයක් සඳහා පොරොන්දම් පරීක්ෂාවේදී විසි පොරොන්දම් ප්රතිශතය 75% ඉක්මවා ගැලපුන ද අෂ්ඨ ක්රමය ඉතා යහපත් මට්ටමක තිබුණ ද සුදර්ශන චක්රය පවා හොඳින් ගැලපුන ද ස්ත්රී කේන්ද්රයට පුරුෂ කේන්ද්රයේ ගැලපීම කෙසේද යන්න විමර්ශනාත්මකව බැලිය යුතුමය. එහිදී විවාහ දෝෂ කෙරෙහි ද ඒවා භංග වන ආකාර කෙරෙහි ද විශේෂ අවධානය යොමු කළ යුතුය. එවිට ඉතාම සාර්ථක, වාසනාවන්ත, ප්රීතිමත් යුග දිවියක් හිමි කරගත හැක. ඔබත් ඉහත කරුණු කාරණා සැලකිල්ලට ගෙන රූපය, අඟපසඟ, සිනහව, කතාව වැනි දෑට වශී නොවී ස්ත්රීන්ට මිල කළ නොහැකි ආභරණ බඳු වූ නිහතමානීකම, කීකරුකම, සරල චාම් බව, කරුණාවන්තකම, ගුණගරුක භාවය, දැහැමි බව වැනි උතුම් ගුණයන්ගෙන් හෙබි ලඳක් ඔබගේ අනාගත භාර්යාව ලෙස තෝරාගන්න. එවිට ඔබගේ ඉදිරි අනාගත ජීවිතය ඉතාම සාර්ථක ප්රීතිමත් සැපත සතුට උතුරා යන සෞභාග්යමත් එකක් වනු නියතය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk