Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවැසියන්ට ලෙඩ හා දොස් නැති වෙන්න ගෘහාංගවලට අමතර අංග ගළපන හැටි

1 year ago 7 Min read
Subha.lk
නිවෙසකට ගෘහාංග ගැළපීමේදී මූල ධාතු හා අට දිශාව පිළිබඳ අපගේ අවධානය යොමු කිරීම අත්යවශ්ය වේ. එසේ වුවත් එයින් නැවතී සිටීමට වර්තමාන වාස්තු විද්යාව ඉඩ නොදේ. එයට හේතුව වන්නේ වර්තමාන ඉදිකිරීම්වලදී විවිධ අමතර අංග ගෘහයට ඇතුළත්ව පවත්නා බැවිණි. එබැවින් ඒ පිළිබඳ ද සැලකිය යුතු අධ්යයනයක් අප විසින් සිදු කළ යුතුව තිබේ. නිවෙසක කිසියම් ගෘහ අංගයක් වෙන වෙනම සැලකීමේදී ඒවාට අන්තර්ගතව පවත්නා විවිධ කොටස් පිළිබඳව ද වෙන වෙනම සැලකිය යුතු අයුරු දැන් පිරික්සා බලමු. නිදන කාමරයක නිදන ඇඳ ප්රධාන අංගය වුවත් එයට බද්ධව තවත් විවිධ ගෘහ භාණ්ඩ හා මෙවලම් භාවිත කිරීමට සිදු වේ. නිදසුනක් ලෙස ඇඳට දෙපසින් විදුලි ස්වීච දෙකක් යොදා ගැනීම සිදුවේ. එයට අයත් විදුලි රැහැන් බිත්තියට ඇතුළතින් යොදා ඇති බැවින් අපගේ ඇසට නොපෙනේ. එසේ වෙතත් එයින් ඇති කරන බලපෑම සුළුපටු නොවේ. මේ නිසා එවැනි විදුලි රැහැන් ඇදීමේදී අප වඩාත් පරෙස්සම් විය යුත්තේ නිදා ගන්නා පැය ගණනාව පුරා මෙකී විදුලි රැහැන්වල බලපෑමට ශරීරය නිරන්තරයෙන් ගොදුරු වන බැවිනි. එවිට අපගේ ශරීරයේ ස්නායු ක්රියාකාරීත්වයට විවිධ වියවුල් ඇති විය හැකිය. නිවැරදි දිශාවක සාලය පිහිටුවා තිබුණත් සාලයේ සිය ආසනය පැනවිය යුත්තේ කවර ස්ථානයක දැයි ගෙහිමියා දැන සිටිය යුතු වේ. එහිදී එකී සාලයේ නිරිත අන්තයේ ගෘහ මූලිකයාගේ ආසනය පිහිටු වීම අනිවාර්ය වේ. එයට හේතුව වන්නේ අන්තරීක්ෂ ශක්තිය තීව්රතාව වැඩිම ස්ථානයේ ගෘහ මූලිකයා වාසය කළ යුතුම බැවිනි. බොහෝ අවස්ථාවල නිවැරදි පිහිටුවීමක් මුළුතැන්ගෙය සඳහා යොදා තිබුණත් එහි පිසින ආහාර තැබීමට හා ආහාර ගැනීමට යොදා ගන්නා කෑම කාමරය පිහිටුවීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු වේ. එයට හේතුව වන්නේ මුළුතැන්ගෙය ගිනිකොණෙන් හෝ වයඹේ තැබුවද කෑම කාමරය සඳහා එවැනි නිර්දේශයක් නොමැති බැවිණි. එහිදී යම් තරමින් රත් වන භාණ්ඩ ආදිය යොදා ගන්නේ නම් ඒවා සඳහා ද පෙර මුළුතැන්ගෙට අදාළ නිර්දේශයන්ම අදාළ කර ගත යුතු වේ. මුළුතැන්ගෙයි ප්රධාන ළිප පිළිබඳ අවධානය යොමු කරන තරම් බලවත් ලෙස අනෙකුත් භාණ්ඩ කෙරෙහි අවධානයක් යොමු නොකළද රත්වන හා සිසිල් වන අංග වෙන වෙනම ගෙන ඒවායේ දිශා පිහිටුම් සැලකිය යුතුව තිබේ. එසේම බද්ධ වැසිකිළියක් පිහිටුවීමේදීත් ඒවායේ අංගෝපාංග පිළිබඳ වෙන වෙනම අවධානය යොමු කළ යුතුව පවතී. එසේ නොවීමෙන් විටෙක මාරාන්තික දෝෂ පවා හට ගැනීමට ඉඩකඩ ඇති බව සැලකිය යුතු වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk