Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෙහි කැපීම හරියටම කරන්නේ කොහොමද?

1 year ago 7 Min read
Subha.lk
දෙහි කැපීම යනු ආතුර දොස් දුරලීමට, සෙත ශාන්තිය ලබා ගැනීමට සහ ඇස්වහ කටවහ දුරුකිරීමට සිදු කරනු ලබන මහඟු ශාන්ති කර්මයක් වන අතර, සමාජයේ බොහෝ දෙනාට සමීප දෙයකි. දෙහි කැපීම සම්බන්ධයෙන් ඇති අභ්යන්තර කතා පුවත බොහෝවිට ඔබ නොදන්නවා විය හැකිය. දෙහි කැපීමෙන් කෙනකුට යහපත, ආශිර්වාදය ශාන්තියක් සිදු කරන ආකාරයටම අනවින දෝෂ ද දියුණුවට බාධාවක් මෙන්ම එක්තැන් කිරීම සඳහා ද දෙහි කැපීම යොදා ගන්නා බව ඔබ නොදන්නවා ඇත. මෙහිදී යහපත පිළිබඳ පමණක් ඹබ දැනුම්වත් කරමි. දෙහි ගෙඩියේ උපත ද බුලත් මෙන්ම නාග ලෝකය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත දෙහි කැපීම ද මහ සම්මත රාජ සමය තෙක්ම ඈතට දිවෙයි. මැණික් පාල දෙවියන්ගේ දොස් අන වින කැපීම සඳහා ඔඩ්ඩිස දේවතාවුන් වහන්සේ විසින් පළමු වරට සිදු කරන ලද්දක් බවට ද අතීත කතාවල විස්තර සහිතව ඇත. සාමාන්යයෙන් ලෙඩ දුක්වලදී දෙහි කැපීමත් ඇස්වහ කටවහ ආදී කිරීමට, සුබ කටයුත්තකදී සෙත ශාන්තිය පතා කරන දෙහි කැපීමත් එක්තරා ආකාරයක සමානකමක් දක්වන අතර, අනවින, සූනියම්, කොඩිවින ආදී දේවලදී දෙහි කැපීම වෙනත් ආකාරයක් ගන්නා අතර යාතු කර්මවලදී තක් අඩියේ දෙහි කැපීම සිදු කර ආතුරයාට ශාන්තිය නීරෝගි සුවය, මානසික සුවය ආශිර්වාදය යනාදී කරුණු මුල්කොට සිදු කරනු ලබන දෙයකි. ලෙඩ දුක් ආදියේදී අවම දෙහි 21ක් කැපීම සිදු කරනු ලබන අතර, මෙහිදී එක නැට්ටේ දෙහි තුනක් ප්රධාන වශයෙන් හිසට දෙහි කැපීමේදී යොදා ගන්නා අතර ඉන් පසු ගෙල දෙපසට බලනහරවලට 2ක් ද පිටකොන්දට 1ක් ද හදවතට එකක් ද යනුවෙන් සිදු කර ඉතුරු දෙහි හන්දිපත්වලට කපනු ලබන අතර එසේ කැපූ දෙහි දිය බඳුනකට දමනු ලැබේ. මෙහිදී දිය බඳුන මැටියෙන් සෑදු එකක් භාවිත කරන්නේ නම් ඉතා ගුණදායකය. එහිදී දෙහි බෑය වැටෙන අත එනම්, උඩ අතට ද කැපුණු පැත්ත යටට ද, කැපීමෙන් දෙහි ඇට කැපී ඇද්ද යන ආකාරය හොඳින් නිරීක්ෂණය කරනු ලබන අතර එයින් කුමණ කරුණක් ප්රධාන කොට ලෙඩ දුක් ඇති වූයේද, සුව කිරීම සිදු කළ යුත්තේ කෙසේද යන්නත් හොඳින් පැවසීමට හැකියාවක් ඇත. ඇස්වහ කටවහ සඳහා දෙහි කැපීමේදී එම ආකාරයටම දෙහි ගෙඩිය ජලයේ පිහිටන ආකාරය අනුව ඇස්වහ කටවහ දුරුවී ඇද්ද නැත්නම් තවත් දේ සිදු කළ යුතුද එනම් අහු ගෙඩි, දිවිකදුරු ආදිය කැපිය යුතුද යන්න ඉතා පැහැදිලි ලෙස නිගමනය කළ හැකි වනවා ඇත. සුබ කටයුත්තක් සඳහා දොස් දුරුකර එම කටයුත්තට ආශිර්වාදයක් ලබා ගැනීමට සිදු කරනු ලබන දෙහි කැපීම ද මේ අයුරින්ම සිදු කර එය සාර්ථක අසාර්ථක වන්නේ නම් ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් ද නිසැකවම ප්රකාශ කළ හැකිය. මෙම කටයුතු සිදු කිරීමේදී මස් මාංශවලින් වැළකී මෙම කටයුතු සිදු කිරීමට සිතට ගත යුතු අතර, එහි මහඟු ප්රතිඵල ද ලබා ගැනීමට හැකි වනු ඇත. හදි සුනියම්, කොඩිවින ආදී අනවින සඳහා දෙහි කැපීම මෙයට වඩා වෙනස් ආකාරයක් ගන්නවා ඇත. මෙහිදී ප්රධාන වශයෙන් දෙවියන්ට ආරාධනා කර මල් අසුනක් තටුවක් සාදා එහි දෙහි තබා ප්රථමයෙන් ආරක්ෂා මන්ත්ර භාවිත කර ඉන් පසු අවශ්ය කරුණු කාරණා අනුව දෙහි ජීවම් කර ගනු ලබන අතර ඉන් පසු වෙනත් දොස් දුරු කිරීමට හොඬල, පුහුල් කැපීමක් සිදු කර ඉන් පසු දෙහි කැපීම ආරම්භ කරනු ලබන අතර මෙහිදී ආතුරයාට අමතරව දොර, උළුවහු, නිවෙසේ අට කොන ආදිය සඳහා ද දෙහි කපා අවසානයේ ආතුරයාට දෙහි කැපීම සිදු කර ඇප නූලක් පැලඳවීම සම්මත ක්රමයයි. ඇතැම් අවස්ථාවලදී මෙම දෙහි කැපීම සිදු කරන්නේ සූනියම් දෙවියන්ට, කතරගම දෙවියන් සහ කඩවර දෙවියන් සඳහා තටු සාදා දෙහි ද වෙනම තටුවක තබා ජීවම් කර දෙවියන්ට ආරාධනා කර වරම් ලබාගෙන සිදු කරන අවස්ථා ඇත. මෙහිදී ප්රධාන වශයෙන් දෙහි කැපීම, සූනියම් කැපීම සූනියන් දෙවියන් පෙරදැරි කරගෙන සිදු කරනු ලබන දෙයකි. මෙම දෙහි කැපීමේ ශාන්ති කර්මය හොඳින් දන්නා අයකු මඟින් සිදු කර ගැනීමට සිතට ගන්න. මල් තටුව, කෙසෙල් පට්ට සහ ගොක් කොළවලින් නිම කර එහි පතුලට බුලත් යොදා දෙහි ඒ මත අසුරා කළ යුතු වත් පිළිවෙත් නිසි අයුරින් සිදු කිරීමෙන් එහි උපරිම ප්රතිඵල ඔබට ලබා ගැනීමට හැකි වනවා ඇත. මෙහිදී ද කපනු ලබන දෙහි දැමීම සඳහා මැටි භාජනයක් යොදා ගනු ලබන අතර එයින් සිදු වනුයේ භූමිය හා සම්බන්ධ වී කැපෙන දෙහිවල දොස් ද ඉවත් වන නිසාය. එනම්, එම මැටි භාජනය භූමිය සමඟ ස්පර්ශ වීම නිසාමය. දෙහි කැපීම සඳහා දෙහි තෝරා ගැනීම ද එක්තරා ආකාරයකට සිදු කරනු ලබන දෙයකි. මෙම දෙහි ඔබ දන්නා තැනක ඇති ගසකින්ම කඩාගත හැකි නම් ඉතා යෝග්ය වේ. එහෙත් අද දවසේ එය අපහසු වන නිසා ඒ පිළිබඳ දන්නා අයකු එය තෝරාගත යුතු ආකාරය ඔබ දැනුම්වත් කරනු ඇත. ප්රථමයෙන්ම බුදුන් වැඳ අනතුරව දෙවියන්ට ආරාධනා කර මල් යහන් කවි ගායනා කර විෂ්ණු, නාථ, පත්තිනි, කතරගම දෙවිවරුන් සඳහා මෙන්ම ශ්රියා කාන්තාවට ද මල් යහන් කවි ගායනා කර පත් අඩියේ දෙහි කැපීමේ උපත ද සිහිකර පත් අඩිය සඳහන් ඉටි ඇඳීම එහි දොස් ඇරීම ද ඉසුරු හෙවත් බුලතේ උපත සිහිකර බුලත් තැබීමද, ඉන්පසු පඬුරු තැබීම, පත්ර තැබීම, පියුම් තැබීම, විලක්කු තැබීම ඒවා කැප කර ඒ මත මල් වර්ග හතක් තැබීම ද ඉන් පසු බත් ගොටු තැබීම එය කැපකිරීම සූනියම් දෙවි ආරාධනය එයට අරක් ගත් යක්ෂ කොට්ඨාසයන්ට ආරාධනා කර දෙහි තැබීම එකකින් එක කට හත් අඩියට සිදු කර මැණික් පැල දේවියගේ දෙහි කැපීම සිහිපත් කර වරම් ගැනීම ඒ සඳහා භාවිත කරන ගිරයේ උපත සිහිකර අඩියෙන් අඩිය වින කැපීම ආදී සියලුම දේ විචිත්රව කිවියෙන් සිදු කර නැවත කවියෙන් විස්තර කර විලක්කු තබා ආතුර දොස් දුරුකරන අතිශය දැකුම් කළු ශාන්ති කවියක් වන අතර මෙය බලා සිටින අයට මහඟු මානසික සහනයක් ලැබෙන දෙයකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk