Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහයට, ආකර්ෂණයට, ව්‍යාපාර දියුණුවට බලගතු යන්ත්‍රයක්

1 year ago 7 Min read
Subha.lk
සිත් ආකර්ෂණය කරගන්නට හැකි සිනාවක් ඔබට ඇත්නම් වාසනාවකි. බොහෝ පුද්ගයන්ට සිනාසෙන්නට නොහැක. ඒ මුඛයේ දත් නැති නිසා නොව හදවතේ දයාව කරුණාව සෙනෙහස නොමැති නිසාය. ජ්යොතිෂයේ එන ‘මාලවි’ යෝගයෙන් සිදුකරන්නේ අන් අයගේ සිත් ආකර්ෂණය කරගන්නට හැකි චරිතයක් ඇති බවයි. එසේම “සස” යෝගයෙන් ද සිදුකරන්නේ ප්රසන්න පෙනුමක් ලබාදෙන බවයි. මෙවැනි යෝගයක් ඔබට ඇත්නම් ඇත්තෙන්ම ඔබ වාසනාවන්තය. අන් අයගේ සිත් දිනා ගන්නට හැකි නම් ඔබට විවාහය මහ ලොකු ප්රශ්නයක් නොවේ. ඔබේ වෙළඳ ආයතනයට හෝ රාජකාරි ස්ථානයට එන පුද්ගලයාගේ සිත් දිනා ගන්නට ඔබට වාසනාව ඇත්නම් එය ඔබේ පෙර භවයේ ලැබූ පිනකි. කොතරම් ධනය තිබුණ ද දේපළ තිබුණ ද උගත්කම තිබුණ ද පවුලේ ලොකු ලොකු පුද්ගලයන් සිටිය ද ඇතැම් තරුණ තරුණියන්ට නිසි කලදී විවාහයක් සිදු නොවීම ඇත්තෙන්ම අවාසනාවකි. විවාහ ප්රමාද වීමට බොහෝ කරුණු ඇත. ඒවා වෙන වෙනම බැලුවොත් එය දිගු ලිපියක් වනු ඇත. එහෙත් ඔබට උනන්දුව ඇතත් එන එන මංගල යෝජනා කඩා වැටෙන්නේ නම් කුමන හෝ ගැටලුවක් තිබිය යුතුම නේද? ජ්යොතිෂවේදීන් ලෙස අප වෙතට එන තරුණ තරුණියන් මෙන්ම දෙමාපියන් ද මේ නිසා කොපමණ අසහනයකින් පසුවන්නේ ද කියා සිතාගත නොහැකි තරම්ය. ඇයි ඒ එසේ වූයේ? නගරයේ හෝ වේවා ගම්බද හෝ වේවා ඇතැම් ව්යාපාර ස්ථානවලට සෙනඟ පොරකකා ඇදෙන අතර එම භාණ්ඩම අලෙවි කරන ඇතැම් ව්යාපාර ස්ථානවලට “මැස්සෙක්වත්” නොවන අවස්ථා ඇත. එසේම ඔබ මදක් සිතා බලන්න එකම රැකියාවක් කරන දෙතුන් දෙනකු ගැන උදාහරණ ලෙස උසාවියේ ඇතැම් නීතිඥ මහතුන් වෙත මිනිසුන් ‘පොදි කන’ අතර ඔවුන්ගෙන් දිනයක් ලබා ගැනීම ද අපහසුය. එහෙත් ඇතැම් නීතිඥ මහතුන් උසාවියට ඇතුළු වන ස්ථානයේම “ගොදුරක් ඩැහැගන්නට” මාන බලා සිටින අයුරු අපූරු දර්ශනයකි. එකම උසාවියේ සිටින එකම විභාගය සමත් නීතිඥ මහතුන් දෙදෙනකුගේ වෙනස පුදුමයි නේද. වෛද්යවරුන් ගැන ද ටියුෂන් ගුරුවරු ගැන ද ඇත්තේ මෙවැනිම සිදුවීම්ය. ලංකාවේ ඇතැම් ආගමික වෙහෙර විහාරවලට එදා වේල (දානය) නොලැබෙන අතර ඇතැම් විහාරස්ථානවල ඇති සම්පත් කියනුම කවරේද? මේවාට අප පවසනු ලබන්නේ ලැබීමේ හැටි කියාය. එය ලැබීමේ හැටිනම් “ලබාගැනීමේ” හැටිද අප දතයුතුය. විවාහය ප්රමාද නම් ඒ ප්රමාද දෝෂය හඳුනාගෙන ආදරය දිනාගන්නට අවශ්ය මාර්ගය සොයාගත යුතුය. දුක ඇත්නම් දුක නැති කිරීමේ මාර්ගය ද බුදු හිමි දේශනා කොට ඇත. එසේ නම් විවාහයට දෝෂ ඇත්නම් ඒ දෝෂ ඉවත් කර ආකර්ෂණය දිනාගන්නට උත්සාහ කළ යුතුය. ඔබේ ව්යාපාර ස්ථානයට මිනිසුන් එන්නේ නැති නම් මිනිසුන් ගෙන්වා ගන්නට ආකර්ෂණ ඇති කර ගන්න ක්රම උපක්රම යොදාගත යුතුය. ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබ ජනප්රිය නැති නම් ජනප්රිය වන්නට මාර්ගය සොයාගත යුතුය. මාර්ගය ඇත්නම් මාර්ගය පැහැදිලිව ඇත්නම් ඒ මාර්ගය හරස් කර ගන්නේ ඇයි? හැඩට වැඩට ඇන්දාම ව්යාපාර ස්ථානයේ විවිධ වර්ණ ආලේප කළාට ඔබට ආකර්ෂණයක් නැති නම් ඒ කරන වියදම් අපතේ යෑමකි. අප විවාහය ප්රමාද වීම වළක්වා මාස දෙක තුනකින් විවාහය සිදු කරන්නටත්, තරගකාරී වෙළඳපොළේ හොඳ තරගකාරයකු වන්න මඟ හදා ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය, වාසනාව උදා කරන්නට අවස්ථාව ඇත. නිවැරදිව ඒ පුද්ගලයා තෝරාගෙන අවශ්ය පිළියම් යොදාගත යුතුය. අප මේ සඳහා යොදාගත හැකි පිළියම් මොනවාදැයි සොයා බලමු. ඇතැම් විට ඔබගේ ග්රහ දෝෂ, ග්රහ අපල නිවසේ වාස්තු දෝෂ බලපාන අවස්ථා ඇත. ඒත් ග්රහ අපල නොමැති වාස්තු දෝෂ නොමැති අයටත් ඉහත කී ලෙස විවාහය ප්රමාද වන්නේ නම්, ව්යාපාර බිඳ වැටෙන්නේ නම් ඔබගේ මානසික තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත. ජ්යොතිෂ විද්යාවෙන් මෙන්ම ගුප්ත විද්යාවෙන් ද ඔබට අතහිත දීමට හැකියාව ඇත. විවාහය ප්රමාද වන්නේ නම් “හොඳ මඟුල් කපුවෙක්” සොයා ගන්නැයි උපදෙස් දීම විහිළුවකි. ඔබ මේ වනවිට කපුවන්ට සෑහෙන මුදලක් වැය කර ඇති බව පැහැදිලිය. ව්යාපාර දියුණුව ගැන ද එසේමයි. ව්යාපාරය පවත්වා ගෙන යෑමට වඩා ව්යාපාරය දියුණු කර ගන්නට නැතහොත් රැකියා ස්ථානයේ ආකර්ෂණය ලබාගන්නට ඔබට අවශ්යතාවය ඇතත් එය නොහැකි නම් ලත නොවන්න. ඉහත දෝෂ මඟහරවා ගෙන ජීවිතය සාර්ථක කර ගන්නට “මාතාංගේෂ්වරී’ යන්ත්රය පැළඳීම වැදගත්ය. විවාහ ප්රමාදය වළකා ගන්නටත් රැකියා දියුණුවටත්, ව්යාපාර දියුණුවටත් මේ සියල්ලටම ‘සුදුසුම’ යන්ත්රය මාතාංගේෂ්වරී’ යන්ත්රයයි. එය තඹ තහඩුවේ ලියා රිදී සුරයක හෝ රන් සුරයක පැළඳීම නිසා පුද්ගල ආකර්ෂණය ලැබේ. සුරයක් පැළඳීම අපහසු නම් නොයිඳුල් රන්තැඹිලි තෙල් හෝ සුදු හඳුන් තෙල් ජීවම් කොට කුඩා සුරයක පැළඳීම මගින් මාස තුනක් වැනි (අත්දුටු සත්යයකි) කාලයක් තුළ ඔබේ බලාපොරොත්තු ඉටු කරගත හැකිය. අනෙක් යන්ත්ර ජීවම් කරනවාට වඩා ‘මාතාංගේෂ්වරී යන්ත්රය ජීවම් කිරීමේ වෙනසක් ඇත. අනෙක් යන්ත්රවලට මෙන්ම ‘පේවීම’ අවශ්යය. එසේම මේ යන්ත්රය ජීවම් කළ යුත්තේ ඔබගේම නමටය. ඒ නිසා මාතාංගේෂ්වරී යන්ත්රය අන්ය කෙනෙකුට පැළඳීම කළ නොහැක. මෙය කාන්තාවන් විසින් ජීවම් නොකළ යුතුය. එසේම යන්ත්රය ජීවම් කරන කාලය තුළ කාන්තාවන් විසින් සපයනු ලබන ආහාරපාන නොගත යුතුය. එසේම යන්ත්රය පළඳින්න හැකිතාක් කාලයක් ඇදුරා අසල රඳවාගත යුතුය. මෙසේ නිවැරදිව ජීවම් කරන මාතාංගේෂ්වරී යන්ත්රය පැළඳ ඔබේ විවාහය ඉක්මන් කරගන්න. ව්යාපාරය සාර්ථක කරගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk