Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පීතෘ සාප නසන උඳුවප් අමාවක

1 year ago 7 Min read
Subha.lk
රවි යනු රාජ්ය කාරක මෙන්ම පීතෘ කාරක ග්රහයායි. වේදීය ජ්යොතිෂයට අනුව දෙසැම්බර් මාසයේ යෙදෙන උඳුවප් අමාවක පොහොය දිනය දර්ශා අමාවක පොහොය ලෙස සැලකේ. මෙහි වැදගත්කම නම් පීතෘ දිව්ය ලෝකයේ ආශීර්වාදය ලබාගත හැකි වීමයි. මෙය හුදෙක් කථාන්තරයක් ලෙස අයෙක්ට සිතිය හැකි වුවත්, ජ්යොතිෂමය අර්ථය අර්ථාන්විතය. ජ්යොතිෂ්යානුකූලව රවිගේ ග්රහ පිහිටීම් අනුව පීතෘ සෙනෙහස ලැබේ ද නොලැබේ ද පැහැදිලිව දැකගත හැක. එය විවිධාකාර වේ. පළමු ආකාරය නම් දරුවා ඉපදීමට පෙර මියයෑමයි. දෙවන ආකාරය දරුවා ඉපදී තුන් මසක් තුළ පියා මියයෑමයි. ඊළඟ ආකාරය සත් වසරක් තුළ දරුවා මියයෑමයි. විවාහ දිවියට ඇතුළුවීමට පෙර එනම් වසර 30කට පෙර ශනි උපතේ සිටි තැනට යළි ඒමට පෙර පියා මියයෑමයි. තවද පියා ජීවත්ව සිටිය ද දික්කසාද වී සිටීම, රැකියාව සඳහා දිගු කාලීනව විදේශගතව සිටීම පෙන්වා දිය හැක. තවත් ශෝචනීය කරුණක් නම් පිය පුතු ගැටුම් කුඩාකල සිට නිර්මාණය වී පිය සෙනෙහස අහිමි වීමයි. මේ කොයි අයුරකින් වුවත් දරුවාට පියාගේ ආදරය, කරුණාව, සෙනෙහස, රැකවරණය අහිමි වන්නේ නම් එය ජ්යොතිෂ්යානුකූලව දෝෂයකි. සසරේ එවන් දෝෂ පලදීමට නම් පෙර භවයක තම පියාට නිසි පරිදි නොසැලකීම ප්රධානතම හේතුවක් විය හැක. විශේෂත්වය නම් එවැනි අවස්ථාවන්වල පියාගේ සුසුම් වා තලයට එකතු වීමයි. එය තමා කරා එන්නේ සාපයක් ලෙසයි. තවද තමාට පියකු සේ සැලකූ, පියා නොමැති කල හැදූ පියා වැනි අයට කළගුණ නොසැලකීමෙන් පෙරලා එන අසමතුලිත චිත්ත ආවේගයනුයි. මේ සෑම පැත්තකින්ම ජන්මියා වෙත පීතෘ සාප උදාවිය හැක. කෙසේ වෙතත් අමාවසු රජුගේ දියණිය වූ අචෝද්යා මෙම උඳුවප් අමාවක පොහොය දිනය එම සාප දුරු කරන දිනය ලෙස නම්කර තිබේ. ඒ අනුව දෙසැම්බර් 22 රාත්රී 7.11 න් පසුව පුද පූජා පවත්වා අතීත මුතුන් මිත්තන්ට පින් දීමෙන්, පීතෘවරුන්ට පින් දීමෙන් සසරේ සාප දෝෂ දුරු කරගත හැක. සසරේ පීතෘ ණය බර අඩු කර ගත හැක. ඒ සඳහා එදින දහවල් නිරාහාරව සිට දුගී මගී යාචකයන්ට දන්දීම යෝග්යය. 1. තවද වයෝවෘද්ධ හිමිනමකට දානය දීම, බෙහෙත් ඖෂධ දීම ශුභයි. 2. එදින රාත්‍රී පස්තෙල් පහන් දල්වා බෝධි පූජා පවත්වා, පිරිත් දේශනා කර, ඥාතීන්ට, දෙවියන්ට පින් දීම ශුභයි. 3. හින්දු කෝවිල්වල පවත්වන පූජාවලට සහභාගි වීම ද යෝග්‍යයි. 4. මෛත්‍රී භාවනාව සිදු කිරීම විශේෂයි. මේ සෑම ආකාරයකින්ම සසරේ ණය නොවී, ධනය, නිරෝගී බව ඔබට උදාවනු ඇත. සෙසු ග්රහ දෝෂ ද අවම වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk