2022 නව වසරට සියලු ග්‍රහ අපල දුරු කරන නවග්‍රහ ශාන්ති සුවඳ ධූපය සාදා ගනිමු
මේ වන විට බලපා ඇති ග්‍රහ විෂමාචාරය නිසා නිතර නිතර පීඩා විඳින අයට මෙන්ම සියලු දෙනාටම පාහේ් සිදුවන ග්‍රහ උවදුරු දුරු කර සර්වාර්ථ සිද්ධිය පිණිස යොදාගත හැකි නවග්‍රහ ශාන්ති සුවඳ ධූපයකි මේ.
මෙම සුවඳ ධූපය සඳහා නුගකොළ - කොළොං කොළ, බෙලි කොළ, කරඳ කොළ, කොහොඹ කොළ, කවඩි, සාම්බ්‍රාණි, සුදු හඳුන් කුඩු, පළමුව සපයාගන්න. කොළ වර්ග මඳ අව්වේ වියළා කුඩු කරගන්න. ඉන්පසු සියල්ල මිශ්‍ර කර මල්, බුලත්, ආසනයක් තනා එහි තබා හඳුන්කූරු, පහන් දල්වා පිරිසුදුව පහත ගාථා දෙකින් 108 වර ජීවම් කර ගන්න. ජීවම් කළ පසු “ සබ්බාව මංගල බුපද්දව දුන්නි නිමිත්තං යන ගාථා තුන 21 වර කියා දෙවියන්ට පින් දෙන්න.
“සූර්ය චන්ද්‍රානී අංගාරකාය
බුද්ධේ ගුණේ භාර්ගව නාමකාය
පණීය බ්රහ්මා ශ්නිස්වරාය
දෝෂ ග්රහෝ පද්ද විනාශනාය
සද්ධිං බලං සූරිය සෝමවන්තො
විරියංගකාරං ඥානේ බුධස්ස
සම්භාවයං ගුරුන් සිරිවන්ත ශුකේරා්
ආයු ශනිශ්වර නම ග්‍රහ සර්ව සිද්ධිං”
මෙයින් සුවඳ ධූපය ජීවම් කොට නිවෙසේ නිතර හැකි තරම් පිරිසුදුව තබාගෙන උදේ සවස දුම් ඇල්ලීම නිසා සියලු උපද්‍රව දුරුවී සෙත ශාන්තිය උදා වන්නේය. නිවෙසේ ආලෝකය, සෞභාග්‍යය, ධන ධාන්‍ය ආදී ලැබීම්, යස ඉසුරු සම්පත් වර්ධනය වේ. සුබ දිනක සුබ මොහොතකින් මල් ආසනය සාදා කටයුතු කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
සියලු ලෝකවාසීන්ට සුබ වසරක් වේවා !