Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුධ පරදා නෙප්චූන්ට ජය අර්බුදය උග්‍ර අතට

1 year ago 7 Min read
Subha.lk
මෙම මාර්තු 16දා බ්‍රහස්පතින්දා ප.ව. 10.44ට සිදුවන බුධ සහ නෙප්චූන් අතර යුද්ධයෙන් නෙප්චූන් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරීමක් පෙන්නුම් කෙරේ. ගුරුට අයත් මීන රාශියේ ගුරුගේ නැකැත්වල ගමන් කරමින් සිටියදී මෙම ග්‍රහ යුද්ධය සිදුවන අතර එය ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ දෙවැනි භාවයේදී සිදුවෙයි. ලෝකායත ජේ‍යතිෂයේදී දෙවැනි භාවයෙන් බැංකු ක්‍ෂේත්‍රය, රාජ්‍ය ආදායම, භාණ්ඩ ගබඩා කිරීම සහ ව්‍යාපාරික අංශ නියෝජනය කෙරේ. මෙම ග්‍රහ යුද්ධයේදී පරාජයට පත්වන බුධ ග්‍රහයා නියෝජනය කරන්නේ ශාස්ත්‍රීය කටයුතු, බුද්ධිමතුන් සහ වෙළෙඳ කටයුතු හා නීතිය හා සාධාරණත්වයයි. ජයග්‍රහණය කරන නෙප්චූන් ග්‍රහයාගෙන් ඡන්ද විමසීම, කුමන්ත්‍රණ, සොරකම්, නීති විරෝධී ක්‍රියා සමඟ දාමරික ක්‍රියාවන් නිවේදනය වෙයි. ඒ අනුව බුධ සහ නෙප්චූන් ග්‍රහයා යුද වැදී නෙප්චූන් ජයග්‍රහණය කිරීමේ මෙම සංසිද්ධිය විමසීමේදී පෙනී යන්නේ සමස්තයක් වශයෙන් මෙරට දැනට පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවයි. නෙප්චූන් ග්‍රහයාගේ බලවත්වීම හේතුවෙන් මහජනතාව මත වන පීඩනය වැඩිවීම, මහජන සාමයට බාධා ඇතිවීම, බලාපොරොත්තු විය හැකි අතර නීතිය සහ සාධාරණත්වය අහිමි කරමින් මර්දනය ක්‍රියාත්මක වීමේ වටපිටාවක් ගොඩනැඟීමට පරිසරය සැකසෙයි. මාස හයක් ඇතුළත මෙම ග්‍රහ යුද්ධයේ බලපෑම ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන අතර මහජනතාවත් රටත් බලවත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන තත්ත්වයක් ඇතිවනු ඇත. භු කම්පන සහ ජල ගැලීම්වලට පවා මෙම ග්‍රහ බලපෑම හේතුවේ. මෙම කාරණා හොඳින් අවබෝධ කරගනිමින් ධර්මානුකූල ජීවිතයකට යොමුවීම සැමට යහපති.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk