Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මාර්තු 13දා කුජ මිථුනයට වෘශ්චික ලග්න හිමියන්ට ප්‍රබල වෙනසක්

1 year ago 7 Min read
Subha.lk
කුජ ග්‍රහයා මෙම 2023 වසරෙහි මාර්තු 13 වැනිදා පෙ.ව. 05.01ට මිථුන රාශියට පිවිසෙන අතර 2023 වසරෙහි මැයි 10 වැනිදා ප.ව. 1.47 වන තෙක්ම තම මිථුන රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව මෙම වසරෙහි මැයි 11 වැනිදාත්, මැයි 16 වැනිදාත් අතර කාල සීමාව තුළ රිය අනතුරු, වෙනත් හදිසි අනතුරුවල වැඩි වීමක් සිදු විය හැකි බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පරීක්ෂාකාරීව කාලය ගත කළ යුතුය. විශේෂයෙන් චන්ද්‍රයාද නීචව හැසිරෙන මේ වසරෙහි මාර්තු 13 වැනිදා පෙ.ව. 2.18ත් මෙම 2023 වසරේ මාර්තු 15 වැනිදා පෙ.ව. 7.33 අතර කාල සීමාව තුළ වඩාත් පරීක්ෂාකාරීව කාලය ගත කළ යුතුය. ඉහත කී ආකාරයට කුජ ග්‍රහයා මිථුන රාශියට ගෝචර වීමට අනුව මෙම 2023 වසරෙහි මාර්තු 13 වැනිදාත් මැයි 10 වැනිදාත් අතර කාල සීමාව තුළ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි අංශ පිළිබඳවද කුඩා දරුවන් පිළිබඳවද අසුබ ආරංචි ලැබෙන්නට ඉඩ ඇත. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව මැයි 10 වැනිදා ආශ්‍රිතව සහ කෘෂිකර්මාන්ත හෝ ක්‍ෂේත්‍රය පිළිබඳවද දේපළ පිළිබඳව අසුබ ආරංචිවලට ඉඩකඩ ඇති අතරම ආගමික අංශ සම්බන්ධව සහ ආගමික උතුමන්ලා සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ ආරංචිවලටද ඉඩකඩ ඇත. කුජ ග්‍රහයා මිථුන රාශිය කරා පිවිසීම වඩාත්ම තීරණාත්මක වන්නේ වෘශ්චික ලග්න හිමියන්ටය. වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දර සටහන්වල ගුප්ත ස්ථානය නොහොත් 8 වැනි භාවය තුළට කිසිදු ගුප්ත බවකින් තොරව එළිපිට ක්‍රියා කරන ග්‍රහයකු වන කුජ ග්‍රහයා පිවිසීමට අනුව නිර්මාණය වන අසාමාන්‍යතාවට අනුව එය එසේ සිදු වෙයි. ඒ අනුව වෘශ්චික ලග්න හිමියන්ට මෙම වසරෙහි මාර්තු 13 වැනිදාත් මැයි 10 වැනිදාත් අතර කාල සීමාව තුළ දැනට පවතින තත්ත්වයෙහි වෙනසකට ඉඩ ඇති අතර එම වෙනස රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමක් ලෙස හෝ රැකියාවේ ඉල්ලා ඇති හෝ ඉල්ලා නොමැති ස්ථාන මාරු වීමක් ලැබීමක් ලෙස හෝ රැකියාව කරන ගොඩනැඟිල්ල, කාමරය, කාර්ය මණ්ඩලය මාරු වීමක් ලෙස හෝ තිබෙන රැකියාවන්වල උසස් වීම් ලැබීමක් ලෙස හෝ අලුත් රැකියාවක් ලැබීමක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. මීට අමතර ලෙස මෙම වසරෙහි මාර්තු 13 වැනිදාත් මැයි 10 වැනිදාත් අතර කාල සීමාව තුළ සිදු වන වෙනස පදිංචි ස්ථානයේ වෙනසක් ලෙස හෝ පදිංචි ස්ථානයේ සාමාජිකයන් සංඛ්‍යාවේ වෙනසක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. තවද කුජ ග්‍රහයා මේ ආකාරයට මිථුන රාශියට පිවිසීමට අනුව වෘශ්චික ලග්න හිමියන්ට මෙම වසරෙහි මාර්තු 13 වැනිදාත් මැයි 10 වැනිදාත් අතර කාල සීමාව තුළ දැනට පවතින අතිරේක ආදායම් මාර්ගයක් නැවතීමට සහ අලුත් අතිරේක ආදායම් මාර්ගයක් ඇති වීමටද අභ්‍යන්තර මානසික තත්ත්වය සම්බන්ධව ප්‍රබල වෙනස්කම්වලටද දෙගිඩියාව රජයන්නටද, කිසියම් අලුත් කටයුත්තක් ආරම්භ කිරීමට හෝ ඒ සඳහා ඉඟි ලැබීමට හෝ ඒ සඳහා දින නියම වීමටද ඉඩකඩ ඇත. කෙසේ වෙතත් වෘශ්චික ලග්න හිමියන් මෙම වසරෙහි මාර්තු 13 වැනිදාත් මැයි 10 වැනිදාත් අතර කාල සීමාව තුළ අනතුරු පිළිබඳව සහ අසනීප පිළිබඳව වෙනදාට වඩා පරීක්ෂාකාරීව කාලය ගත කළ යුතුය. කුජ ග්‍රහයා මිථුන රාශියට පිවිසීමට අනුව කන්‍යා ලග්න හිමියන්ට මෙම වසරෙහි මාර්තු 13 වැනිදාත් මැයි 10 වැනිදාත් අතර කාල සීමාව තුළ රැකියා ස්ථානය තුළ සුළු වශයෙන් හෝ බාධාකාරී තත්ත්ව ඇති විය හැකිය. ඒ නිසා එම කාල සීමාව තුළ ඔවුන් ආයතන ප්‍රධානියා සමඟ වාද විවාද ආදියට නොයා යුතුය. කුජ ග්‍රහයා මිථුන රාශිය තුළ ගෝචර වීමට අනුව මෙම වසරෙහි මාර්තු 13 වැනිදාත් මැයි 10 වැනිදාත් අතර කාල සීමාව තුළ හිටපු රාජ්‍ය නායකයකුගේ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබෙන්නට හෝ අලුත් සිද්ධියක් සිදු වන්නට ඉඩකඩ ඇත. මෙම වසරෙහි මාර්තු 12 වැනිදා සිකුරු ග්‍රහයා මේෂ රාශියටද මෙම මාර්තු 15 වැනිදා රවි මීන රාශියටද මෙම මාර්තු 16 වැනිදා බුධ ග්‍රහයා මීන රාශියටද පිවිසීමට නියමිත වන අතර එම ග්‍රහ මාරුවලට අදාළ ප්‍රතිඵල මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk