Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධාරණ ශක්තියට-බුද්ධි වර්ධනයට-පාඩම් හිටින්න ශ්‍රී සරස්වතී දිව්‍යාක්ෂර මහා කල්ප යන්ත්‍ර රාජයා.

1 year ago 7 Min read
Subha.lk
ශ්රී සරස්වතී දේවිය උපත ලබා ඇත්තේ ඉන්දියාවේ සරස්වතී නදියේ පවිත්ර ජලයෙන්ය. එය නිරූපණය කිරීමට ඇය සුදු නෙළුමක් මත අසුන් ගෙන ඇත. ලලිත කලා ලොවේ සෞන්දර්යෙන් පිරුණු බව නිර්මාණය කිරීමට සමත් බව පෙන්වීමට ඇයට අත් හතරක් ඇත. එයින් එක් අතක අලංකාර වීනාවකි. එයින් කලා ලොවේ ඇය දෙව්දුව බව හඟවයි. තවත් අතක පළිඟුමය ජප මාලයකි. තව අතක විවිධ විද්යාවන්ට අධිපති බව පෙන්වීමට පොතකි. තව අතක මරකත මිණිවන් පියාපතින් රන් පැහැගත් තුඩින් හොබවන ගිරවෙකි. සුලකල තෙපුල් ඇති බවට අත්හි ලැගුම් ගෙන සිටින ගිරවා දෙස්දෙයි. මුහුණ පියුමක් බඳු පිරිපුන් පීන පයෝධරද, ශෝභමාන ළමැද සිහිනිඟෙන් හා පුළුලුකුලෙන් යුක්ත ශ්රී සරස්වතී දේවියගේ වාහනය ශ්වේත හංසයෙකි. එය දියෙන් කිරි වෙන් කර ගන්නා හංසයා තීක්ෂණ බුද්ධියේ පරම පවිත්රත්වයේ සංකේතයයි. මෙම හංසයා නිතර මුවදෙස බලාගෙනම වාඩිගෙන සිටිති. ඉහත විස්තර අනුව කලා රාජනිය ලෙස අභිෂේක ලැබූ සරස්වතී දේවිය නියත වශයෙන්ම වචනයට, විද්‍යාවට අධිපති වන්නීය. සාහිත්ය, සංගීතය, කාව්ය, නාට්ය, නැටුම්, චිත්ර කලා වැනි සෞන්දර්යාත්මක විද්‍යා අංශයන් ඇගේ බැල්ම යටතේ පවතී. අතීතයේත් වර්තමානයේත් දඹදිව භාරතීය බ්‍රාහ්මණයෝ මෙන්ම ඍෂිවරුන් පාඩම් කිරීමට හා පාඩම් කළ දේ මතක තබා ගැනීමට අති සමත්වූහ. ත්‍රිවේදය වැනි ගැඹුරු ධර්මයන් දිවග ලෙළවා කීමත් ධාරණ ශක්තිය ලැබූ පඩිවරු වගේම අදත් ඉන්දීය සමාජයේ සිටිති. ඒ බුද්ධි බලය හා ධාරණ ශක්තිය ලබා ගත්තේ ඔවුන් සරස්වතී බල පිහිටුවා සකසාගත් තෛල, අඳුන්, ඔෟෂධීය කල්ක හා සරස්වතී යන්ත්ර හා පූජාවන් පවත්වා ධ්‍යානකොට ගත් යන්ත්රවල බලමහිමයෙන්ය. ඔබගේ දරු දැරියන්ගේත් ධාරණ ශක්තිය ඇති වී බුද්ධි වර්ධනය වී පාඩම් කරන දේ මතකයේ තබාගැනීම සඳහා මෙම මහා බලයක් ඇති ශ්‍රී සරස්වතී දිව්‍යාක්ෂර මහා කල්ප යන්ත්ර රාජයා කර පැලඳ මෙම දැහැනද කියවන්න. පළමුව ශ්‍රී සරස්වතී දේවියට පූජාසනයක් සාදා එහි, මැටි පහනක් තබා තැඹිලි තෙල් දමන්න. ලද පස් මල්, නෙළුම්මල් තම නමේ අකුරු ගාණට, පිච්ච මල්, බුලත් 7, ඇස්සකැපූ තැඹිලි ගෙඩියක්, අඹ ගෙඩි 3ක්, උක්ගස් කෑලි 2ක්, කිරිබත් කෑලි 7, අග්ගලා, මුංගුළි, කොකිස්, කැවුම්, තලකැරලි, වී ටිකක්, මී පැණි, බෙලිකොළ, පඬුරු ආදිය තබා මෙම මන්ත්‍රයෙන් 324 වරක් ජප කරන්න. “ආං ලූං ඉති දිව්‍යාක්‍ෂරෝ මන්ත්ර– ආං ලූං” දෙවනුව මෙම මන්ත්‍රයෙන් 108 වරක් කියා ජප කරන්න. “ඕං නමෝ ගොපළු මහරජ්ජුරුවන් වහන්සේ උගත් විජ්ජාව දහසක් රුසිවරයන්ඩ පාඩම් නැත කී තැනේදී උන්වහන්සේගේ අතේ තිබුණු පේරැස් මුදු හිරුව නේරංජනන් ගංගාවට දමා එදා විජ්ජාව පාඩම් කළ ආඥාවෙන් ආනුභාවෙන් අදත් (…… නම…….) විජ්ජාව පාඩම් වේවා. ඕං භගවන්තා අයියානේ කෛ අධික්කෝන් ත්‍රිබුවනේ සරස්වතී දාරන් ඕං ශ්‍රියා කාන්තා දේවි මහී කාන්තා දේවී ගණපති කීසක් අගුල ඇරී ආවේසු ප්‍රලේ දාරනේස්ව– ඕං ශ්‍රී මුඛදාරනේ ස්ව– ඕ ගංගා දේවී සයිලාසනී ඉප්‍යදාරනී (……නම……) මුඛතුල දාරනේස්ව– ඕං ශ්‍රී ෙදාරනේස්ව– ඕං ශ්‍රී මුඛ දාරනේස්ව– ඕං සුරගුරු දාරනේ ස්ව–” (මෙම දැහැනේ නම යන තැනට දරුවාගේ හෝ අදාළ අයගේ නම ලියන්න. ජප කරන විට කියවන්න.) පුර පක්ෂයේ බුධ දිනක බුධ හෝරාවෙන් නැඟෙනහිර දිශාව බලා කළ යුතුයි. රංතැඹිලි තෙල් හෝ හඳුන් තෙල්ද මතුරා සුරයට දමන්න. පාඩම් කරන විට දිව අගගානු. පාඩම් හිටීමට, බුද්ධිය වර්ධනය වීමට, රාහු හා කේතුගේ අපල ඇති වූ විට බුද්ධියට බාධා කිරීමෙන් වැළකී වර්ධනය වීමට හා රාජවශියට, විභාග, තරග, උගුමන්ගේ සිත් දිනීමට යහපති. තමාගේ හෝ දරු දැරියන්ගේ සියලු කාර්යයන් සඳහා ඉතා ප්රබල යන්ත්‍රයකි. මෙය පලඳින්නා මස් මාංස ආදියෙන් තොර වුවහොත් ශුභ පල ලැබේ. (කිලිනොවදී)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk