සුබපල ලැබෙන අයුරෙන් ගේ ඇතුළේ පැළ හිටවන හැටි ගැන වාස්තු රහස්
නිවෙසක් ඉදි කිරීමෙන් අනතුරුව මිදුල සැකසීම හෙවත් උද්යාන අලංකරණය සාමාන්යයෙන් සිදු වන්නකි. මෙහි උපයෝගතාව ගැන බොහෝ දෙනාගේ අවධානය ලක් වුවත් නිවෙස අභ්යන්තරයේ රෝපණය කරනු ලබන පැළෑටි හා ඒවායේ ජෛවීය ලක්ෂණ පුද්ගල ජෛව ශක්ති ක්ෂේත්රයට බලපාන අයුරු පිළිබඳ විග්රහයක් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
පරිසරයේ පවත්නා ශක්ති ක්රියාවලිය පිළිබඳ මෙහිදී ගැඹුරු අධ්යයනයක් අවශ්ය වන බැවින් එහි වර්තමානයේ පවත්නා යම් ස්නායුක ක්රියාකාරිත්වයක් පිළිබඳව ආචාර්ය පද්මකාන්ත වඳුරාගලයන් නිරවුල්ව තහවුරු කර සිටියි. මේ ස්නායුක ක්රියාවලි සමඟ නිරන්තරයෙන් පවත්නා විද්යුත් චුම්භක ක්ෂේත්රය සම්බන්ධව පවත්නා බව ද වටහා ගත යුතු වේ.
මේ අනුව පරිසරයේ පවත්නා ශක්ති ක්ෂේත්රයන් පිළිබඳ විමසීමක් ද අවශ්ය වෙයි. අන්තරීක්ෂ ශක්තියත්, භූ ශක්තියත්, චුම්භක ශක්තියත් පරිසරයේ ශක්ති මරණයෙන් හුදෙකලා නොවන බව කිව යුතුයි. පැළෑටිවල පවත්නා ජෛව ශක්ති ක්ෂේත්රයන්ගේ ප්රබලතාව වැඩිවත්ම ඒ ආශ්රයේ ජීවත් වන නිවැසියන්ගේ ජෛව ශක්ති ක්ෂේත්රයන්ගේ බලවත් බවට හේතුවක් වෙයි. මේ හේතුව නිසා නිවාස අභ්යන්තරයේ පැළෑටිවල ප්රමාණය වැඩිවත්ම ජෛව ශක්ති ක්ෂේත්රයේ ප්රබලතාව වැඩි වෙයි. එවිට නිවැසියන්ගේ ශක්ති ශරීරය බලවත් වන්නට පටන් ගනී. ශක්ති ශරීරය බලවත් වීම මෙවැනි පැළෑටි වෙතින් වන යහපත වුවත් වෙනත් භෞතික සාධක පිළිබඳව ද සැලකීම පොදුවේ අවශ්ය වෙයි. විවිධ වායුමය විමෝචනයන් ආදිය නිසා වන අයහපත් හා යහපත් බලපෑම පිළිබඳ තක්සේරුවක් සහිතව එවැනි පැළෑටි රෝපණය කළ යුතුවේ.
මෙවැනි හේතුවක් අනුව විශේෂයෙන් විවෘත අවකාශයන්හි පැළෑටි රෝපණයේදී උණ කුලයේ ශාඛ රෝපණය අතිශයින් ප්රතිඵලදායක බව අප විසින් අවධානයට යොමු කළ යුත්තකි.
අධිරාජ්යවාදීන්ගේ යුගයේ සිට බෝ කරන ලද මුසාවක් වූ බෝධි වෘක්ෂය නිවසක රෝපණය නොකළ යුතුයි යන අදහස ද අප පිළිකෙවු කළ යුතු වේ. ඒ අනුව නිවෙස මධ්යයේ හෝ ඉඩ පහසු ඇති ඕනෑම පිහිටුමක බෝ ගසක් රෝපණය කිරීම ද අතිශය ප්රතිඵලදායක වේ. එහෙත් මෙය ඉතා විශාල වන බැවින් බෝධිඝර පිහිටු වීමේ පැරණි ශිල්ප ද සලකා මුල පැතිර නොයන පරිදි මූල පද්ධතිය පාලනය කිරීම ද සිදු කළ යුතුම වේ.