Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දැනගෙන දිය යුතු බුලතේ බලය

1 year ago 7 Min read
Subha.lk

බුලත් අතට බුලත් 40ක් ලෙස සම්මතයට ගැනීම අතීතයේ චූලෝදර මහෝදර නා රජුන් සමයේදී ලක්දිවට බුදුන් වහන්සේ වැඩම කළ අවස්ථාව දක්වා අතීතයට දිව යයි. ඒ සහෝදර විරසකය සමනය කිරීම සඳහා වැඩම කළ බුදුන් වහන්සේ ඔවුන් කැඳවා ඒ එක නායකයකු හට අතවැසියන් කොපමණ ප්රමාණයක් දැයි විමසන ලදී. එහිදී එක් අයකුට අතවැසියන් 20ක් බැගින් ඇති බව ඔවුන් පවසා සිටි විට ඒ හැම අයකුටම බුලත් කොළය බැගින් දී එම කොළ නායකයන් දෙදෙනාට එකතු කරන ලෙස දන්වා ඉන්පසු ඒ කොළ සියල්ල එනම් දෙදෙනා විසින් එකතු කරන ලද කොළ 40ම එකට එක්කර ඒ සියල්ල මෙන් එක්ව එක අතකට සිටින ලෙසත් එයින් තමාගේ ගෝත්රයට සිදුවන යහපතත් උන්වහන්සේ දේශනා කරන ලදී.

 

 එතැන් සිට බුලත් අතකට කොළ 40ක් අයත් විය. අද ද බුලත් අත කොටස් දෙකකට සිටින ලෙස එකතු කරනුයේ එදා ඒ කොළ එක් කළ ආකාරයට බව පැවසේ. බුලත ද නාග ලෝකයෙන් මෙලොවට ලැබුණු දෙයක් බව එය නාගයන් දෙකොන නවා කටින් රැගෙන ආ බවද එනිසාම අද ද වැඩිහිටියන් බුලත් කන අවස්ථාවේදී ඒ දෙකොන කඩා දමා බුලත් විට සාදා ගන්නා බව ද බොහෝ අය දන්නා කරුණකි. බුලත ද කොටස් දෙකකට හඳුන්වා දී ඇත. ඒ, නාගවල්ලි බුලත් සහ සාමාන්ය බුලත් යනුවෙනි. නාගවල්ලි බුලත බොහෝවිට ගුරුකම් කටයුතු සඳහා භාවිත වන අතර එය විට සෑදීමට භාවිත නොකරයි. බුලත් කොළයෙහි විශේෂිත ආකර්ෂණ ශක්තියක් ඇති බව ඔබ නොදන්නවා ඇත. එනිසාම බුලත් අතක් දීමෙන් සිත්වල ඇති සියලුම තරංගයන් සමතයකට පත්කර දෙන අයට මෙන්ම එය ලබා ගන්නා අයට ද යහපත් සිතුවිලි ජනිත වන බව ඔබ නොදන්නවා ඇත. 

 

වත්මන් සමාජයේ බුලත වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වුවද පීදුන කොළයක ඇති විශේෂිත රටාවන් මගින් ඔබගේ ජීවිතය, මවු පාර්ශ්වය, පිය පාර්ශ්වය, දූ දරුවන්, ලෙඩ දුක් මෙන්ම ඔබ ශාස්ත්රයක්, නිමිත්තක් බැලීමට පැමිණියේ නම් ඒ කරුණු කාරණාව පිළිබඳව ද නිවැරදිව විග්රහ කිරීමට තරම් විශිෂ්ට ශාස්ත්රයක් ද බුලත් කොළය හා බැඳී පවතියි. බුලත් කොළය ද පුරුෂ, ස්ත්රි, නපුංසක යනුවෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර බුලත් වගා කරන අය එය පීදුන කොළ, රෑන් කොළ සහ කඳ කොළ යනුවෙන් වර්ගීකරණය කර ඇත. සම්මතයක් වශයෙන් බුලත් අත පීදුන කොළවලින් යුක්ත විය යුතු අතර අද සමාජයේ එවන් පූර්ණ වූ බුලත් අතක් සොයා ගැනීම ඉතාමත් අසීරුය. බුලත් අතක් පිළිගැන්වීමේදී එහි නැටි තිබෙන පැත්ත පිදිය යුතු තැනැත්තාගේ පැත්තටත් අගිස්ස තමන්ගේ පැත්තටත් සිටින ලෙස එය පිළිගැන්විය යුතුය. මරණයක් ද දැන්වීම සඳහා ද බුලත් යොදා ගැනීම ද අතීතයේ පැවති චාරිත්රයකි. එහිදී බුලත් අත පිළිගන්වන්නේ නැටි පැත්ත තමාගේ පැත්තට සිටින ලෙස හරවාය. එවිට එය පිළිගන්නා තැනැත්තා එය මරණයක් දැන්වීමට බව වටහා ගන්නවා ඇත. ග්රහ පූජාවලදී භාවිත කරනුයේ බුලත් 27ක් පමණි. එයට හේතුව නැකැත් 27 සංකේත කිරීම ඒ මඟින් සිදු වන නිසාය.

 

 මංගල උත්සවවලදී පිළිගන්වනු ලබන බුලත් හෙප්පුවේ තබනුයේ බුලත් 21 පමණකි. වශී ගුරුකම් සඳහා ද ගුප්ත විද්යා ශාස්ත්රයේදී භාවිත කරන දෙයක් වන බුලත ශාන්ති කර්ම මෙන්ම වින කිරීම සඳහා ද යොදා ගන්නවා ඇත. නිසි අයුරින් බුලත් අතක් සාදා එහි බුලත් කොළයක නම සඳහන් කර ජීවම් කිරීමෙන් පසු කළ යුතු දෙය ශාස්ත්රය හොඳින් දන්නා අය සිදු කරනවා ඇත. යම් දෙයක සුබ කටයුත්තක්, ජයග්රහණය කර ගැනීමට යන අවස්ථාවලදී බුලත් කොළයකට මතුරා එය රැගෙන යෑමට දෙන අවස්ථා ද ඇත. එමෙන්ම බුලත් කොළයට මතුරා මුඛෙහි තබාගෙන ගොස් තමන්ට විරුද්ධ පුද්ගලයාට පිඹීම හෙවත් තාලමක් පිඹීම ද මේ මඟින් සිදු කරනු ලබන ඉතාමත් භයානක දෙයකි. එම ශාස්ත්රය හොඳින් ප්රගුණ කළ වෛද්ය ආචාර්යවරයකු හට බුලත් අත පිළිගැන්වූ විට එහි මුල් කොළය, තුන් වැනි කොළය, හත්වැනි කොළය සහ නවවැනි කොළය වෙන්කර එයින් පළවෙනි කොළයෙන් ලෙඩදුක් ඇත්නම් එය පරම්පරාගත රෝගයක් ද නැතහොත් රෝග මූලය කුමක් ද යන්න මෙන්ම එහි නාරටි ගණන අනුව පවුලේ විස්තර ද මවු පාර්ශ්වයෙන් පැවත එන රෝගයක් ද, පිය පාර්ශ්වයෙන් පැවත එන රෝගයක් ද යන්න නිවැරදි ලෙස පැවසීමේ හැකියාව ඇත. තුන්වැනි කොළය අනුව තත්කාලයේ නව ග්රහයන්ගේ පැවැත්ම එයින් ඇති වන බලපෑම් මත ඇතිවන රෝගයක් ද එහි ඇත් පැල්ලම්, නාරටි පිහිටා ඇති ආකාරයෙන් කිනම් අයුරක රෝගයක් ද, හත්වැනි කොළයෙන් අනවින, පැන්නුම්, කොඩිවන මඟින් සිදුවූ දෙයක් ද යන්නත් මෙන්ම 12 වැන කොළයෙන් රෝගය හෝ ප්රශ්නය නිරාකරණය කළ හැකිවේද යන්නත් 16 වැනි කොළයෙන් කොපමණ කාලයක් ඒ සඳහා ගතවන බවද යන්නත් නියත වශයෙන්ම පැවසිය හැකිය. නමුත් අද වන විට පරිපූර්ණ පීදුන කොළ සහිත බුලත් අතක් සොයා ගැනීමට අසීරු නිසාම මෙම උතුම් ශාස්ත්රය පසුබෑමකට ලක්ව ඇත. පීදුන කොළය ඉතාමත් පිරුණු ආකාරයට නාරටි නියම අයුරින් සමපාතව පිහිටා දෙපසට විහිදී පරිපූර්ණව ඇති අතර රෑන් කොළවල නාරටි දෙපස වෙන් වෙන්ව පිහිටා ඇති අතර කොළයේ දකුණුපස පමණක් පූර්ණව ඇත.

 

 කඳ කොළවල කිසිම ගැළපීමක් මෙන්ම පිරුණු ගතියක් ද නැති අතර හොඳින් පරික්ෂා කළ විට එය පැත්තක නැවී ඇති නැම්මක් සහිත බව ද ඔබට නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් වශී ගුරුකම් සඳහා පීදුන කොළ යොදාගන්නා අතර එහි දෙදෙනාගේ නම් ලියා විස්මිත ආකාර ජීවම් මඟින් මෙය සිදු කරනු ලබනු ඇත. මෙහිදී මෙම කටයුත්ත සිදු කිරීමට පෙර රාහු කාලය, පුර අවද යන්නත්, දිශාව මෙන්ම එම පුද්ගලයාගේ පක්ෂියාගේ අවස්ථාවන් ගණනය කර ජීවම ආරම්භ කරනවා ඇත. එසේම මෙය ද ඉතාමත්ම අති සාර්ථක ක්රමයක් බවද ගුප්ත විද්යාව පිළිබඳ දන්නා අය දනිති. එහෙත් මෙම ක්රියාව සිදුකිරීම එතරම් සුබදායක නැත. එසේම තමන්ගේ සතුරන්ගෙන් පළිගැනීම සඳහා ද අනවින, කොඩිවින සිදු කිරීමට ද මේ අයුරින්ම කටයුතු සිදු කර එම බුලත් කොළයේ නම් ලියා එය විනාශ කර දමා එම පළිගැනීම සිදුකරනු ලබන අතර එය කිසිසේත් අනුමත කළ නොහැකි පාප කර්මයකි. එසේම අතීතයේදී විලිරුදාවෙන් පෙළෙමින් දරුවා ලැබීමට අපහසුතාවකට පත්වූ මවකට බුලත් කොළයක ජීවම් කළ තෙල් ගල්වා එයට මතුරා කරන ප්රතිකර්මයක් මඟින් එවලේම දරුවා බිහි වීම ද සිදු කරනු ලබන බව අත්දැකීමෙන්ම දනිමි. මේ සඳහා දැනට අවුරුදු 50කට පමණ පෙර ජීවත් වූ අතිදක්ෂ වෙද මහතකු වූ සයිමොන් වෙද මුත්තා විසින් සිදු කළ විස්මිත දෙයක් බව හොඳින්ම දනිමි. 

 

ඔබ රැගෙන එන බුලත් අත නවයෙන් නවය ගණනය කර තත්කාල ග්රහචාරය අනුව ඔබගේ අතීතය, අනාගතය ග්රහචාරය මඟින් සිදු විය හැකි අපල උපද්රවයන් ගැන ද නිශ්චිතව පැවසීමට හැකි ගණිත ක්රමයක් ද ඇත. පුරාණ ඉන්ද්ර ගුරුළුවේ එය සඳහන්ය. මෙය ඈත අතීතයේ සිටම භාවිත කර ඇති වටිනා ශාස්ත්රයක් වන අතර පරම්පරාගතව ආරක්ෂා කරගෙන ඉදිරියට නොයෑමට එම විශිෂ්ටයන් කටයුතු කර ඇති අතර මෙම ශාස්ත්රය වැරදි කෙනකු අතට පත්වුවහොත් ඉතා නරක දේ සිදු කළ හැකි නිසා පරෙස්සම් සහිතව ආරක්ෂා කරන බවත් හොඳින්ම දනිමි. පහනක් දල්වන විට එම පහන යටින් බුලත් කොළයක් තබා ප්රාර්ථනා කර යහපත ලබා ගන්න

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk