Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වාස්තු වලට අනුව රැකී රක්ෂා දියුණු කරගන්න

1 year ago 7 Min read
Subha.lk
ඔබ කොතරම් ඉගෙන ගෙන තිබුණත් කොතරම් උගත් වුණත් තමන්ගේ සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලැබුණේ නැත්නම් ජීවිත කාලයම ඔබට රැකියාව කටු ඔටුන්නක් වනවාට සැකයක් නැත. ඇත්තටම හැකියාවට රැකියාවක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද? එසේම සමහර කෙනෙකුට තමන්ගේ සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලැබුණ ද එම රැකියාවෙන් ඉහළට යන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කුමන හෝ හේතුවක් කියා රැකියාවේ දියුණුව ඇන හිටින්නට පුළුවනි. මෙය පරිපාලනමය හේතු හෝ දේශපාලනමය හේතු ද විය හැකියි. එසේම තමන්ට කුමන රැකියාව ලැබුණ ද තමන්ගේ රැකියාව තමන්ට කිසිම සතුටක් ගෙන නොදෙන වධයක් වන්නට ද ඉඩ තිබෙනවා. තමන් කොපමණ මහන්සි වී වැඩ කළ ද කිසිවකුගේ හොඳක් අසන්නට පවා ලැබෙන්නේ නැහැ. මේ මෙම කතාවේ එක පැත්තක් මෙම කතාවේම තවත් පැත්තක් තිබෙනවා. එනම් සමහරුන්ට තමන්ගේ අධ්යාපන සුදුසුකම්වලට සහ උගත්කමටත් වඩා ඉහළ රැකියා ලැබෙනවා. සුළු තනතුරකට ඇතුළු වී ටික දිනකින් රැකියාවේ ඉහළ තත්ත්වයක් ලැබෙනවා. රැකියා ස්ථානය ඉතාමත් ප්රියමානප ස්ථානයක් වනවා මෙන්ම ඔහුගේ රැකියාවේ තරාතිරම කුමක් වූවත් සෑම කෙනකුගේම ගරුත්වය සහ සැළකිල්ල නොඩුව ලැබෙනවා. රැකියාව තමන්ගේ විනෝදාංශයක් ලෙස ඉතා සතුටින් ඉටුකරනවා. ආණ්ඩුවෙන් සහ ජනතාවගේ ප්රසංශාව නොඩුව ලැබෙනවා. මේ ආකාරයට රැකියාව සම්බන්ධව සමාජයේ විවිධ පුද්ගලයන් හට තමන්ගේ රැකියාව බලපානු ලබන ආකාරයන් දෙකක් පිළිබඳව විමසා බැලිය හැකියි. මෙම කරුණු කාරණා අනුව රැකියාව සම්බන්ධයෙන් ඔබ සිටින්නේ කුමන පැත්තේ ද කියා ඔබම ඉතා තැන්පත්ව සහ නිහතාමනීව ටිකක් සිතා බලන්න. කෙනකුට තමන්ගේ රැකියාව කටු ඔටුන්නක් වීමටත් කෙනකුට තමන්ගේ රැකියාව රජු ඔටුන්නක් වීමටත් බලපාන කරුණු මොනවාද යන්න පිළිබඳව වාස්තු ශිල්පයට අනුකූලව විමසා බැලීම මෙම ලිපියේ ප්රධාන අරමුණ වේ. රැකියාව යනු පුද්ගලයකුගේ ජීවිතයේ වටිනාකම තීරණය කරනු ලබන එක් වැදගත් අවස්ථාවක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවෙනවා. ඒ අනුව යම් පුද්ගලයකුට ලැබෙන රැකියාව හා එහි ප්රායෝගික පැතිකඩ තමන්ගේ දියුණුව හෝ කඩා වැටීම කෙරෙහි විවිධ කරුණු බලපෑම් කළ හැකි අතර එය පහත පරිදි සාරාංශ කළ හැකිය. -1. පුද්ගලයාගේ දක්ෂතාවය හා හැකියාව, -2. ධනය, බලය හා පවුල් පසුබිම, -3. පුද්ගලයා සතු පෞරුෂත්වය, -4. පුද්ගලයකුගේ පුරුදු යන හැසිරීම, -5. පෙර කුසල් අකුසල් අනුව ලැබී ඇති ශක්තිය, -6. ඔහු ජීවත් වන නිවසේ වාස්තු සිද්ධාන්ත වල එකඟතාවය, මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරනු ලබන්නේ පුද්ගලයකුගේ රැකියාවේ දියුණුව උදෙසා ඔහු ජීවත්වන නිවසේ ඇතිවන වාස්තු ශිල්පීය බලපෑම් වල තරම කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමයි. මෙහිදී පුද්ගලයා ජීවත්වන ගෘහ පරිශ්රයේ වාස්තු සිද්ධාන්ත එකඟ වී නියමාකාරයෙන් ඉදිවී ඇත්නම් ඔහුගේ රැකියාවට ගෘහයෙන් ලැබෙන්නේ යහපත් ශක්තීන් වන අතර ගෘහයේ වාස්තු දෝෂ බහුල වී ඇත්නම් ඔහුගේ රැකියාවට ඒ තුළින් අයහපත් ශක්තීන් උද්දීපනය වනු ඇත. විශේෂයෙන් රැකීරක්ෂා කටයුතු සම්බන්ධව නිවසේ ඉතාමත් සක්රීයව බලපානු ලබන වාස්තු දෝෂ මොනවාද යන්න පිළිබඳව හඳුනා ගනිමු. 1. නිවසේ ගෘහ පිණ්ඩය ජන්ම වීම තුළින් ගෘහ හිමියාගේ රැකීරක්ෂා කටයුතුවලට නිතර නිතර බාධා ඇතිවීම නොවැලැක්විය හැකියි. 2. ගෘහ හිමියාට නිතර බ්රහ්ම පාදය පෑගීම කරනකොටගෙනද බාහිර සමාජය සමඟ නිතර ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වීම තුළ රැකියාවන්ට අයහපත් ප්රතිඵල ගෙනදෙනු ලබයි. එසේම මේ නිසා අපහස සහ නින්දා ද බහුල විය හැක. 3. නිවසේ ඇත්තේ පහත සඳහන් දොර සටහන් නම් රැකියාවේ ගැටලු මතුවිය හැකියි. උතුරු - බටහිර - නාශ, උතුරු - දුර්මුඛ, උතුරු - නැගෙනහිර - උග්ර, උතුර - නැගෙනහිර - බටහිර - ආක්රාන්ධ, නැගෙනහිර - දකුණ - නන්ද, 4. නිවසේ නපුංශක ගණයට අයත්වන Dරැඋ (ඩෝ / වින්ඩෝ) යොදා තිබීම දෝෂයකි. මෙවැනි ජනේල වලින් එහා මෙහා යැම ඉතාමත් අයහපත් වන අතර තමන්ගේ කීර්තිය විනාශ වීමට මෙම Dරැ උ ජනේල, උළුවහු බලපානු ලැබේ. 5. ගෘහ හිමියා ගිණිකොණ දිශාවේ කාමරවල කල් ගෙවීම සහ පඩිපෙළ යටින් ප්රවේශය යොදා අන් කාමර වල වාසය කිරීම. 6. නිවස ස්ථම්භ වේද, රුක්ෂ වේද, මාගර් වේද, කූප වේද, වැනි වේද දෝෂවලට ලක් වී තිබීම. 7. වහළයේ ගෘහ හිමියාගේ උසට වඩා දිගින් අඩු යට ලී මූට්ටු යොදා තිබීම සහ සොහොන් පරාල, කැණිමඟල සහ අම්බලන් වහළ යෙදී තිබීම. 8. වහළේ වතුර බැස්ම නිරිත දිශාවට යෙදී තිබීම. 9. නිවසේ අශ්ව ලාඩම් හා විනාශම් ලකුණ තිබීම මෙන්ම රිණාත්මක සිතුවිලි උද්දීපනය වන විවිධ පිළිම පින්තූර හා හැඩතල බහුල වීම සහ කළුපාට වර්ණය නිවසේ බහුල වීම. 10. නිවස ආගමික වේද දෝෂවලට ලක් වීම තිබීම සහ විවිධ භූමි ගත භූමි ඥාතීන්ගේ අයහපත් බලපෑම් එල්ල වී තිබීම. ඉහත සඳහන් කළ ආකාරයේ වාස්තු දෝෂයන් කිහිපයක් එකවර බලවත් වීම නිසා නිවසේ වාසය කරන්නන්ගේ රැකී රක්ෂා සහ වෘත්තීය කටයුතු කෙරෙහි අයහපත් බලපෑම් එල්ල වීමට ඇති ඉඩකඩ බහුල බව මා විසින් සිදුකළ නිවාස පරීක්ෂාවලදී ද තහවුරු වී තිබෙනවා. ඉහතින් සඳහන් කළ පරිදි ඔබගේ නිවසේ ද වාස්තු දෝෂ බලවත් වන්නේ නම්, ඔබගේ ගෘහයේ ආදායම් මාර්ග අවහිර වී රැකී රක්ෂා කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව පෙන්වා දිය යුතුයි. ගෘහයේ වාස්තු දෝෂ නිසැකවම වෘත්තියට බලපාන ලබන බව වාස්තු විද්යාවේ බලවත්ව දක්වා තිබෙනවා මේ නිසා තමයි පෙර රජකල දවස වාස්තු ශිල්පය පරිදි රජවරුන්ගේ මාලිගා සිටුවරුන්ගේ මාලිගා ඇමතිවරුන්ගේ මන්දිර, යුධ සේනාධිපති මන්දිර, යුවරාජ මාලිගා, ආරක්ෂක ගෘහයන්, නිළධාරි ගෘහයන්, ශිල්ප අනුව ගෘහයන් ලෙස වෘත්තීය පදනම් කොටගෙන එම පුද්ගලයාගේ සේවය පදනම් කරගෙන එම එක් එක් කොටසට ගැළපෙන ලෙස වාස්තු සිද්ධාන්ත අනුව දිග, පළල, උස රියන් ප්රමාණය බිත්තිවල ඝනකම, දොරටු තිබිය යුතු දිශාව ඉදිකිරීමට යොදා ගත යුතු අමු ද්රව්ය ආදී වශයෙන් වෙන වෙනම වාස්තු උපදෙස් ලබා දී තිබුණේ මේ නිසාය. අපට නිසැකවම පැහැදිලි වෙනවා කෙනෙකුගේ රැකියාව හෝ වෘත්තීය දියුණුව සහ අනාගත පැවැත්ම උදෙසා එම පුද්ගලයාගේ ගෘහයේ වාස්තු සිද්ධාන්තවල එකඟ වීම රිජුවම බලපාන බව. රැකියාව කෙරෙහි අයහපත් ලෙස බලපෑ හැකි ඉහතින් පෙන්වා දුන් වාස්තු දෝෂ හැකිතාක් අවම කර ගැනීමට උත්සහ ගත යුතු අතර ඔබගේ වෘත්තීය දියුණු රැකියා සාර්ථකත්වය සඳහා පහත සඳහන් ප්රධාන වාස්තු ශිල්පීය මූලධර්මයන්ට මුල් තැන දීමට වගබලා ගත යුතුයි. 1. නිවසේ ගෘහ පිණ්ඩය, සම්පත් පරම මෛත්රී, මෛත්රී, සාධක, ක්ෂේම, නැකතකට බලගන්වා ගන්න. 2. නිවසේ බ්රහ්ම පාදය නිසි ලෙස හඳුනාගෙන ගෘහ හිමියාගේ ජන්ම නැකතට අනුව එය සක්රීය කරගන්න. 3. නිවසට පහත සඳහන් ද්වාර සටහන් එක්කර ගන්න. උතුර - දකුණ - බටහිර - විපුල, උතුර - දකුණ - නැගෙනහිර - බටහිර - විජය, බටහිර - දකුණ - නැගෙනහිර - සුමුඛ, උතුර - නැගෙනහිර - දකුණ - ධනද, 4. නිවසට Dරැඋ යෙදීම නොකළ යුතු අතර එසේ යොදන්නේ නම් දොර ලෙස භාවිතා කරන කොටසේ පියන් ඇතුළට විවෘත වන ලෙස සකස් කළ යුතු අතර ජනේල කොටස් වලින් එහා මෙහා නොයා යුතුයි. 5. ගෘහ හිමියා ගිණිකොණ, ඊශාන දිශාවල ඇති කාමර භාවිතා නොකළ යුතුය. 6. වේද දෝෂ හැකිතාක් ඉවත් කර ගැනීමට උනන්දු වන්න. 7. දෝෂ සහිත වහලවල් ඇත්නම් ඒවාගේ දෝෂයන් ඉවත් කොට වහලය ගෘහ හිමියාගේ ජන්ම නැකතකට ගැලපෙන දැව ඇණ යොදා සක්රීය කිරීම කළ යුතුයි. 8. වහළයේ වතුර බැස්ම නිරිත දිශාව හැර අනෙක් ඕනෑම දිශාවකට බැස්ස විම සුදුසුයි. 9. ඇත් රූපය, හස්ති රූපය, පුන්කලස, ස්වස්ථිකය, පිරමීඩ වැනි ධනාත්මක සිතිවිලි උද්දීපනයට අවශ්ය දෑ තැබීම. 10. නිසි ලෙස ආගමික වාතවන් ඉටුකිරීම සහ නිතර පිරිත් ස-Cධායනා කිරීම මෙන්ම නිවස පිරිසිදු කොට සුවඳ දුම් ඇල්ලීම මෙන්ම වාස්තු පූජාවන් පැවැත්වීම ඉහතින් පෙන්වා දුන් ආකාරයට ඔබත් ඔබගේ ගෘහයේ වාස්තු බලවත්කොට ඔබගේ රැකී රක්ෂාවන් සහ ව්යාපාර දියුණුව දිනෙන් දින ලබාගෙන වාස්තු ශිල්පයේ අභමතාර්ථය වන ධර්ම, අර්ථ, කාම යන 3 වර්ග සම්පත් ලැබීමට ඔබ සැමට වාසනාව උදාවේවා•

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk