Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෝෂ ඇති නිවෙස ගෙහිමියන්ට මරු කැඳවනවාද?

1 year ago 7 Min read
Subha.lk
වාස්තු විද්යා ශාස්ත්රය අනුව නිවෙසක් ඉදිකරන විට මුදුන් යට ලී සහ යට ලී, උළුවහු, ජනෙල් ආදිය තැබීමේදී දෝෂයන් නොමැතිව සෑදීම හා තැබීම කළ යුතුයි. එසේ නැතිනම් පදිංචි නිවැසියන්ට මාරාන්තික අපල ඇතිවන බව පැරැණි පොතපතෙහි පෙන්වා ඇත. නිවෙසකට වාතාශ්රය තිබිය යුතුයි. නිවෙසක යට ලී තුන්පොළකින් පිරිඅදිම ඉතාම අසුබයි. මුදුන් යටලීයද තුන්පොළකින් පිරිඇදීම ඉතාම අසුබයි. ගෙහිමියාට තුනටිය, කොඳු ඇටපෙළ ආශි්රත රෝග ඇතිවේ. කුරුපා 3ක් එක්පෙළට තැබීම දොස් සහිතයි. ජනෙල්, උළුවහු උඩට, දෙපස කන්වලට කුරුපා තැබීමෙන් අංශභාග රෝග ඇතිවේ. දෝෂයි. යට ලීයක කොන් හෝ මුදුන් යටලීයේ කොන් ලද කෙළින් එල්ලවන ලෙස තැබීම බලවත් දෝෂ වන අතර පිරිමි, ගැහැනු දරුවන්ට මානසික රෝග හට ගනී. මන්ද බුද්ධික ළමයින් උපදී. නිවෙසට ඇතුළුවන ප්‍රධාන දොර (මංගල උළුවස්ස) පිටුපස දොරට හා අනෙකුත් දොර උළුවහුවලට වඩා තරමක් විශාල විය යුතුයි. පළල මෙන් දෙගුණයක් උසවීම ඉතාම සුබයි. නවය, අට අසුබයි. ධනය නොරැඳේ. ගෙහිමියාට හා නිවැසියන්ගේ ධනය විනාශ වේ. ප්‍රමාණයට වඩා දොරටු තැබීමෙන් පරම්පරාවේ විනාශය ඇතිවේ. එය අත්දැකීම් තුළින්ම සත්‍යයි. ප්‍රධාන දොර තැබීමේදී ළඹය උපයෝගී කර තැබිය යුතුයි. නිවෙසක ප්‍රධාන උළුවස්ස තබන විට ඒ ඒ දිශාවන් බලා අත්තිවාරමේ සිට සමාන කොටස් අටකට බෙදා උතුරට-සම්පත් හා ලැබීම්ද, නැඟෙනහිරට – ධන ලාභ රාජ්ය සම්මාන, විශාල ධන ලාභද දකුණට – යසස, ධන ලාභ, පුත්ර ලාභද බස්නාහිරට- ධනලාභ, සෞභාග්ය විශාල ධන ලාභ, සිරිකත පැමිණෙන කොටස්වල නිසි තැන්වල තැබිය යුතුයි. රජගෙදර වුවත් මහ,මන්දිරවල වුවත් අසුබ කොටසක උළුවස්ස තැන්පත් කළහොත් දිශා අනුව, උතුර සතුරන් ඇතිවීම, මහා දුක, හානි, හිත් තැවුල්, ශෝකය, පුත්ර හානි, බිය, මරණ, වධ බන්ධන, බන්ධනාගාරගතවීම්, සොරුන්ට ග්රහණය, දිළිඳුකම, අඹු සැමි අවුල්, ස්ත්‍රී පුරුෂ පරදාර සේවනයේ යෙදීම, අකල්මරණවලට ගොදුරුවීමද ඇතිවේ. සංවාසයේ මැළිකම හා දුර්වලතා ඇතිවේ. ප්‍රධාන දොර ඉහළින් පිටට නැමී තැබීම දෝෂ වන අතර ගෙහිමියා නිවෙස හැරයයි. ගෘහාධිපතිට විපත් ගෙනදේ. නිවෙසේ ප්‍රමාණයට වඩා විශාල දොරවල් තැබීම දෝෂයි. නොගැළපෙන පරිදි දොරවල් තැබීමෙන් නිවැසියන්ගේ බලතල අඩු වීම, නින්දා අපහාස, දරුපල අඩුවීම සිදුවේ. උළුවස්සට ලියවැල් සකසන විට එය වෙනම වෙන්කර ඉහළින් සැකසිය යුතුයි. ඒවාට පුන්කළස්, තුරුලතා, හංස, මයුර, නෙළුම් මල්, සිංහරූප යෙදීම සුබයි. පුරාණ වාස්තු විද්‍යාවේ දැක්වෙන පරිදි උළුවස්සට දැව ගැනීමේදී ගස පිහිටි ආකාරයට ගත යුතු බවද උඩ යට මාරු වුවහොත් එය කොඩිවිනවලට වඩා බරපතළ දෝෂයක් බව කියා ඇත. ඉහත කරුණු අනුව වාස්තු විද්‍යා නියමයන් අනුව මංගල උළුවහු හා අනෙකුත් උළුවහු සාදා නිසි තැන තබා ගතහොත් වස්තුව සැප සම්පත් ගලා එන චූඩා මාණික්‍යයක් , කප්රුකක් වැනි යැයි කියා ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk