Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කෝටි ප්‍රකෝටිපතියෙක් කරවන ග්‍රහ පිහිටීම්

1 year ago 7 Min read
Subha.lk
අපි දැන් බලමු ජන්ම පත්රයක ධනය ලැබෙනවා ද යන්න ගැන. විවිධ ඡ්යොතිෂ පරීක්ෂාවලදී මුදල් ලැබෙන යෝග පිහිටා ඇති බැව් ද පෙනේ. කේන්ද්රයේ 2 - 11 සහ 9 බලවත් වූ විට මුදල් සම්පත් අතට ලැබේ. 2 වැන්න හා 11 වැන්න අධිපතියන් ලග්නයේ සිටීමෙන් මිල මුදල් ලැබේ. ධන සම්පත් හිමිවේ. 2 වැන්නාධිපති හා 11 වැන්නාධිපති පරිවර්තන යෝගය හරහා සම්පත් හිමි වේ. 2 අධිපති බලවත්ව 9, 10, 11 යන තැන්වල බලවත් ග්රහ පිහිටීමක් ඇත්නම් ධන සම්පත් ලැබේ. ලග්නාධිපති 2 වැන්නේ 11 වැන්නාධිපති 10 වැන්නේ ද සිට ගුරුගේ දෘෂ්ටිය ලැබීමෙන් ධනය ලැබේ. 2, 9, 11 පිළිවෙළින් රාශිවල සිටීමෙන් ධන සම්පත් ලැබේ. 5 වැන්නේ ශනි ස්වක්ෂේත්රව සිට බුධ කුජ දෙදෙනා 11 වැන්නේ වීමෙන් ද බුධ සිකුරු 2 වැන්නේ වීමෙන් ද ධන සම්පත් ලැබේ. 5 ගුරු බලවත්ව 11 සඳු කුජ යෝගවීමක් නම් මිල මුදල් ලැබේ. 11 වැන්නාධිපති සුබ ග්රහ පෙනීම් වැටී තිබේ නම් කෝටිපතියෙක් වේ. ග්රහයින් 4 දෙනෙනක් සුබව 1, 4, 7, 10 යන තැන්වල සුබ තත්ත්වයෙන් සිටීම හරහා ධනය ලැබේ. 2 වැන්නාධිපති අටේ සිට හෝ සෞම්ය ග්රහයින් තැන්පත්වීම හරහා ධන සම්පත් හිමි වේ. රවි ලග්නයේ ද ගුරු 11 වැන්නේ සිටීමෙන් කෝටියක් දෝෂ භංග වේ. 11 වැන්නේ රවි ගුරු බලවත් නම් ධනය ඉක්මනින්ම ලැබේ. ශනි රාහු 5 වැන්නේ නම් ගුරුට පෙනීමෙන් විශාල ධනයක් ලැබේ. සමහර විට රාහු එකතු වීමෙන් අතට ලැබුණ මිල මුදල් වහා වැය වී දුකට පත්වේ. එකම කරුණකින් ධනවත් වෙනවාද යන්න ගැන බැලීම එතරම් සුබ නොවේ. ඔබ නොසිතූ අන්දමට ඔබේ කේන්ද්රයේ මිල මුදල් කෝටි ප්රකෝටි ගානක් ලැබීමේ වාසනාව සැඟවී ඇත. එනිසා ඔබේ කේන්ද්රය ගැඹුරින් පරීක්ෂා කර බලන්න. දවසේ දිව්යමය අති බලවත් සියුම් වේලාවන්හි ලොතරැයිපත් මිල දී ගන්න. ඔබට හදිසි ධන සම්පත් ලැබීමේ වාසනාව ඇද්ද යන්න නිවැරැදිව සොයා ගැනීමට හැකිවේ. ඉතාම සුබ වේලාවන් ඔබේ නොදැනුවත්කම නිසා මඟ හැරී ඇත. මින්පසුවත් සැඟවුණු ධන වාසනාව සොයා ගැනීම කේන්ද්රය පරීක්ෂා කර බලා කෝටි ප්රකෝටිපතියෙකු වන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk