Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බලාපොරොත්තු වන විදේශ ණය නොලැබී රටම දැඩි මූල්‍ය අර්බුදයකට

1 year ago 7 Min read
Subha.lk
ලබන වසරේ ජනවාරි 17දා සිදුවන සෙනසුරු මාරුවත් සමඟ රජය බලාපොරොත්තු වන විදේශ ණය එලෙසම ලබාගැනීමට නොහැකිවීමෙන් ආර්ථික දුෂ්කරතාවන් උග්ර අතට හැරී රටම දැඩි මූල්ය අර්බුදයකට තල්ලුවීමක් පෙන්නුම් කරයි. තැන්පතු සඳහා දැනට බැංකු ගෙවන විශාල පොලී අනුපාතයන් සීග්‍රයෙන් පහළ වැටෙනු ඇත. ජීවන වියදම අධික වෙමින් ආර්ථික දුෂ්කරතා තව තවත් උග්ර අතට හැරීමට, රටේ ව්‍යාපාර ක්‍ෂේත්රය කඩා වැටීමද හේතු වෙයි. සමස්තයක් ලෙස රටේම මූල්ය පැත්ත කඩා වැටීම තුළ සිදුවන සිදුවීම් දරාගත නොහැකිවන ජනතාව උද්ඝෝෂණ කරමින් ආණ්ඩුවට බලපෑම් කිරීමට උත්සාහ ගනු ඇත. මෙය ඉදිරි වසරේ පළමු මාස කිහිපය තුළ සිදුවෙයි. සෙනසුරු කුම්භ රාශියට පැමිණීමෙන් මහජන බලය වැඩිවෙයි. මහජන උද්ඝෝෂණ හා විරෝධතා මැඩීමට රජය දැඩි සහ දරුණු පියවර ගැනීමට යොමුවෙයි. එහෙත් අවසන් ප්‍රතිඵලය ලෙස රාජ්ය නායකත්වයට ඉල්ලා අස්වීමට සිදුවනු ඇත. මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන අතර අනිවාර්යයෙන්ම රටේ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇත. රටේ නායකත්වය තරුණ නායකයකු අතට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර රටේ ආර්ථිකය සැලසුම් කර යහපත් තත්ත්වයක් ඇතිකරනු ඇත. ජනවාරි 17දා කුම්භ රාශියට පිවිසෙන සෙනසුරු තම කේන්දරයේ පිහිටි තැනින් 7 වැනි දෘෂ්ඨියෙන් පෙනෙන තැනක ගමන් කරන වර්තමානයේ නායකත්වය දරන දේශපාලනඥයන්ට ඉදිරි කාලය ඉතා අසුබ කාලයක් වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk