Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සාමුද්‍රිකා ශාස්ත්‍රයේ සඳහන් පාරම්භ හස්තය ගැන දැනගනිමු!

1 year ago 7 Min read
Subha.lk
සාමුද්රිකා ශාස්ත්රයේ හෙවත් හස්ත රේඛා විද්යාවේ ප්රධාන අත් වර්ග 7 ක් සම්බන්ධව විග්රහ වේ. ඒ මෙසේය. 1. මූලික අත හෙවත් පාරම්භ අත - 2. කාර්මික අත හෙවත් ස්කුඩුලාකාර ප්‍රලේපනික අත - 3. කලා අත - 4. දාර්ශනික අත - 5. චෛතසික හෙවත් අධ්‍යාත්මික අත (මනෝමය අත) - 6. මිශ්ර අත - 7. චතුරස්ර අත හෙවත් හතරැස් අත - උක්ත ප්රධාන අත් වර්ග 7 ට අතිරේකව තවත් සුවිශේෂී මෙන්ම ඉහත සඳහන් අත් දෙවර්ගයක ලක්ෂණ මිශ්ර වූ අත් කීපයක්ද හඳුනාගත හැක. ඒ මෙසේය. 1. ත්‍රිකෝණ අත - 2. කලා හා චෛතසික අත - 3. කාර්මික හා දර්ශනික අත - 4. පාරම්භ හා චතුරස්ර අත - 5. ත්‍රිකෝණ හා චෛතසික අත - ඉහත සඳහන් ලෙසට අත් වර්ග දෙකක ලක්ෂණ ඇති සුවිශේෂී අතක් දුටුවිට එම අත් වර්ග දෙකටම අදාළ ගතිගුණ මෙන්ම චරිත ලක්ෂණ අඩුවැඩි වශයෙන් එම පුද්ගලයා තුළින් විද්යාමාන වේ. මෙහිදී වැඩිපුර කැපී පෙනෙන අත් වර්ගයට අදාළ චරිත ලක්ෂණ වැඩියෙන්ද අඩුවෙන් කැපී පෙනෙන අත් වර්ගයට අදාළ චරිත ලක්ෂණ අඩුවෙන්ද පැවසීම සාමාන්ය ක්රමවේදයයි. සාමාන්යයෙන් අත යනු මිනිසාගේ ඉවතට පැමිණි මොළය ලෙසද මොළයේ ළඟම මෙහෙකරුවා ලෙසද හස්ත රේඛා විද්යාවේ සඳහන් වේ. ඉහත සඳහන් කළ ප්රධාන අත් වර්ග 7 අතුරින් මූලික හෙවත් පාරම්භ අත හඳුනාගන්නා ආකාරයන් එම අත් හිමියන්ගේ චරිත ලක්ෂණයන් එම අතෙහි දැක්නට ලැබෙන සුවිශේෂණයන් විමසා බලමු. පාරම්භ අතේ ස්වභාවය හෙවත් අත හඳුනාගැනීමේ ප්රධාන ලක්ෂණ ගණනාවකි. ඒ මෙසේය. සාමාන්යයෙන් පාරම්භ අතක ඇඟිලි කෙටිය. මහතය. එයිනුත් මහපට ඇඟිල්ල හෙවත් ආංගුෂ්ඨාංගුලිය ඉතාම කොට ඉදිමුණු ස්වභාවයකින් යුතුය. ඇඟලි මුල හා අත්ලේ මුල සලකන කල හතරුස් හැඩයක් ගනී. අතැඟිලි ඉතාම අපිරිසිදුය. බැලූ බැල්මට කැතය. අත්ල ගොරෝසුය. තදය. රලුය. නිය කෙටිය. වක්වූ හැඩයෙන් යුතුය. අත්ලේ රේඛා ඉතාම අඩුය. බොහෝවිට මූලික ප්රධාන රේඛාද නොමැති තරම්ය. අත්ල මසින් පිරී ඇති අතර අඳුරු වර්ණයකින් යුතුය. සිකුරු ඇඟිල්ල කොතරම් කුඩාද කියතොත් එය ගුරු ඇඟිල්ල හෙවත් තර්ජනාගුලියේ මුල් පුරුක තරම්වත් දිග නැත. මහපට ඇඟිල්ලේ නම්යශීලී ගතිය අඩු අතර එය පිටතට හැරී පවතී, මෙම අත්ලේ හෘද රේඛාවක් බොහෝ නොපිහිටන අතර ශීර්ෂ රේඛාවෙන් භාගයක් පමණ ඇතැම් විට දැකිය හැක. අත්ලේ රේඛා බොහෝවිට අපැහැදිලිය.පාරම්භ අත් හිමියෝ ස්වභාවයෙන්ම ඉතා නිරෝගී ශක්තිමත් පුද්ගලයන් වන අතර ඔවුනටම ආවේණික චරිත ලක්ෂණ ගණනාවකින් හෙබිය. මොවුන් නිරර්තක වැඩ කරන අධික කාමයෙන් මුසපත්වූ අධික ආශාවන්ගෙන් යුතු අවිචාරමත් සටන්කාමී චරිතය. කරුණාව, දයාව, සෙනෙහස විශේෂයෙන් ඉවසීම වැනි ගුණාංග මොවුන් සතු නොවේ. කල්පනා ශක්තිය මෙන්ම බුද්ධි හීනත්වය නිසාවෙන් ක්ෂණිකව ක්රියා කරන ක්ෂණික පුද්ගලයන්ය. සමාජයේ පිළිකුලට බඳුන් වන ආත්ම දමනයෙන් තොර තැනැත්තන්ය. පාරම්භ අත් හිමියෝ මිත්යා මත ගරුකරන අතර ආගම දහම පිළිනොගනී. මොවුන් මිතුරන් හමුවේ වීරයන් වනවා සේම බලවතුන් ඉදිරියේ තම ආත්ම ගෞරවය පවා පාවාදෙන නිවට නියාලු බියගුලු චරිතය. මොවුන්ගේ විවාහ ජීවිතය මෙන්ම ගෘහ ජීවිතය අන්ත අසාර්ථකය. අනාගතය ගැන නොසිතුවද බොහෝවිට දීර්ඝායුෂ භුක්ති විඳී. මහලු වියේදී වුවද ඉතාම ශක්තිසම්පන්නය. ඉන්ද්රිය දුර්වලතාවයක් පෙනෙන්නටවත් නොමැත. මුදල් වලට ඉතාම කෑදර නිසාම අසම්මත වෘත්තීන් හෝ කය වෙහෙසා කරන වෘත්තීන් තුළින් මුදල් උපයයි. ඉතාම නාස්තිකාර එතරම් සමාජශීලි නොවන චරිතය. නිර්භීතභාවයක් නොමැති වුවද ඉතා කුරිරු ආශාවන් සපුරා ගැනීමේදී තිරිසනකු මෙන් හැසිරෙන චරිතය. මොවුන් අධික ලෙස ආහාරපාන පරිභෝජනයේ යෙදේ. මොවුන්ගේ බලාපොරොත්තු හා ආශාවන් කොතෙක් තිබුණද ඒවා කිසිදා ඉටු නොවේ. කාලය කා දැමීමට ඉතා සමත්ය. මොවුන් වෙතින් තිරිසන් ගති බොහෝවිට වි මාන වේ. ඉහත සඳහන් ලෙසට මූලික අතක් එහි චරිත ලක්ෂණ හඳුනාගත් පසු මූලික අතෙහි සියුම් පලාඵල කථනය උදෙසා මහපට ඇඟිල්ල පදනම් කරගනිමින් තවත් වර්ග 3 කට පාරම්භ අත බෙදනු ලැබේ. ඒ මෙසේය. 1. මහපට ඇඟිල්ල කෙටිව මුදුන හතරැස් වීම. 2. මහපට ඇඟිල්ල කෙටි වී ඉතිරි ඇඟිලි අත්ලට වඩා දිගුවීම. 3. මහපට ඇඟිල්ල කෙටි වී ඉතිරි ඇඟිලි අත්ලට වඩා කෙටි වීම. උක්ත පිහිටීම් තුනට අදාළ පලාඵල මෙසේ දැක්විය හැක. මහපට ඇඟිල්ල කෙටිව මුදුන හතරැස් වුණ කල පාරම්භ අතේ ප්රධාන චරිත ලක්ෂණ සුළු වශයෙන් අඩුවී රාගාධික බව හා අධික කෝපය කැපී පෙනේ. මහපට ඇඟිල්ල කෙටිවී ඉතිරි ඇඟිලි අත්ලට වඩා දිගුවූ කල පාරම්භ අතේ ප්රධාන චරිත ලක්ෂණ සුළු වශයෙන් අඩුවී බුද්ධිමත් භාවය ප්රකට වේ. මෙවැනි පිහිටීමක් ඇති අය බොහෝවිට වෛද්ය වෘත්තියට යොමුවේ. එහෙත් බිහිවන්නේ කමකට නැති වෛවරයෙකි. මහපට ඇඟිල්ල කෙටිවී ඉතිරි ඇඟිලි අත්ලට වඩා කෙටිවූ කල පෙර සේම පාරම්භ අතේ ප්රධාන චරිත ලක්ෂණ සුළු වශයෙන් අඩුවී බුද්ධි හීනභාවය ප්රකට වන චරිත බිහිවේ. මෙම පාරම්භ අතේ ස්වභාවයන් ඊට ආවේනික චරිත ලක්ෂණයන් ස්ත්රී පුරුෂ භේදයකින් තොරව සාධාරණය. කෙසේ වෙතත් පාරම්භ අත්හිමියන් පොදුවේ ගත් කල ඉතාම භයානක චරිතය. බොහෝවිට මොවුන් මිනීමරුවන්, ස්ත්රී දූෂකයන් හෝ නමගිය අපරාධකරුවන්ය. තවද ඇතැම් පාරම්භ අත්හිමියෝ තම පහත් ගති වසන් කොට ජීවත්වීමට ඉතා සමත්ය. මෙම අත්හිමියෝ කිසිවිටක විශ්වාස කළ නොහැක. එනිසාම යහපත් මනුෂ්යන්ට ආශ්රයට නොසුදුසු අත්හල යුතු පුද්ගලයන්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බාලයන් වන පාරම්භ අත්හිමියන් හැඳින දුරින් දුරුම කළ යුතුය. එය යහපත් ගුණවත් මනුෂ්යයන්ගේ ජීවිතයත් ආත්ම ගෞරවයත් සුරැකීමට හේතුය. තවද පාරම්භ අත හඳුනාගැනීමේ පහසු සඳහාත් අධ්යයනය සඳහාත් දර්ශීය රූපසටහනක් පහත දැක්වේ. එය සුපරීක්ෂාකාරීව නිරීක්ෂණ කොට පාරම්භ අත හඳුනාගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk