Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ශිෂ්‍යත්වය ඇතුළු විභාගවලට පෙනී සිටින දරුවන් සඳහා විශේෂයි

1 year ago 7 Min read
Subha.lk
"මා අද දින ඔබට ලබා දෙන මේ විශේෂිත බෝධි පූජාව ඔබේ දරුවාත් සහභාගි කරවාගෙන විභාගයට පෙර ඕනෑම දිනක සවස් වරුවක නිතර පූජෝපහාරයට ලක්වන බෝධීන් වහන්සේ නමක් අබියස අප මෙහි සඳහන් කර ඇති පිළිවෙළට පවත්වා ශිෂ්යත්ව විභාග ජය සඳහා ඔබේ දරුවාගේ චිත්ත ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනය කර ගන්න. වෙනදාට වඩා වැඩි අවධානයක් දරුවා වෙනුවෙන් යොමු කරන්න. එහෙත් දරුවාට ඔරොත්තු නොදෙන ආකාරයට දැඩි ලෙස මානසික බර පටවන්න එපා. ඉතා සැහැල්ලුවෙන් සතුටින් එම කටයුතු කරගෙන යෑමට කටයුතු කරන්න. මෙම පූජාව තමන් පදිංචි ගමේ දායක පන්සලේ බෝධීන් වහන්සේ අබියස පැවැත්විය හැකි නම් ඉතා හොඳයි. මේ සඳහා තෝරා ගත් දිනයේ සවස් වරුවේ අභ්යන්තරව සහ බාහිරව පිරිසිදු වී පවුලේ අය සහ විභාගයට පෙනී සිටින දරුවා පන්සලට ගොස් බෝධීන් වහන්සේ අමදින්න. පූජාසනවල තැන්පත් කළ පර මල් ආදිය ඇත්නම් ඒවා ද ඉවත් කර පරිසරය ඉතා හොඳින් පිරිසිදු කර ගන්න. මතක තබා ගන්න, මේ කටයුතු ආරම්භයේ සිට බෝධි පූජාව තබා අවසන් වනතුරු සිත ඒ සඳහාම යොමු කරගෙන අනවශ්ය කතාබහ ආදියෙන් වැළකී සිටීමට. ඔබේ දරුවා වගේම මෙම විභාගයට ලියන තවත් දරුවන් ගමේ සිටී නම් ඒ අයත් සම්බන්ධ කරගෙන සාමූහික බෝධි පූජාවක් හැටියට මෙම පූජාව තැබිය හැකි නම් වඩාත් සුදුසුයි. බෝමළුව සහ ඒ ආශ්රිත ප්රදේශය මේ ආකාරයට පිරිසුදු කරගත් පසු සුදුසු සුවඳ ධූපයකින් දුම් අල්ලන්න. දැන් පෙරාගත් පිරිසිදු පැන් කළ අටක් සූදානම් කරගන්න. එම පැන් කළවලට සුදු හඳුන් කුඩු, සැවැන්දරා කුඩු පිනි දිය මිශ්ර කර සමන්පිච්ච මල් කිහිපය බැගින් දමන්න. මේ පැන් කළ අටෙන් එක පැන් කළයක පැන් බෝමළුව පුරා සහ මල් ආසනවලට ඉසින්න. පූජාව සඳහා රැගෙන ආ මල්වලට ද එම පැන් ඉසින්න. දැන් බෝමළුවේ සිවු කොණ රවුමට තැබූ බුලත් කොළ මත පහන බැගින් පහන් හතරක් තබන්න. දැන් පිළියෙල කළ පැන් කළ අට එකින් එක ගෙන බෝධීන් වහන්සේ වටා පැදකුණු කරමින් බෝධීන් වහන්සේගේ පැවැත්ම සඳහා පූජා වේවා යි සිතින් සිතාගෙන බෝධියට වත්කරන්න. මේ පැන් පූජාව කරන කාලය තුළ ඉතිපිසෝ ගාථාව කියන්න. විභාගයට පෙනී සිටින දරුවාගේ හෝ දරුවන්ගේ උසට සාදා ගත් සුදු මල් මාලාවක් ඔවුන් ලවා බෝධියට පලඳවන්න. අපහසුවකින් තොරව සොයාගත හැකි නම් සුදු හෝ රතු නෙළුම් මල් ටිකක් ද මෙම පූජාව සඳහා සපයා ගන්න. දැන් පළමුව සතර කොණ රවුමට තැබූ බුලත් කොළ මත තැන්පත් කළ පහන් හතර දල්වන්න. මල් ආසන මත මල්, පැන්, ගිලන් පස හා හඳුන් කූරු ආදීය ද තැන්පත් කරන්න. බෝධීන් වහන්සේලාගේ පැවැත්ම සඳහා බොහෝ විහාරස්ථානවල පහන් දැල්වීමට බෝධියෙන් පිටත ස්ථාන සකස්වී තිබෙනවා. එවැනි අවස්ථාවල ඒ ස්ථාන ආශ්රිතව මේ පහන් දැල්වීම සිදු කරන්න. දැන් එම පූජාවන් පහත සඳහන් ගාථාවේ මුල් පද තුනට ඊට යටින් පළ වන ඒ ඒ පූජාවට අදාළ කොටස භාවිතා කරමින් එම පූජා සිදු කරන්න. මේ සෑම ගාථාවකම මුල් පද තුන එක සමානය. “සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං “ 1.පැන් පූජාවට - උදකේ නේතේන සාගරං, 2.ගිලන්පස පූජාවට - ගිලාන පච්චයං ඉමං, 3.දැහැත් පූජාවට - තාම්බූලේන සාදරං, 4.පහන් පූජාවට - දීපේ නේතේන සාදරං, 5.සුවඳ දුම් පූජාවට - ධූපේ නේතේන සාදරං, 6.මල් පූජාවට - කුසුමේ නේතේන සාදරං, මෙම පූජා පැවැත්වීමෙන් අනතුරුව විභාගයට පෙනී සිටින දරුවන්ගේ මතක ශක්තිය සහ චිත්ත ශක්තිය වර්ධනය සඳහා ඉවහල් වන මේ බුදු ගුණ වන්දනාව දරුවා හෝ දරුවන් ද සහභාගි කරවාගෙන ශබ්ද නඟා මිහිරි හඬින් ගායනා කරන්න. බුදු ගුණ වන්දනාව - ……………..ඒ මාගේ ධර්මස්වාමි වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විශිෂ්ටතාඥානයෙන් දත යුතු වූ සත්ය ධර්මයන් දැන වදාළ හෙයින් ද ප්රහාණය කළ යුතු වූ සියලු ධර්මයන් ප්රහාණය කළ හෙයින් ද පිරිසිදු අවබෝධ කටයුතු වූ නිරෝධ සත්යය අවබෝධ කළ හෙයින් ද භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ග සත්යය වැඩූ හෙයින් ද බුද්ධ නම් වන සේක. ඒ සම්මා සම්බුද්ධ නමැති බුදු ගුණයෙන් සමන්විත වූ බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...!............... මෙම බුදු ගුණ වන්දනාව ඉතා භක්තියෙක් සහ ශ්රද්ධාවෙන් තුන් වරක් කියා ඉන් අනතුරුව මෙම පාඨය එක්වරක් කියන්න “නමස්කාරානුභාවේන සොත්ථි මේ හෝති සබ්බදා” (තමන්ට කියද්දී "මේ" වශයෙන් ද අනුන් වෙනුවෙන් කියද්දි "තේ" යනුවෙන් ද යොදන්න.) දැන් දෙවියන්ට පින් දෙන්න. විභාගයට අදාළ වෙන් කළ වෙනත් බාර ඇත්නම් ඒවා ද මතක් කරන්න, අලුත් කරන්න. අනතුරුව පහත සඳහන් බුදුගුණ සත්ය ක්රියාව තුන් වරක් කියන්න . මෙම බුදු ගුණ සත්ය ක්රියාව එතැන් සිට දිනපතා උදේ හවස දිගින් දිගටම විභාගයෙන් පසුව ද පුරුද්දක් ලෙස භාවිත කරන්නට දරුවා හෝ දරුවන් හුරු කරවන්න. “බුදු ගුණ සත්ය ක්රියාව බුදු ගුණ සත්යයයි බුදු ගුණ සත්යයයි ඒ සත් බලයෙන් සෙත් වේවා දම් ගුණ සත්යයයි දම් ගුණ සත්යයයි ඒ සත් බලයෙන් සෙත් වේවා සඟ ගුණ සත්යයයි සඟ ගුණ සත්යයයි ඒ සත් බලයෙන් සෙත් වේවා අප කළ මේ පින් ඇත්තයි සත්යයයි ඒ සත් බලයෙන් සෙත් වේවා.”

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk