Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රජයේ රැකියාවක් හිමි ද? කේන්දරයෙන් බලා ගන්නා හැටි

1 year ago 7 Min read
Subha.lk
වර්තමානයේදී ඇතැම් පුද්ගලයන් රජයේ රැකියාවක්ම ලබා ගැනීමට උත්සාහ කරන බවක් පෙනේ. එහෙත් යථාර්ථය නම්, රජයේ රැකියාවක් කරමින් සාර්ථක වූ මිනිසුන් මෙන්ම රජයේ රැකියාවක නිරත වීම නිසා අසාර්ථක වූ මිනිසුන් ද අප අතර වේ. රජයේ රැකියාවක් නොකරමින් සාර්ථක වු මිනිසුන් සහ රජයේ රැකියාවක් සිදු නොකරමින් අසාර්ථක වු මිනිසුන් ද සිටී. කෙසේ වෙතත් උත්පත්ති කේන්ද්ර සටහනට අනුව රජයේ රැකියාවක් ලැබේද යන්න පිළිබඳ කේන්ද්ර සටහනින් සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. යම් උත්පත්ති කේන්ද්ර සටහනක 10 වැනි භාවය තුළ හෙවත් 10 කොටුව තුළ රවි ග්රහයා තැන්පත්ව ඇත් නම් එවැනි අයකුට රජයේ රැකියාවක් ලැබීමේ ඉහළ ඉඩක් ඇත. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී මෙවැනි පිහිටීමක් තිබුණද කේන්දර සටහනේ වෙනත් පිහිටීමක් නිසා රජයේ රැකියාවක් හෝ වෙනත් රැකියාවක් නොලැබෙන්නට ඉඩ ඇත. තම සහකරුවා හෝ සහකාරිය රජයේ රැකියාවක් කිරීම නිසා හෝ රජයෙන් ප්රතිලාභ ලබන්නට භාග්යය උදා වනු ඇත. සමහර විට සහකරුවා හෝ සහකාරිය කල් ඇතුව මිය ගියහොත් ඔහුගේ හෝ ඇයගේ විශ්රාම ප්රතිලාභය සම්පුර්ණයෙන් භුක්ති විඳීමට ද කේන්ද්ර හිමියාට හැකි වනු ඇත. තවද මේ ආකාරයට රවි ග්රහයා පිහිටා ඇති ඇතැම් අවස්ථාවලදී සෘජුවම රජයේ රැකියාවක් සිදු නොකළද කොන්ත්රාත් ගැනීම හෝ වෙනත් රජයට සම්බන්ධ ව්යාපාර කටයුත්තකින් ප්රතිලාභ ලබන්නට භාග්යය උදා වනු ඇත. කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක රවි ග්රහයා 11 වැනි භාවය තුළ තැන්පත්ව ඇත් නම් සෘජුව හෝ වක්රව රජයෙන් ප්රතිලාභ ලබන්නට භාග්යය උදා වනු ඇත. මීට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක රවි සහ ශනි යන ග්රහයන් සංයෝගව ඇත්නම් හෝ 5,7,9 යන ස්ථානයක ශනි ග්රහයා තැන්පත්ව ඇතිනම් රජයේ රැකියාවක් ලැබීමට ඉහළ ඉඩක් නිර්මාණය වෙයි. රජයේ රැකියාවක් හෝ වෙනත් රැකියාවක් ලැබීමට භූමි ලාභ හෝ භූමි දෝෂ ද ඉවහල් විය හැකි බව අප විසින් නිරීක්ෂණය කර ඇත. එනම් ඇතැම් නිවෙස්වල සිටින සෑම සාමාජිකයකු පාහේ රජයේ රැකියාවන්වල නිරත වන බව ද අප විසින් නිරීක්ෂණය කර ඇත. එමෙන්ම ඇතැම් නිවෙස්වල වෙසෙන අයට කෙතරම් උගත්කම තිබුණද රජයේ රැකියාවක් නොලැබෙන බව අප විසින් නිරීක්ෂණය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඉහත කී ප්රතිඵල ඉහත කී නිවාසවල වාසය කරන ඊළඟ පරම්පරාවලට ද එලෙසම ලැබීමය. මෙය සැලකිය යුතු තත්ත්වයකි. එනම් ඉහත කී ප්රතිඵල ග්රහ බලපෑම් ඉක්මවා භූමි දෝෂ, භූමි ලාභ හෝ පරපුරේ ජාන මත තීරණය වුවා විය හැකිය. කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක රවි ග්රහයා 10 වැනි භාවය තුළ තැන්පත්ව ඇති නම් කේන්ද්ර හිමියාගේ සහකරුවා හෝ සහකාරිය රාජ්ය අංශයකට අදාළ රැකියාවක් කිරීමේ ඉඩකඩ ඉතාමත්ම වැඩිය. තවද යම් උත්පත්ති කේන්ද්ර සටහනක රවි ග්රහයා 7 වැනි භාවය තුළ තැන්පත්ව ඇති විටද එම කේන්ද්ර හිමියාගේ සහකරුවා හෝ සහකාරිය රාජ්ය අංශයකට අදාළ රැකියාවක් කිරීමේ ඉඩකඩ ඉහළ යනු ඇත. ඉහත පිහිටීම් ද සහිතව ගුරු සහ ශනි යන ග්රහයන් සංයෝගව ඇති විට හෝ ශනිගෙන් 5,7,9 වැනි ස්ථානයක ගුරු තැන්පත්ව ඇති විට රජයේ විධායක මට්ටමේ රැකියාවක් කිරීමට ඇති ඉඩකඩ ඉහළ යනු ඇත. මීට අමතර ලෙස රාජ්ය අංශයක රැකියාවක් කිරීමට අදාළව ඉහත සඳහන් කළ ග්රහ පිහිටීම්වලට අමතර ලෙස ශනිගෙන් 5,7,9 යන ස්ථානයක බුධ ග්රහයා ඇත්නම් කේන්ද්ර හිමියාට රජයේ පාසලක හෝ රජයේ විශ්වවිද්යාලයක හෝ රජයේ මාධ්ය ආයතනයක හෝ රජයට සම්බන්ධ ඉලක්කම් භාවිත වන ආයතනයක හෝ රජයට සම්බන්ධ සන්නිවේදන ආයතනයක රැකියාවක් ලැබීමේ ඉඩකඩ ඉහළ යනු ඇත. එලෙසම මීට කලින් සඳහන් කළ රාජ්ය ආයතනයක රැකියාවක් කිරීමට අවශ්ය ග්රහ පිහිටීම්වලට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක ශනි සහ සිකුරු යන ග්රහයන් එකම කොටුවක ඇත්නම් හෝ ශනි සිටින කොටුව 5,7,9 යන කොටුවක සිකුරු ඇත්නම් එවැනි පිහිටීම් ඇති අයට රජයේ ගණකාධිකාරී සේවයේ රැකියාවක් හෝ රජයේ බැංකුවක රැකියාවක් හෝ රජයට සම්බන්ධ වෙනත් මුල්ය ආයතනයක රැකියාවක් හෝ ලැබීමේ ඉඩකඩ ඉහළ යනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk