Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගේ මැද පොකුණෙන් නිවැසියන්ට අපලද?

1 year ago 7 Min read
Subha.lk
මූල ධාතූන් අතර ආපෝ ධාතුව මූලික වෙයි. ජීවයේ මූල සාධකයක් ලෙසද සැලකෙන ජාලය ද ආපෝ ධාතුවට අයත් වන්නකි. දිශාවක් වශයෙන් සැලකීමේදී ආපෝ ධාතුවට හිමි දිශාව ඊශානයයි. මේ අනුව ජලය පිහිටු විය යුත්තේ ඊශාන දිශාවට ළංව වෙයි. එසේ වුවත් ඊශානයේ ජලය පිහිටු විය යුත්තේ පොළොවට පහළිනි. නිවෙසක හෝ උද්යානයක අලංකාරය පිණිස දිය ඇල්ලක් නිර්මාණය කිරීමේදී දිය ඇල්ල කවර ඉහළක සිට පතිත වුවද වැටෙන ජලය එක්රැස් වෙන පතුල පිහිටු විය යුත්තේ පොළොවට පහළිනි. අලංකාරව පෙනෙන සේ කවර ඉදිකිරීමක් සිදු කළද එහි ජලය දරා සිටිය යුත්තේ පොළොවට පහළිනි. ඊශානය මෙහිදී කෙතරම් ප්රධාන වුවත් උතුර හා නැඟෙනහිර දිශා ද පොකුණු ආදිය පිහිටු වීම සඳහා අනුචිත නොවේ. ඊශානයට ද කොටසක් පිහිටන පරිදි උතුරට හෝ නැඟෙනහිරට යෙදෙන සේ මෙවැනි පොකුණු ඉදිකිරීම අතිශයින් ප්රතිඵලදායක බවද කිව යුතුය. එසේ වුවත් ඉහළ ජල ටැංකියක් පිහිටු වීමේදී උචිත දිශාව වන්නේ නිරිත දිශාවයි. ජලය ඊශානයට යහපත් යැයි අසා තිබීමෙන් ඇතැම් භවතුන් එය ද ඊශානයට යොදා ඇති බව පෙනේ. මෙය අන්තරික්ෂ ශක්තියේ මනා ගලා යෑමට බාධා ඇති කරයි. පොළෙවට යටින් පිහිටුවා ඇති භූගත ජල ධාරක සඳහා නම් එසේ ඊශාන දිශාව උචිත වේ. නිරිතෙහි ඉහළ ජල ටැංකි යෙදිය නොහැකි අවස්ථාවන්හිදී දකුණ දිශාවේ හෝ බස්නාහිර දිශාවේ එවැන්නක් පිහිටු විය හැකිය. එතෙක් කිසිදු අවස්ථාවකදී පොකුණු ආදිය ඉදි කිරීම සඳහා නිරිත, දකුණ හෝ බස්නාහිර යොදා නොගත යුතු බව අවධාරණය කළ යුතුය. එසේ වුවත් සමාජයේ පැතිරී ඇති නිවෙස ඇතුළත පොකුණු පිහිටු වීම අයහපත්ය යන පොදු මතය අර්ධ සත්යයක් මිස පූර්ණ සත්යයක් නොවේ. එබැවින් දැනට නිවෙසේ ඇති පොකුණු ආදිය වසා දැමීමට ඉක්මන් විය යුතු නැත. එසේම මෙවැනි පොකුණු දෝෂ සහිත දිශාවක පිහිටුවා ඇති නම් එය ද කඩා බිඳ නොදමා පිරමීඩ නම් විස්මිත මෙවලමක් ඇසුරින් නිවාරණය කළ හැකි බව ද සැලකිය යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk