හරි වාස්තු ශිල්පියෙක් තෝර නොගත්තොත් සේරම ඉවරයි,

වාස්තු ශිල්පියකු ඔබගේ ඉඩමට ඇතුළුවී පළමුව ඉඩමේ සියලු ස්ථාන දෙස දෙනෙත් යොමු කරන අතර නිවෙසට පිවිසීමට පෙර නිවෙස අවට පරීක්ෂා කර පවුලේ අයගේ හැසිරීම් කතාබහ සියුම්ව අධ්‍යයනය කර ගමන බිමන ඇඳුම් පැලඳුම් පිළිබඳවද නිගමනය කිරීමෙන් පසු ඔබ සමඟ කතාබහට යොමු වේ.
මුලින් ඉහත කියූ කාරණා දෙස බැලීමට වාස්තු ශිල්පියාට විනාඩියක්වත් ගත නොවන අතර ඔහු ඔබගේ නිවෙසේ ඇති දෝෂ ඔබටත් නොදැනීම තහවුරු කර ගනු ලැබේ. නිවැරදි වාස්තු ශිල්පියකුට විනාඩි 10න් 15න් විනාඩි 30න් නිවෙසක් පරීක්ෂා කළ නොහැකි වන අතර අවම පැය දෙකක් හෝ ඊට වැඩි වේලාවක් ගත කිරීමට සිදු වේ. එලෙසම නියම වාස්තු ශිල්පියා නිවැරදිව නිවෙස පරීක්ෂා කරන අතර වාස්තු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදෙයි. ඒ සම්බන්ධ වැඩි යමක් නොදන්නා අය කෙටි වේලාවකින් නිවෙස පරීක්ෂා කර බලා සොච්චම් මුදලක් ගෙන පිටව යනු ඇත. එම හේතුවෙන් අසරණ ජනතාවට බොහෝ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.
නියම වාස්තු ශිල්පියා ඔබ නොදැනුවත්වම කරන සැලසුම් ඔබට ඔබේ ජීවිත කාලයටම හෙළිදරව් කර ගත නොහැකි වේ. වාස්තු ශිල්පියකු අනිවාර්යයෙන්ම නිවෙසක දෝෂ අත්දැයි සොයා බලන ස්ථාන පහත දක්වා ඇත. – භූමියට ඇතුළු වන පිවිසුම (ගේට්ටුව),
– නිවෙසේ ප්‍රධාන ෙදාර,
– උළුවහු ස්ථාන ගත කර ඇති තැන්,
– උළුවහු ජනෙල් සංඛ්‍යාව,
– කුස්සිය හෙවත් මුළුතැන්ගෙය,
– කාමර පරීක්ෂා කිරීම,
– නාන කාමර සහ වැසිකිළි,
– වහලය පිළිබඳව සහ වහලයේ අඩුපාඩු,
– බ්‍රහ්ම පාදය,
– කාමර දිසා ගත කර ඇති ආකාරය,
– ළිඳ පිළිබඳව,
– නිවෙසේ වර්ගඵලය (අය-වැයට සරිලන පරිදි තිබිය යුතු වේ.)
* ඉඩමේ කොටස්,
– ගස් වැල් මල් පිළිබඳව,
මෙම ස්ථාන පිළිබඳව සොයා බලන අතර නියමිත මිනුම් ක්‍රම වාස්තු ශිල්පියා දන්නා බැවින් එම මිනුම් අනුව සුබ අසුබ බලන අතර මේ කරුණු සියල්ලක්ම සුළු වේලාවකින් පරීක්ෂා කළ නොහැකි වේ.
එලෙසම වාස්තු ශිල්පියා විසින් ඔබ සහ ඔබේ නිවැසියන් පිළිබඳ සියලුම කරුණු මිනුම් සිදු කිරීමට මත්තෙන් දැන සිටින බව ඔබ නොදන්නවා විය හැකිය. තුන්කල් දක්නා නුවණකින් යුතු ඍෂිවරයන්ට විශ්ව ශක්තිය තේරුම් ගැනීමට පුළුවන් වූවා සේ වාස්තු ශිල්පියාටද එයින් බිඳක් හෝ තේරුම් ගැනීමේ ශක්තිය, ධෛර්යය සහ හැකියාව තිබිය යුතුය.
වාස්තු ශිල්පියා විසින් නිවැසියන් දැනුවත් කළ යුතු ආකාරය:
1. නියම වාස්තු ශිල්පියා නිවෙසේ කැඩීම්, බිඳීම් සිදු කරනුයේ කළ හැකි මාර්ගයක් නොමැති වේ නම් පමණි. ඒ සම්බන්ධ වෙන විකල්ප මාර්ගද ඔහු සතුව ඇත.
2. නිවැසියන් අසන සෑම ප්‍රශ්නයකටම හෘද සාක්ෂියට එකඟව පිළිතුරු සපයනු ඇත.
3. වෙනස් කළ නොහැකිම දෙයට කෙම් ක්‍රම භාවිත කිරීමටද උපදෙස් දෙනු ඇත.
4. නිවෙසේ මිනුම් ක්‍රම නිවැරදි ලෙස ලබාදෙයි.
5. ප්‍රශ්න සියල්ලම නිරවුල් කර ප්‍රශ්න ඉතුරු නොකරනු ලැබේ.
6. ගෘහ හිමියන්ට වාස්තු සංකල්පය පැහැදිලි කර දෙයි.
7. නිවෙස වර්ග කර සියලු දෝෂ හොඳින් නිවැරදි කර වෙනස් කළ යුතු දේවල්වලට නැකැත් දින වේලාවන් දෙනු ඇත.
8. නිවෙසක ගෘහ භාණ්ඩ සහ මිරිස් ගල වැනි දෑ තබන ස්ථාන පැහැදිලි කර දෙයි.
9. නිවැසියන්ට විශ්ව ශක්තීන් ප්‍රයෝජනයට ගෙන වාස්තු විද්‍යානුකූලව ජීවත් වීමට ගහ කොළ මල් ආදිය අවශ්‍ය බැවින් ශාක පිළිබඳවද දැනුවත් කරනු ඇත.
නිවැරදි වාස්තු ශිල්පියකු හඳුනා ගැනීමට මාගේ මේ ලිපියේ සඳහන් කරුණු සහ උපදෙස් ඉතා වැදගත් වේ. එලෙසම නිවෙසක් ඉදිකිරීමේදීද බොහෝ කරුණු වැදගත් වේ.
1. ශරීර සෞඛ්‍යයට හා ජීවිතයට ඔරොත්තු දෙන ස්ථායක් තෝරා ගැනීම.
2. ආරක්ෂාව හා ශක්තිමත් බව සහ කල්පැවැත්ම ගැන හිතා බැලීම.
3. සිතට සතුට සැනසුම ගෙන දෙන අයුරින් බාහිර අලංකාරය ඇති කර ගැනීම.
මේ සියලු කරුණු අනුව ඔබේ නිවෙස වාස්තු විද්‍යානුකූලව ඉදි කර ගන්න. වර්තමානයේ නිවාස සැලසුම් අඳින ශිල්පීන් වාස්තු නොසලකා බාහිර අලංකාරය පමණක් ගැන සිතා සැලසුම් නිර්මාණය කිරීම හේතුවෙන් මිනිසුන් බොහෝ ගැටලුවලට මුහුණ දෙනු ඇත. වාස්තු අවබෝධය නොමැති අය කළ සැලසුම් බොහොමයක් මාගේ වාස්තු පරීක්ෂාවන් තුළ නිවැරදි කර ඇති අතර අද ඔවුන් සතුටින් කල් ගෙවනු ඇත. ප්‍රායෝගික අත්දැකීම් නොමැති අයට වාස්තු විද්‍යාව කළ නොහැකි නිසා ඔබ කල්පනාකාරීව වාස්තු ශිල්පියකු වෙත යොමු වෙන්න. අත්තිවාරමට කළු ගල් බැඳීමටද වාස්තු විද්‍යාවේ ක්‍රම ඇත. මා අද ඔබ හමුවේ තැබූයේ වාස්තු විද්‍යාවේ කරුණු කිහිපයක් පමණි. වාස්තු විද්‍යාව අනුව ක්‍රියා කර ඔබේ නිවෙස ඉදිකිරීම් තුළින් සතුට සෞභාග්‍ය උදාකර ගන්න.
Advertisements


