Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබටත් සිහිනෙන් දෙවිවරු පෙනෙනවාද?

1 year ago 7 Min read
Subha.lk
ඔබ දන්නවාද දෙවියන් සැමට වඩා සිහිනයෙන් පෙනී සිටින්නේ දෙවියන්ට යහපත් මනසින්, දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින්, සත්යය භක්තියකින්, ගෞරවයකින් යුතුව පුද පූජාවන් හා වන්දනාවන් කරනා බැතිමතුන්ටයි. යම් දෙවියකු වෙනුවෙන් අපේ ගෞරවය, භක්තිය, විශ්වාසය අධික නම්, ඔබට වැඩි වශයෙන් එම දෙවියන්ගේ පිහිට ආධාර ලැබෙනා බව පිළිගන්නේ නම්, තමන් එම දෙවියන්ගේ සැබෑ බැතිමතකු ලෙස පිළිගන්නේ නම්, එවැනි බැතිමතුනට එම දෙවියන් සිහිනයෙන් දර්ශනය වීම කාලයකදී එක් වරක් හෝ කිහිපවාරයක් හෝ දිවි ඇතිතෙක් වරින් වර සිදු වනු ඇති. ඔබේ මනසේ පවතින ශුද්ධභාවය හා ශාන්තභාවය මත දෙවියන් සිහිනයෙන් දර්ශනය වන වාර ගණන අඩු-වැඩි වනු ඇත. මන්ද අන්යයන්ට වඩා දේව භක්තිය සමඟම තැන්පත් වූ මානසික තත්ත්වයක් පවත්වාගෙන යන පුද්ගලයකුට දෙවියන් දර්ශනය වීමට අවශ්ය සුදුසුකම් පරිපූර්ණව පවතින නිසා. සාමාන්‍යයෙන් අපි දකිනා සියලුම සිහිනයකම පාහේ යම් යම් අර්ථයන් සැඟව තිබේ. ඒ අතරිනුත් සිහිනයෙන් දෙවියන් දර්ශනය වී නම් එහි විශේෂ අර්ථයක් හා පණිවුඩයක් ප්රකට කෙරේ. ඒ වගේම දෙවියන් සිහිනයෙන් පෙනීම දුර්ලභව සිදු වන දෙයක් වශයෙන්ද, ඉතාම සුබ සංකේතයක් වශයෙන්ද පිළිගැනේ. නමුත් සමහරක් අවස්ථාවකදී දෙවියන් ඔබ ඉදිරියේ දර්ශනය වන ස්වරූපය අනුව, එසේ දෙවියන් සිහිනයෙන් දැකීම සුබද අසුබද යන්න තීරණය වන බවද සඳහන් වේ. එනම් දෙවියන් ශාන්ත, පියකරු ස්වරූපයෙන් ඔබට දර්ශනය වේ නම් එය ඉතාම සුබ සංකේතයක් ලෙස පිළිගැනේ. එම දෙවියන්ම ඉතා රෞද්ර, භයානක, උග්ර ස්වරූපයෙන් පෙනී සිටී නම් ඔබට යම් අසුබ සංකේතයන් පෙන්නුම් කරයි. බුද්ධ දේශනාවන් තුළත්, හින්දු සනාතන ධර්මය තුළත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා වැඩවාසය කරනා බව සඳහන් වේ. එසේ වැඩ වාසය කරනු ලබන සියලුම දෙවියන් නාමිකව හැඳින්වීමත් එම දෙවියන් සිහිනයෙන් පෙනීමේ අර්ථය මෙය යැයි කීමත් ප්‍රායෝගිකව කළ නොහැක්කක් වන නිසා, අප බොහෝදෙනා දන්නා අදුනන ප්‍රමුඛ ප්‍රධාන දේවතාවුන් වහන්සේලා කිහිපදෙනකු සිහිනයෙන් පෙනීමෙන් පෙන්නුම් කරන සුබ සංකේතයන් මොනවද යන්න ගැන අපි දැන කියා ගමු. ශ්‍රී මහා දුර්ගා මාතාව දර්ශනය වීම - සියලු දෙවියන්ගේ මාතාව වූ විශ්ව මාතා, ජගත් ජනනි ආදී මහා පරා ශක්ති ශ්‍රී මහා දුර්ගා මාතාවන් සිහිනයෙන් දර්ශනය වීම ‘ස්වප්න ශාස්ත්රයට’ අනුව (සිහින පලාපල) ඉතාම සුබ සංකේතයක් වශයෙන් පිළිගනු ලැබේ. දුර්ගා මෑණියන් රතු වර්ණ වස්ත්‍රයෙන් හා අලංකාර අභූෂණයන්ගෙන් (ආභරණ) සැරසී එතුමියගේ සැබෑ ස්වරූපය වූ මනස්කාන්ත, පියකරු, රූමත් ස්වභාවයෙන් සිනාසෙමින් සිටිනා ආකාරයෙන් දර්ශනය වේ නම්, එයින් ඔබට ඉදිරියේදී සියලුදේ යහපත්ව සිදු වනා බවත්, ඔබ ප්‍රාර්ථනා කළ ආකාරයෙන්ම සෑම කටයුත්තක්ම සාර්ථකව කර ගැනීමට හැකියාව උදාවන බවත්, ඔබට ඕනෑම ක්ෂේත්‍රයක් තුළ දියුණුවක් ලබා ගැනීමට අවස්ථාවන් උදාවන බවත්, මෙතෙක් පිඩා විඳි යම් යම් මානසික පීඩාවන් හා කායික රෝග පීඩාවන්ගෙන් මිදී සුවපත් භාවය ලැබීමට හැකියාව ලැබෙනා බවත්, ඔබ මේ තාක් කාලයක් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි “සුබ ආරංචියක්” ඇසීමට ලැබෙනා බවත් දුර්ගා මෑණියන් සිහිනයෙන් දර්ශනය වීමෙන් පෙන්නුම් කරයි. ශිව ලිංගය දර්ශනය වීම - දෙවියන්ගේ දෙවියන් වන දේවාති දේව වූ මහා දෙවියන් හෙවත් ශිව දෙවියන් සිහිනයෙන් ‘ශිව ලිංග’ ස්වරූපයෙන් දර්ශනය වේ නම් එය ඔබට සුබ පල ගෙන දෙන සුබ සංකේතයක් ලෙස සැලකේ. සිහිනයෙන් ශිව ලිංගය දර්ශනය වේ නම් ඔබට ඔබේ සතුරන්ගෙන් මිදී සැනසීමට ලැබෙනා බවත්, ඔබේ විනාශය ප්‍රර්ථනා කරනා අයටත්, ඔබට විරුද්ධව සතුරුකම් කරනා අයටත් අල්පමාත්‍රයකුදු හානියක් ඔබට කිරීමට නොහැකි වන බව පෙන්නුම් කෙරේ. ඉදිරියේදී ඔබේ සියලු කරදර පීඩාවන් දුරු වන බවත්, ඔබේ දියුණුව වෙනුවෙන් කටයුතු සැලසෙනා බවත්, ඔබට සාර්ථකව අභියෝග සියල්ල ජය ගෙන ඉදිරියට යෑමට මාර්ගය පෑදෙනා බවත් පෙන්නුම් කෙරේ. ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් දර්ශනය වීම - ශ්‍රී හරි නාරායන, ශ්‍රී විෂ්ණු අවතාර පරමාත්මා ශ්‍රී ක්‍රිෂ්ණ දෙවි¾දුන් සිහිනයෙන් දර්ශනය වේ නම් එය බොහෝ යහපත් මංගල නිමිත්තක් ලෙස පිළිගැනේ. ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් දර්ශනය වීමෙන් නුදුරු දිනයකදී ඔබේ ජීවිතයට ඔබව හොඳින් තේරුම් ගන්නා ඔබට යහපත් කරුණා ගුණයෙන් සලකනා, ඔබේ සෑම කටයුත්තකදීම අත හිත දෙන, උදවු උපකාර කරන ආදරණීය හිතවතකුගේ හෝ ආදරවන්තයකුගේ පැමිනීමක්, මුණගැසීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ක්‍රිෂ්ණ දර්ශනය වීමෙන් ඔබේ දිවියට සමෘද්ධිය උදාවන බවත් ජීවිතේ ඔබ බලාපොරොත්තුවෙන් සිටි සතුටින් ආදරයෙන් පිරීගිය කාලවකවානුවක ආරම්භය සිදු වේ. ඔබට ඔබේ සැබෑ ප්‍රේමය මුණ ගැසෙනා බවට ඉඟියක් ලබා දීමටත්, ඔබේ ජීවිතයට ප්‍රේමය, අනුරාගය එකතු වන බවත් පෙන්නුම් කෙරේ. ශ්‍රී රාම දෙවියන් දර්ශනය වීම - ශ්‍රී විෂ්ණු අවතාර ශ්‍රී රාම දෙවියන් සිහිනයෙන් පෙනීමෙන් ඔබට ඉදිරියේදී ඇතිවන බොහෝ බාධාවන්ගෙන් මිදී ඉදිරියට පහසුවෙන් යෑමට හැකිවන බව පැවැසේ. ඔබ මෙතෙක් යම් ප්‍රශ්නයකට කරදරයකට පත්ව, දුක් විඳිමින් සිටියා නම්, ඔබ එම කරදර සියල්ලෙන් නිදහස් වී සැනසුම් ලබනා බව සැලවේ. ඔබේ යහපතට බොහෝ වරප්‍රසාදයන් හිමි වීමට නියමිත බව පැවැසේ. එමෙන්ම ඔබේ ආදරණීය මවුපියන් සමඟ ඇති සම්බන්ධතාවන් ශක්තිමත් වන අතර ඔවුන්ගේ ආශීර්වාදයෙන් ඔබට ජීවිතය සාර්ථකව ගෙවීමට හැකිවන බව හඟවයි. මහා ගණපති දෙවියන් දර්ශනය වීම - ප්රථම පූජ්ය වූ සියලු බාධාවන් දුරලන්නා වූ, මංගල මූර්ති වූ මහා ගණපති දෙවියන් සිහිනයෙන් පෙනීම ඉතාම සුබ සංකේතයක් ලෙස සැලකේ. ගණ දෙවියන් සිහිනයෙන් දැකීමෙන් ඔබගේ බොහෝමයක් අපේක්ෂාවන්, බලාපොරොත්තු, ඉටු නොවූ ප්‍රාර්ථනාවන් ඉක්මනින් ඉටුවෙනා බවත්, ඔබට ඉතා යහපත් කාලයක් උදාවන බවත්, ඔබේ ජීවිතේ සිදු වන සෑම යහපත් දෙයක්ම ඉතාම හොඳින් සිදු වනා බවත් පැවැසේ. ගණ දෙවියන් දර්ශනය වීම ඔබේ නිවෙසට සතුට, ශාන්තිය, ධනය, බලය, කීර්තිය නොඅඩුව ලැබෙනා කාලයක උදාව පෙන්නුම් කරයි. ඒ වගේම ඉදිරියේදී බොහෝ සුබ කාර්යයන් සිදු වනා බවත් ගණදෙවියන් දර්ශනය වීමෙන් ඉඟි කරයි. හනුමාන් දෙවියන් දර්ශනය වීම - ශ්‍රී රාම දෙවිඳුන්ගේ පරම භක්තික හනුමාන් දෙවියන් සිහිනයෙන් දර්ශනය වීම සුබ සංකේතයක්වේ. හනුමාන් දෙවියන් විශාල යෝධ ස්වරූපයෙන් දර්ශනයවේ නම් ඉන් ඔබ ඉතා ඉක්මනින්ම සතුරන්ගෙන් මිදී ජයගන්නා බව පෙන්වයි. ඔබ හනුමාන් දෙවියන්ගේ මන්දිරයක් (දේවස්ථානයක්) සිහිනයෙන් දුටු වේ නම් ඔබ කරනා ලද විශේෂ ප්‍රාර්ථනාවක් ඉටුවනා බව පැවැසේ. ඔබ හනුමාන් දෙවියන් සැතපී සිටිනා ඉරියව්වෙන් දකී නම්, ඉන් ඔබ මෙතෙක් පීඩා විඳි රෝගයකින් මිදී සුවපත් වන බව සැලවේ. ඔබ හනුමාන් දෙවියන් ඉගිලී යන ඉරියව්වකින් දුටුවේ නම් ඔබ නියැළී සිටිනා ක්‍ෂේත්‍රයේ උසස්වීමක් ලැබීම හෝ විදේශ සංචාරයන් යෑමට අවස්ථාවන් උදාවීමට ඇති බව පෙන්නුම් කරයි. භගවාන් ශ්‍රී හරි නාරායන විෂ්ණු දෙවියන් සිහිනයෙන් දර්ශනය වීම - ලෝක පාලකයාණන් වහන්සේ වන ශ්‍රී විෂ්ණු දෙවියන් සිහිනයෙන් දර්ශනය වීම ඉතා සුබ දුර්ලභ කාරණාවකි. විෂ්ණු දෙවියන් දර්ශනය වීම ඔබේ අපල උපද්‍රවයන්ගෙන් පීඩා විඳි කාලය අවසන් වන බවත්, ඔබට ඉදිරියේදී ඉතා යහපත්වූ, ශාන්තියෙන්, සැනසීමෙන් පිරි කාලයක් උදාවන බවත් පැවැසේ. එමෙන්ම සැපය, බලය, යස ඉසුර පිරි ජීවිතයක් උදාවන බවත්, ඔබ සමාජයේ ගෞරවයට පැසසුමට ලක්වන අයකු බවට පත් වන බවත් පැවැසේ. ඔබ විසින් අතරමඟ නවතා තැබූ යම් කටයුතු වේ නම් නැවත ඒවා ආරම්භ කිරීමට හැකියාව උදාවන බවද හඟවයි. මහා ලක්ෂ්මී මෑණියන් දර්ශනය වීම - සියලුම දෙවියන් අතර මහා ශ්‍රියාව වූ රූප සෞන්දර්යයෙන් අග්ර වූ ධනයට, සෞභාග්යට, ශ්‍රියාවට අධිපතිනිය වූ මහා ධන ලක්ෂ්මී මාතාවන් සිහිනයෙන් දැකීම ඉතාම පුණ්‍යවන්ත සුබ වාසනාවක් ලෙස සැලකේ. ධන ලක්ෂ්මී මෑණියන් දර්ශනය වීමෙන් ඔබට වැඩිකල් නොගොස් ධන සම්පත් උදාවන බව පෙන්නුම් කෙරේ. ඔබට මෙතෙක් නොලැබුණු ආකාරයේ සෞභාග්‍යයෙන් පිරි, අගහිඟයකින් තොර වාසනාවන්ත කාලයක උදාවක් වන බව පැවැසේ. ඔබ විසින් අතරමඟ නවතා දැමූ ව්‍යාපාරයන්, නිවාස ඉදිකිරීම්, සුබ කාර්යයන් සාර්ථකව පූර්ණය කර ගැනීමට කටයුතු සැලසෙන බව පෙන්වයි. ඔබ ජීවිතයේ වඩා සතුටින්ම ගත කරන කාලය උදා වන බව ලක්ශ්මී මෑණියන්ගේ දර්ශනය වීම පවසයි. මහා සරස්වතී මෑණියන් දර්ශනය වීම - දෙවියන් අතර පරම පිවිතුරු මහා බ්‍රහ්මානීය ලෙස සැලකෙන මහා බ්‍රහ්ම දෙවියන්ගේ පතිනිය වූ සකල කලාවට, අධ්‍යාපනයට, ධාරණ ශක්තියට අධිපතිනිය වූ මහා සරස්වතී මෑණියන් සිහිනයෙන් දර්ශනය වීම ස්වප්න ශාස්ත්රයට අනුව අධ්‍යාපනයේ යෙදී සිටින හෝ අධ්‍යාපනය, කලාව යන ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධව කටයුතු කාරනා ඇත්තන්ට ඉතාම සුබ කාලයක් උදාවන බව පෙන්නුම් කරයි. ඒ අනුව එම ක්‍ෂේත්‍රයන්ගේ නියුතු අයට එම කටයුතුවලින් ජයග්‍රහණයන්, උසස්වීම් හා සාර්ථකවීම් ලැබීමට ඇති බව සැලවේ. පවුලේ හැමදෙනා සමඟ සතුටින් ගත කිරීමට අවස්ථාවන් හා කාලය උදාවන බව හැඟවේ. ඔබ විසින් කලාවට හෝ අධ්‍යාපනයට සම්බන්ධව යම් ප්‍රාර්ථනාවක් සිදු කර ඇතිනම්, එය ඔබ සිතූ ආකාරයෙන් ඉෂ්ට වන බව පෙන්වීම සඳහා සරස්වතී මෑණියන් දර්ශනය වීම සුබ නිමිත්තක් වේ. මහා කාලි මෑණියන් දර්ශනය වීම - රෞද්ර ස්වරූපයෙන් යුතුව මහා භයානක කාල ස්වරූපයෙන් මහා කාලි මෑණියන් දර්ශනය වේ නම්, එය ඔබට අසුබ සංකේතයක් නොවේ. එයින් ඔබට මහා කාලි මෑණියන්ගේ ආරක්ෂාව ලැබෙනා බවත්, සතුරන්ගෙන් ඔබට මින්මතු කරදර හිරිහැර සිදු නොවනා බවත්, ඔබට මෙතෙක් වැරදි කළ ඇත්තන්ට සුදුසු දඬුවම් ලැබෙනා බවත්, ඔබගේ සතුරන් ඔබ ඉදිරියේම විනාශ වන බවත් පෙන්නුම් කෙරේ. ඒ වගේම ඔබ විසින් මෑණියන්ගෙන් ඉල්ලූ ප්‍රාර්ථනාවක්, වරමක්, උපකාරයක් ඉක්මනින්ම තමා හට ලැබෙනා බව පෙන්නුම් කිරීමක් වශයෙන්ද මහා කාලි මෑණියන් සිහිනයෙන් දර්ශනය වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk