Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ග්‍රහ මාරු සිදුවන හැමවිටම බියවිය යුතුද?

1 year ago 7 Min read
Subha.lk
ප්රඥාවන්ත මිනිසුන් අෑත අතීතයේ සිට අද දක්වාම ජේයාතිෂයේ විවිධ අංගයන්ගෙන් විපුල ඵල නෙළා ගැනීමට පුරුදුව සිටී. ඒ අතර පලාපල, අනාවැකි, මුහුර්ත, නැකැත්, නාමකරණය, වාස්තු විද්යාව ආදිකොට ඇති නානා අංග වර්තමානයේද ඉතාම සුලභව භාවිත වේ. පලාපල නොඑසේනම් අනාවැකි පිළිබඳව සියල්ලටම වඩා මිනිසා උනන්දුවනු දක්නට හැකිය. පලාපල මෙන්ම අනාවැකි ප්රකාශනයට කිව නොහැකි තරමේ කරුණු හා සිද්ධාන්ත භාවිතවන නමුත් එයින් කිහිපයක් හෝ පාඨක ඔබගේ දැන ගැනීමට සටහන් කරනු කැමැත්තෙමි. ජන්මපත්ර පරික්ෂාව, පොදු ලග්න පරික්ෂාව, චන්ද්ර ග්රහණ, සූර්ය ග්රහණ, සංක්‍රාන්ති, ග්රහ මාරු, ග්රහ සංයෝග, උල්කාපාත, විදුලි කෙටීම්, අශනි, දේදුනු, උත්පාත, පරිවේශ, නිර්ඝාත ආදීකොට ඇති අප්‍රමාණ කරුණු හා සිද්ධාන්ත ඇත්තේය. මේ කරුණු අතරින් අද අප සාකච්ඡාවට ගනුයේ වර්තමානයේ ජේ‍යාතිර්වේදීන් මෙන්ම සාමාන්ය ජනතාව පවා උනන්දු වන ග්රහ මාරුවීම් පිළිබඳවය. සමහරවිටෙක සමාජ, විද්‍යුත් හා මුද්‍රිත මාධ්යයක දෛනික හෝ සතිපතා පළවන පලාපල ප්‍රකාශයන් පිළිබඳව උනන්දු නොවන අය පවා ග්රහ මාරුවීම් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවක් දක්නට තිබේ. සාමාන්ය ජනයාගේ සන්තානය තුළ අනිටු ඵල ප්‍රකාශ වී ඇත්නම් අනියත බියක්ද ඉෂ්ට ඵල ප්‍රකාශ වී ඇත්නම් අධික සතුටක් සමඟ බලාපොරොත්තු ගොන්නක්ද ඇතිවීම ස්වාභාවිකය. එහෙත් සත්‍යනම් ග්රහ රාශි මාරුවකදී කියන පලාපල එය සිදුවූ දින සිට අවසානය දක්වා එක දිගට බල නොපාන බවයි. (එසේ ඵල ලබා දෙන්නේ බුධ හා රාහු / කේතු පමණි) එය සාකච්ඡාවට ප්රථම ග්‍රහයන් රාශිවල ගත කරන කාලයන් පිළිබඳව දළ අදහසක් ඇතිකර ගැනීම වැදගත්ය. ඒ මෙසේය. රවි මාස 01, ශුක්ර මාස 01, බුධ මාස 01, කුජ මාස 01 1/2, ගුරු වර්ෂ 01, ශනි වර්ෂ 02 1/2, සදු දින 02 1/2, වශයෙන් රාශියක ගමන් කරන බව “පක්ෂත්රයං තිෂ්ඨති ලෝහිතාඞ– පක්ෂද්වයං ශුක්ර බුධෝ රවිශ්ව - අබද– ගුරු පංචයනානි ගෞරි- දිනද්වයං වර්ධිනාව චන්ද්‍රා” යන ශ්ලෝකයෙන් දත හැකිය. එහෙත් මෙම කාලයන් සාමාන්ය කාලයන් වන බවත් රවි සදු හැර අනෙක් ග්‍රහයන්ගේ වක්‍රවීම්, ශීඝ්‍රවීම්, මන්දවීම් ආදිය මත වෙනස්වන බවත් මතක තබාගත යුතුය. ග්රහ මාරුවකින් පලාපල ලැබෙන ආකාරය නැවත විමසා බලමු. උදාහරණයක් ලෙස රවි ග්‍රහයා රාශියක් මාරු කිරීමෙන් අනතුරුව පලාපල ලබාදෙනුයේ රාශියේ මුල් අංශක දහය (10) තුළ දීය. එසේ නොමැතිව අංශක තිහක් වූ (30) රාශිය තුළ ගමන් කරන සම්පූර්ණ මාසයම පල හෝ අපල ඇති නොකරයි. කුජ ග්‍රහයාද එසේම මුල් අංශක 10 තුළදී පල හෝ අපල ඇති කරයි. ගුරු හා සිකුරු අංශක 10 සිට 20 දක්වා වන රාශි මධ්‍යයේ පලදීමට නියමිතය. එයින් පිටත ඔවුන් රාශියේ ගමන් කරන නමුත් පල අපල ඇති නොකරයි. ශනි හා සදු රාශියේ අංශක 20 සිට 30 දක්වා වන අවසාන කොටසේ පලදීමට නියමිතය. බුධ හා රාහු පමණක් රාශියේ සියලුම අංශකයන් තුළ පල හෝ අපල ලබාදේ. ඒ බව මහාඍෂි වශිෂ්ඨ මුනිවරයන් විසින් මෙසේ පැහැදිලි කර ඇත. “ආදිගතෞ ඵලදෞ රවි භෞමෞ - මධ්‍යගතෞ ඵලදෞ ගුරු ශුක්‍රරෞ - අන්ත්ය ගතෞ ඵලදෞ ශනි චන්ද්‍රරෞ - සර්ව ගතෞ ඵලදෞ බුධ රාහරෞ.” මේ අනුව අංශක 30 වූ රාශියකට ග්‍රහයකු මාරුවූ පමණින් හෝ එම ග්‍රහයා එම රාශිය තුළ ගෝචර වන සම්පූර්ණ කාලය තුළ පල හෝ අපල ඇති කරතැයි බියවීමට හෝ සතුටුවීමට හේතුවක් නැත. එසේම තම ජන්ම පත්රය අනුව එම රාශීන් පතිත වන භාවයන් අනුවද පලාපල වෙනස් වන බව දක්නට හැකිය. තවත් සියුම් කරුණු රැසක් ඇති නමුත් සියල්ල සටහන් කිරීමට ලිපියේ ඉඩ ප්‍රමාණවත් නැත. රාශි ගුණයත් භාව ගුණයත් ස්ථානීය බලයත් දශානු දශාත් අනුව පලාපල ලැබෙනුයේ කිනම් කාලයක දැයි දක්ෂ ජේ‍යාතිර්වේදියකු ලවා තම ජන්ම පත්රය පිරික්සා දැන ගැනීම මැනවි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk