Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුබ පල ලැබෙන විදිහට ගේ හැඩ කරන්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk
වාස්තු ශාස්ත්රය බොහෝ ශිල්පීන් අතර ඉදිකිරීම් කාර්යයට පමණක් සීමා වී ඇති බව පෙනුණද නූතන වාස්තු විද්යාවේ එන ශක්තිමය විග්රහය අනුව සැලකීමේදී එය එවැනි සරල සීමාවක පිහිටුවා පැහැදිලි කළ හැක්කක් නොවේ. ඉදිකිරීමේ ඇති බලපෑම මෙන්ම එයට පරිවාර වූ උද්යාන අලංකරණ, ගෘහ භාණ්ඩ මෙන්ම විවිධ ගෘහ අලංකරණ විධි ද මෙකී ශක්තිමය විග්රහයට ඇතුළත් කර ගැනීමට වර්තමානයේදී අනිවාර්යයෙන් සිදු වේ. ඒ සඳහා වු විවිධ ඉඟි ද පුරාතන වාස්තු පොතපත ඇසුරෙන් ද සොයා ගත හැකි බව ද මෙහිදී අපගේ අධ්යයනයට ලක්ව ඇත. ගෘහ අලංකරණයේදී නිරන්තරයෙන් භාවිතා කරන්නක් ලෙස තිර රෙදි භාවිතය හඳුන්වා දිය හැකිය. එහිදී ශක්තිය නිවෙසට කැඳවා ගැනීමටත් නිවෙස අභ්යන්තරයේ ඇති ශක්තිය ඉවතට යෑම වළකා ගැනීමටත් තිර රෙදි යොදා ගත හැකි බව අපගේ අවධානයට ලක් විය යුතුය. මේ සඳහා ඊශානය ප්රධාන උතුරු හා නැඟෙනහිර දිශාවන්හි ඇති කවුලු ආවරණය කිරීම සඳහා තුනී තිර රෙදි භාවිතය මෙන්ම නිරිත ප්රධාන දකුණ හා බස්නාහිර දිශාවන් සඳහා ඝන තිර රෙදි භාවිතය උචිත වේ. එසේ කිරීමෙන් නිවෙසේ අභ්යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්රතාව වේගයෙන් වැඩි වන බව ඉතා පැහැදිලිය. විවිධ අලංකරණ කටයුතු සඳහා විවිධ නාද නිකුත් කරමින් සුළඟට සෙලවෙන දේ එල්ලීමත් වර්තමානයේ බොහෝ නිවෙස්වල දක්නට ලැබේ. එය විවිධ ශාස්ත්රයන්හි විවිධාකාරයෙන් විග්රහ කර තිබීම කෙසේ වුවත් නිසැක වශයෙන්ම ආකාෂ ධාතුව බලවත් කරන මෙන්ම නිවැසියන්ගේ ශක්ති ශරීරය හෙවත් ප්රභා මණ්ඩලය බලවත් කරන කදිම උපාය මාර්ගයක් බව ද නොකියාම බැරිය. එමෙන්ම වෙන් කිරීම් ආදිය සඳහා යොදා ගන්නා විවිධ මෙවලම් භාවිතයේදී යකඩ මිශ්ර නොවන දෑවලින් එය සිදු නොකළ යුතු බව ද අවධාරණය කළ යුතු වෙයි. එහිදී යොදාගන්නා වර්ණ ද අතිශයින් වැදගත් වේ. මේ සඳහා වර්ණ විසින් මනුෂ්යයාට සිදු කරන බලපෑම පිළිබඳ පර්යේෂණ සියුම්ව පරිශීලනය කිරීම ද වැදගත් වේ. අලංකරණය සඳහා කෘත්රීම මල් ආදිය යොදා ගැනීමෙන් ද පෙර කී වර්ණ හා ඒවා තනා ඇති ද්රව්ය පිළිබඳ සැලකිය යුතු අතර විවිධාකාර යන්ත්ර සූත්ර විද්යුතය (විදුලිය) ආදිය යොදා ගැනීම ද එහිදී අත්යවශ්ය වේ. මේ අනුව සරල ලෙස සැලකුවද ඉදිකිරීම්හි පවත්නා වාස්තු විග්රහයකට නොදෙවැනි බලපෑමක් සිදු වන පරිදි අභ්යන්තර ගෘහ අලංකරණ ක්රමවේද යොදා ගත හැකි බව දැක්විය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk