Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසින් පිටත පහන් පත්තු කිරීමෙන් අමනුෂ්‍ය බැල්ම වැටෙනවාද?

1 year ago 7 Min read
Subha.lk
ගම්භාර දෙවියන්ට පහන තබන හරි විදිහ - ගම්භාර දෙවියන් වෙනුවෙන් පහන් තැබීමේදී එම පහන තබන්නේ නිවෙසින් පිටත ස්ථානයක නිසා එම පහනට පහත් පෙළේ ඥාති,ප්රේත,භූත බලවේගවල බැල්ම වැටෙනවා දැයි එක් පාඨකයකු විමසූ ප්රශ්නයක්. තවත් පාඨකයකු පැවසුවේ ගම්භාර දෙවියන්ට තබන පහනට ප්රේත බලවේගයක් පැමිණ ඇති බවත් එම බලවේගය ඉවත් කර ගැනීම සඳහා ශාන්ති කර්මයක් කළ යුතු බව ආරූඪයෙන් ශාස්ත්ර කියන ස්ථානයකින් තමන්ට දැනුම් දුන් බවයි. ඒ ප්රශ්න දෙක ඇතුළු තවත් බොහෝ විමසුම් පිළිබඳ සලකා බලා මම මේ අදහස් දැක්වීම සිදු කරනු ලබනවා. අප බොහෝ දෙනකු අමතක කර දමා ඇති එහෙත් මතක තබා ගත යුතු එක කාරණයක් මම නැවත මතක් කරන්නම්. තිලොවට තිලක වූ අමා මෑණි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය ශ්රාවක ශ්රාවිකාවියන් වන අප " නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං " යන බුදු වදන නිතර සිහිපත් කළ යුතුයි. "බුදු සරණ හැර මට අන් සරණක් නැත." යනුවෙන් එහි සිංහල තේරුම දැක්වෙනවා. මේ උතුම් සත්ය ක්රියාව අප සතුව තිබියදී මියගිය ඥාති, ප්රේත බලවේගවලට බයේ ඇකිලෙන්නේ ඇයි? මේ ඥාති සහ ප්රේත බලවේග වර්ග දෙකක් සිටිනවා. පළමු වැන්න කුසල් වඩන උසස් ගණයේ ඥාති බලවේගයි.මේ ඥාති බලවේගවලින් කිසිවකුට හානියක් සිදු වන්නේ නැහැ. දෙවැනි වර්ගය පහත් පෙළේ ඥාති බලවේගයි. මේ ඥාති බලවේග තම ඥාතීන්ගේ කඳ අල්ලාගෙන එම ඥාතීන් නොමඟ යැවීමට කටයුතු කරනවා. තමන් දෙවි කෙනකු බව හඟවා මුළා කරනවා. පවුල් අවුල් කරනවා. නැති ප්රශ්න ඇති කරලා ඔවුන්ගෙ සතුට නැති කරනවා. දැන් අපි ගම්භාර දෙවියන්ට පහන් තැබීමට අදාළ කාරණා පිළිබඳ විමසා බලමු. ගම්භාර සිද්ධ සූනියන් කියන්නේ පින්වත් දිව්ය රාජයෙක්. ඒ දෙවියන්ට කැප කර පූජා කර දල්වන පහනකට කිසිදු අහිතකර බලවේගයකට කිට්ටු වෙන්නවත් බැහැ. නමුත් බුදු රජාණන් වහන්සේට පහන් දල්වන, දෙවියන්ට පහන් දල්වා පින් අනුමෝදන් කරන ස්ථාන අතිශයින්ම පිරිසුදු ස්ථාන ලෙස පවත්වා ගෙන යා යුතුයි. ඒ වගේම හොඳින් මතක තබා ගන්න බුද්ධ භාෂිතයෙන් පැවතෙන පරිත්රාණ සූත්ර ධර්ම දේශනා ශ්රවණයට දෙවියන් ඉතා ප්රිය කරනවා. ඒ නිසා නිතිපතා බුදු පහන දල්වා ඉතා නිවැරැදිව තමන් දන්නා පරිත්රාණ ධර්ම දේශනාවක් සඡ්ඣායනා කිරීමෙන් දෙව් සිත් බොහෝ පැහැදෙනවා. එසේ පැහැදෙන දෙවිවරුන් වැඩ සිටින තැන්වලට ඔය කියන පහත් බලවේගවලට කිට්ටු වෙන්නවත් බැහැ. එමනිසා දෙවියන්ට ප්රිය ස්ථාන බවට ඔබේ නිවෙස, ව්යාපාරික ස්ථානය පත් කර ගන්න. එසේ පත් කරගෙන වෙනදා පුරුදු ලෙස පිරිසිදුවට පිළිවෙළට ගෞරවයෙන් සහ විශ්වාසයෙන් යුක්තව ගම්භාර දෙවියන්ට පහන තියන්න. ඔබට බොහෝ යහපත් දේ ලැබේවි. එසේ නොකර ඔහේ කරන්නන් වාලේ ගෙයින් පිටත පහන් තබන අයටයි ඔය කියන ඥාති,ප්රේත භූත ආදී බලවේගවලින් කරදර සිදු වන්නේ. එබැවින් අවධාරණය කළ යුත්තේ කළ යුතු දේ හරියටම කළොත් කවදාවත්ම මෙවැනි කරදර සිදු වන්නේ නැති බවයි. ඒ නිසා තමන් විසින් තමන්ගේම නිවෙසට නැති කරදර ගෙන්වා ගන්න එපා. එසේ වැරදි ආකාරයට පහන් දල්වමින් "නිවෙසින් පිටත පහන් දැල්වුවොත් නැති කරදර ගෙට එනවා, ඒ නිසා නිවෙසින් පිටත පහන් දල්වන එක වැරදියි" කියමින් වැරදි මත සමාජගත නොකරන ලෙසත් ඉල්ලා සිටිනවා.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk