Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නව වසර පුරා මුදල් ලබාදෙන වලිදා පරමේශ්වරී සර්වජන රාජ වශී යන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk

මෙය ඉතාමත්ම බලගතු රාජ වශී යන්ත්‍රයකි. මෙම යන්ත්‍රයට දෙවි දේවතාවුන් වසඟ වේ. බලාපොරොත්තු ඉටුවේ. කල්ගිය මංගල කටයුතු සාර්ථකව ඉටුවේ. වෙළෙඳ ව්‍යාපාර දිනෙන් දින දියුණුවේ. සතුරන් මිතුරුවේ. ආයතන ප්‍රධානීන්ගේ සිත් බැඳේ. උසස්වීම් ලැබේ. තරග විභාගවලින් ජය අත්වේ. රැකියා වාසනා උදාවේ. නඩුහබවලින් ජය අත්වේ. ජනප්‍රියවේ. පවුලේ සමඟිය, සමාදානය අත්වේ. රජුන්, උතුමන් වසඟවේ.

 

සාදා ගන්නා ක්‍රමය: 

අඟල් 2×6 තඹ කොළයක ඉරි නොකැපෙන සේ සුබ දිනයක සුබ හෝරාවකින් තමන්ගේ නැකැතට සීහෙන දිනයකදී යන්ත්‍රය ඇඳ ගන්න. ඉන්පසු පිරිසුදු කාමරයක ආසනයක පූජාසනය සාදා එහි මල්, බුලත්, පලතුරු වර්ග 05ක්, කැවිලි වර්ග 05ක්, පිනිදිය, මී පැණි, සුදු හඳුන්, උක් හකුරු, විලඳ තබන්න. මතුරාගත් යන්ත්‍රය සුරයක දමා ගෙල පලඳින්න.

 

කිලිහරණ මන්ත්‍රය: 

ඕං නමෝ නන්දාපති බිසවුන් වහන්සේ ප්‍රසූතියට විලි හටගත් තැනේදී වින්නඹු අම්මා නැතේ කී තැනේදී පත්තිනි දෙවියෝ එරන් මිණි සලඹ එරන් සපුගහ උඩ තියා එදා ඒ කිලිගෙදරට වැඩිය ආඥාවෙන් ආනුභාවයෙන් වැදූ කිලි දහසක් මරණ කිලි දහසක් මසින් මස කිලි දහසක් මෙකී නොකී කිලි මාගේ යන්ත්‍රයට මන්ත්‍රයට මටද කිලි නැතිය-- (108 වරයි)

 

ජීවම් මන්ත්‍රය: 

 

ඕම් ශ්‍රී  යුම් රීයුම් සෞවුම්-කලියුම් ඓයුම් යවසිමන - 10,000 වරයි.

 

 

දිෂ්ටිය: 

ඕං නමෝ භගවතී නන් මෛ දෙවකී මොහ මෙහොනාය ජගත් මොහිනී වසී වසී මොහි බාල මොහිනී ආනේ වේන්නායේ පෙන්නේ - ආනායි නානේ නීයාය් නීයේ නානාය් - නේසමාය් පෙන්නේ ආනාය් නානේ නීයාය් නීයේ නානාය් නේසමාය් මාල නිනවේ නිරුත්තු මොහි මොහා ක්‍රීයුම්  ස්වහා - (108 වරයි.)

 

ප්‍රාණ මන්ත්‍රය: 

 

ඕං ජීවප්‍රාණ අජීවප්ප්‍රාණ භූතප්‍රාණ අභූතප්‍රාණ ප්‍රාණ ඒස්වාහ-- (108 වරයි)

 

පුට මන්ත්‍රය: 

ඕං නමෝ හඳුන්මල් දේවතාවා අහස බැලීය. අහස මතුරන්නේය. පොළොව බැලීය. පොළොව මතුරන්නේය. මුහුද බැලීය. මුහුද මතුරන්නේය. සක්වළ බැලීය. සක්වළ මතුරන්නේය. අදත් ඒ යන්ත්‍ර දේවීන් වහන්සේ පුටකළ මතුළෙමි. ඒ ආඥාවෙන් ආනුභවයෙන් අදත් මේ යන්ත්‍ර දේවීන්නාන්සේ පුට පුට ඒස්වාහං (21 වරයි)

 

පලිප්පු මන්ත්‍රය: 

ඕං නමෝ යන්ත්‍ර දිෂ්ටි මන්ත්‍ර දිෂ්ටි ජීව දිෂ්ටි වර වර ඒස්වාහ-- ඕං නමෝ මන්ත්‍ර ජීව යන්ත්‍ර ජීව ඊහ-- ජීව ගරුඩ-- - ජීව වර වර ඒස්වාහ-- - ඕං නමෝ බුද්ධානු භාවයෙන් ජීව ධම්මානු භාවයෙන් ජීව ජීව ඒස්වාහ-- ඕං නමෝ යන්ත්‍ර මන්ත්‍ර පලිප්පුව මන්ත්‍ර පලිප්පුව ජීව ප්‍රාණ පලිප්පුව වර වර ඒස්වාහ-- (108 වරයි)

 

ජ්‍යෙතීර්වේදී ‍- හෙක්ටර් ප්‍රේමදාස (02/01/2022 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk