Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලග්නයේ ඉන්න ග්‍රහයෝ කල්යල් බලා කියන පලාපල

1 year ago 7 Min read
Subha.lk
රවි ලග්නයේ සිටි විට අධිෂ්ඨානශීලීයි. චිත්ත ශක්තිය බලවත් ධනාත්මක චින්තනයක් ඇත. රවි සමඟ ශනි, කුජ සම්බන්ධ වූ විට ලේවල දෝෂ බලපායි. ඇස් රෝග, විසබීජවලින් හටගන්නා රෝගවලට ඉඩ ඇත. සඳු ලග්නයේ නම් හොඳ රූප ස්වභාවයක් ඇතිවේ. කලින් කලට වාසනාව වෙනස්වේ. ශනි සමඟ සිටි විට නිතර සිත් පීඩා ගෙනදේ. සඳු සමඟ රාහු සිටි විට හිස්ටීරියා රෝග තත්ත්වයක් ඇතිවන්නට පිළිවන. කුජ ලග්නයේ ධෛර්වන්ත වේ. නිදහස් මතධාරියෙකි. ගෙදර ෙදාර ජීවිතයේ අසතුට ගෙනදේ. හිසේ තුවාලවලට ඉඩ ඇත. බුධ ලග්නයේ සිටින විට බුද්ධිමත් වේ. ගුප්ත දේවලට කැමතියි. ඉගෙනීමට දක්ෂවේ. හොඳට සිතා බලා කටයුතු කරයි. බුධ රාහු, බුධ කේතු සංයෝගයට ලග්නයේ නම් ස්නායු රෝග බලපායි. ගුරු ලග්නයේ නම් හොඳ පෞරුෂත්වයක් පෙනීම ඇතිවෙයි. ගුරුවරු, වැඩිහිටි සැමගේ සිත දිනාගත හැකිය. සමාජයේ දියුණුවට කටයුතු කරයි. වයසට වඩා පලපුරුදුකාරයකු මෙන් කටයුතු කරයි. සිකුරු ලග්නයේ නම් ආකර්ෂණීය පෙනුමක් ඇතිවේ. සංගීතය, නැටුම්වලට දක්ෂතා ඇතිවේ. මල්වලට ආශා කරයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. හිසේ සෙම් ගතිය ඇතිවේ. සෙනසුරු ලග්නයේ නම් ඕනෑම දුකකට ඔරොත්තු දෙන තත්ත්වයක් ඇතිවේ. සෙනසුරු, මකර, කුම්භ, තුලා ලග්නයේ සිටින විට මෙලොව දියුණුවට කටයුතු කරයි. වෙනස් ලග්නයක නම් මෙලොව ලෞකික සම්පත් ළඟා කර ගැනීමට ධෛර්යය නොගනී. රාහු ලග්නයේ නම් විරුද්ධවාදීන් මැඬගෙන ඉදිරියට යයි. උස් පහත් භේදයක් නැත. සෑම සියලුදෙනාටම එක ලෙස කටයුතු කරයි. පීනස, අසාත්මිකතාව වැනි රෝගවලට ඉඩ ඇත. කේතු ලග්නයේ නම් ඉදිරියට යන ගතියක් නැත. අන්‍යයන්ට ගුරුහරුකම් දී අන්‍යයන් ඉදිරියට යවයි. කෙට්ටු ශරීරයක් ඇතිවේ. විවාහය නිසි වයසේ සිදුවූවත් විවාහ පාර්ශ්වයේ අය කලින් මිය යයි. ලග්නයේ සිටින ග්‍රහයාගේ මහ දශ අතුරු දශා බල ගෙනෙන ප්‍රතිඵල රවි ලග්නයේ සිටී නම් රවි මහ දශ අතුරු කාලය ප්‍රසිද්ධිය. උසස් අයගේ ආධාර උපකාර ගෙනදේ. රවි බලවත් නම් යටත් නොවන ගතියෙන් කටයුතු කරයි. තමාගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගනී. ඇස් රෝගවලට ඉඩ නැත. සඳු ලග්නයේ නම් සඳු මහ දශා අන්තර් කාලවල බොහෝ සෙයින් සිතා බලා කටයුතු කිරීමට පෙලඹේ. මෙයින් තම දියුණුව ළඟාකර ගත හැකිය. සෙම් රෝග නිතර බලපායි. සමාජයේ උසස් ලෙස පෙනී සිටීමට හැකිය. කුජ ලග්නයේ නම් කුජ මහ දශා, අතුරු දශා කලබල කරනවා වැඩිය. තුවාල පීඩා ගෙනදේ. ධෛර්යවන්තව කටයුතු කරයි. විවාහ පාර්ශ්වය සමඟ මතභේද හටගනී. ගුරු ලග්නයේ සිටින විට ගුරු මහ දශා අන්තර් දශා කාලය සමාජයේ පිළිගැනීම් දරුවන් බලාපොරොත්තු වනවා නම් එය ඉටුවීම විදේශ ගමන්, අධ්‍යාපන කටයුතු සාර්ථක වීම ගෙනදේ. සිකුරු ලග්නයේ නම් සිකුරු මහා දශා, අතුරු දශා විරුද්ධ ලිංගිකයන්ගේ ඇසුර ඔවුන්ගෙන් උදවු කරන කියන දේ සඵල වීම විවාහ මංගල යෝග ගෙන දේ. ගේ‍ෙදාර දියුණුව ගෙනදේ. සෙනසුරු ලග්නයේ නම් සෙනසුරු මහා දශා, අතුරු දශා කාල පරිච්ඡේද ලැබූ විට වාත රෝග, ලෞකික ජීවිතයෙහි දුක නිතර තේරුම් ගැනීම, හිස කෙස් යෑම, අධ්‍යාපනය ලබන අයකු නම් ඉගෙනීමට තිබූ උනන්දුව හීන වීම, නින්දට කැමති වීම, චිත්ත ධෛර්යය හීන වීම, නෑදෑ විරෝධතා ගෙන දේ. බුධ ලග්නයේ නම් බුධ මහා දශා, අන්තර් දශාවල රැකියා තනතුරු ලාභ, තරග විභාග ජය, තම වචනය ජය ගැනීම, හිසේ සෙම් ගතිය බලපායි. බුධ රාහු, බුධ කේතු ලග්නයේ නම් මානසික ආතතිය බලපායි. (බුධ රාහු) බුධ කේතු නම් තීක්ෂණ බුද්ධිය ඇතිවේ. රහස් වැඩවල යෙදේ. රාහු ලග්නයේ නම් රාහු මහා දශා අතර කලබලකාරීව කටයුතු කිරීම, හිසේ රෝග ගෙනදේ. කේතු ලග්නයේ නම් කේතු දශා, අතුරු දශා නිසා ශරීරය කෙට්ටුවේ. තම හැදියාව අනුව කටයුතු නොකරයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk