Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙයක් හදන්න හොදම කාලය කුමක්ද ?

1 year ago 7 Min read
Subha.lk
ගෘහ කටයුතු ආරම්භ කිරීමට සුදුසු කාලය වාස්තු විද්යාව උගන්වයි. එම කටයුතු ආරම්භ කළ යුත්තේ කෝණහර මාසවලදීය. කෝණ මාස වශයෙන් සූර්යයා මිථුන, කන්යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන කාල සීමාවන් නම්කර ඇත. මේ නිසා කෝණ හර මාසවලදී හා සූර්යයා උත්තරායන්හි ගමන් කරන කාල සීමාවන් තුළදී නිවාස ඉදිකිරීම වඩාත් සුබ යැයි ඉපැරණි සෘෂීන්වරුන් විසින් පෙන්වා දී ඇත. ගෘහ කටයුතු මාසවලදී ඇති වන හා අසුබ පල මෙසේ සඳහන් කර ඇත. ජනවාරි (දුරුතු) මස ආරම්භ කිරීමෙන් සොර සතුරු බියත් පෙබරවාරි (නවම්) මාසයේදී ගිනි බියත් මාර්තු (මැදින්) මාසයේදී ගිනි බියත්, අප්රේල් (බක්) මාසයේදී රෝග පීඩාත්, මැයි (වෙසක්) මාසයේ ධනයද, ජුනි (පොසොන්) මරණයත්, ජුලි, (ඇසළ) මාසයේදී ලැබීම්ද, අගෝස්තු (නිකිණි) මිත්රලාභයත්, සැප්තැම්බර් (බිනර) හානියද, ඔක්තෝබර් (වප්) මාසයේදී කලහකාරී වන බවත්, නොවැම්බර් (ඉල්) ධනයද දෙසැම්බර් (උඳුවප්) මාසයේද ධනය වර්ධනය වන බවත් උගන්වයි. සූර්ය මාස ක්රමයට (බක්) මාසය වෘෂභ රවිය (පොසොන් මාසය), කටක රවිය (ඇසළ මාසය) සිංහ රවිය (බිනර මාසය) තුලා රවිය (වප් මාසය) වෘශ්චික රවිය (ඉල් මාසය) කුම්භ රවිය (නවම් මාසය) කෝණහර මාස වශයෙන් හඳුන්වා දේ. තමාගේ නැකැතට ගැළපෙන කාලය බලා ගෘහ කටයුතු ආරම්භ කළ යුතු වේ. එසේ වුවද බක් මාසය (අප්රේල්) මීන, මේෂ රාශි දෙකටම අයත් වන බැවින් මීන රාශියේ ගෘහ කටයුතු ආරම්භ කළ යුතු නොවේ. මේෂ රාශිිය යෙදෙන කාලය ඉතා සුබයි. එසේම පොසොන් මාසය (ජුනි) වෘෂභ හා මිථුන රවි දෙකටම අයත් වන බැවින් රවියේ මිථුන ගෘහ කටයුතු ආරම්භය අසුබ බවත් වෘෂභ රවිය ඉතා සුබ වන බවත් කියැවේ. ඇසළ මාසය මිථුන, කටක රවි දෙකටම අයත් වන බවත් මිථුන රවිය අසුබ බවත් කටක රවිය සුබ වන බවත් කියා තිබේ. එසේම බිනර මාසය සිංහ කන්යා රවිය යෙදෙන විට කන්යා රවිය අසුබ බවත් සිංහ රවිය සුබ බවත් උගන්වයි. වප් මාසය (බක්) කන්යා හා තුලා රවිය යෙදෙන විට තුලා රවිය පමණක් සුබ වන බව උගන්වයි. උඳුවප් මාසය (දෙසැ.) වෘශ්චික හා ධනු රවිය යෙදෙන විට වෘශ්චික රවිය පමණක් සුබදායක වන බව කියා තිබේ. දුරුතු මාසය (ජනවාරි), ධනු හා මකර රවිය යෙදෙන විට මකර රවිය සුබ යැයි උගන්වයි. මැදින් මාසය (මාර්තු) කුම්භ මීන රවිය යෙදුණ විට කුම්භ රවිය පමණක් සුබ පල උදා කරන බවත් වාස්තු විද්යාව යොදාගත් ඉපැරැණි සෘෂිවරුන් විසින් ලෝකයාට අනුකම්පාවෙන් පෙන්නා දී ඇත. මේ නිසා අභිවෘද්ධිය පතන කෙනෙක් වේ නම් මෙම සිද්ධාන්තවලට එකඟව තම කටයුතු කිරීමෙන් ඉමහත් දියුණුවක් ලබාගත හැකි බව අපේ පැරැන්නන් අපට පෙන්වා දී තිබේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk