Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අබිමානයා රට තොට අල්ලන්නේ දුටු දුටු ලිය හට ලෙඩ කරවන්නේ

1 year ago 7 Min read
Subha.lk
සිංහල දේව පුරාණයේ විස්තර කරන අභිමාන දෙවියෝ යක්ෂයකු ලෙසද ෙදාළහ දෙවියන් අතර කඩවරයා නොහොත් කඩවර දෙවියන් ලෙසද හැඳින්වේ. මොහු ඉතා දරුණු යක්ෂයෙකි. කුඩා දරුවන්ට බැල්ම ලා විවිධ රෝග ඇති කරන ස්ත්රීන්ටද කාමරෝග ඇති කරන හිත් පිත් නැති යකෙකි. ගැහැනු සොඬෙකු වන අභිමානයා දකින දකින ස්ත්රීන්ට ලොල් වී ඔවුන්ට බැල්ම හෙළා ලෙඩ රෝග ඇති කරති. තවද මොහු ස්වප්නයෙන් ළඟට පැමිණ ලිංගිකව හැසිරෙන අතර ස්ත්රීන්ගේ කාමුක ලිංගික අවයව දුර්වල කර කාම නිල නවයම දුර්වල කරයි. විවාහ වීමට බාධා ඇති කරයි. විවාහ වුවත් දරු සම්පත් ලැබීමට ඉඩ නොදේ. බිලිඳු දරුවන්ට වෛරයෙන් දරුගැබ විනාශ කරයි. දරුවන් බිල්ලට ගනී. මළ දරුවන් බිහි කරවයි. මේ කාව්යයෙන් එය හොඳින් තහවුරු වේ. “අබිමානයා රට තොට අල්ලන්නේ - දුටු දුටු ලිය හට ලෙඩ කරවන්නේ කැටුවම උඩරට වාස කරන්නේ - හැට හතරක් පෙළපාළි කරන්නේ ” මෙම කාව්‍යයෙන් මොහු උඩරට වෙසෙන බව විස්තර කරයි. මොහු සතුටට පත්වූ විට යහපතද, අසතුටට පත්වූ විට අයහපතද සිදුකරයි. මෙම අභිමාන දෙවියෝ භාරතීය ඉන්දියාවේ ඔඩ්ඩිසයේ කාසි රටේ රාජගුරු රජුගේත්, ආඩි මවකගේත් පුතකු වේ. මොහු ගිනිකඳ හා රටකඳ යන දෙදෙනා සමඟ ලංකාවේ කළුගල් තොටට පැමිණ එතැනින් කඩවත තොටට පැමිණ එහි අධිපතිකමට පත්වී මුළු රටේම ජනතා ගෞරවයට පත්වූ බව කියැවේ. තවත් තැනෙක කියැවෙන්නේ මොහු බරණැස ආඩි මවකුගේ පුතකු ලෙසද, ලංකාවට පැමිණි හෙතෙම කදිරපුරයේ වාසය කරමින් සිටින අතර බඩජහරිකමට වැඩිපුර කෑම කෑමෙන් උස්මුරුත්තාව හැදී මරණයට පත්වූ පසු යක්ෂයකු වූ බවත්, තවද කාසි රටේ දේසගුරු රජුගේ පුතකු බවද සඳහන් වේ. කෙසේ වුවද අභිමාන යාදින්නේදී කාව්‍යයෙන් මෙසේ කියැවේ. “කදිරපුර දැකලායි න් - අබින් කා මත්වෙමි න් - එවිට පණ චුතවෙමි න් - අබිමාන යකු උප න්” මෙම අභිමාන යක්ෂයාගේ බැල්ම ඇති ස්ත්‍රීන්ගේ කාමුක හැඟීම් ඇති වුවද එම ස්ත්‍රී කාම නිලයන් නවයම අඩපණ කරයි. එමෙන්ම රාගික හැඟීම් ඇවිස්සී නිරුවතින් අවයව පෙනෙන ලෙස සිටීමට කැමැතිය. කාම උන්මාදයෙන් ඇවිස්සෙයි. එහෙත් මෙම යක්ෂයාගේ බැල්ම නිසා ඇයට අවශ්ය ආශාවන් ඉටු කර ගැනීමට නොහැකිව ළතවේ. විවාහ ප්‍රමාද කරයි. බඩේ කැක්කුම, මාසික අසනීප හැදුණු විට දින ගණන් බඩේ කැක්කුම් ඇතිව ගලා යෑම, විවාහ වුවත් දරුපල නැතිවීම, බඩ මළ දරුවන් බිහිවීම, බිහිවෙන දරුවන්ද මන්ද බුද්ධික වීම හා කම් සැපයට බාධා කරවන බැල්මයන් ඇති කරයි. සමහර කාන්තාවන් ළඟට රාත්‍රියේ නින්දේදි පැමිණ කාම නිලයන් අවුස්සා ලිංගිකව හැසිරේ. එයින් විවිධ භයානක රෝගයන්වලට ගොදුරු වේ. එවැනි අයට මෙම යන්ත්රය සකසා ඉණ බැඳීමෙන් ඉහත සියලු රෝගයන්වලින් මිදී සහනය හා තමාගේ හැඟියාවන් ඉටු කර ගත හැකිය. පුර පක්ෂයේ කුජ දිනක කුජ හෝරාවෙන් නැඟෙනහිර දෙස බලා පංචෝපාකාර මල් යහනාව තනා එහි දෙළුම් ගෙඩියක් තබා මෙම යන්ත්රය දෙළුම් ගෙඩිය තුළට ඇතුළු කර 324 වරක් පහත මන්ත්‍රයෙන් ජප කර ඉණ බැඳීමෙන් සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේ. මන්ත්රය - “ඕං නමෝ කලිඟු නුවර හෙන ගල් කොවිලේ වාසස්ථානය කරන හෙනගල් රාක්ෂිගේ විදුරු දිවෙන් උපන් තනි පොළ අභිමානයා කතරගම් දෙවියන් වහන්සේගේ වල්ලි අම්මා දේවීන් වහන්සේට ඇරිය කාම මදන නිල ඉඩහැර තනි පොල කඩවරයෝ අදත් මේ නම් ඇති ස්ත්‍රීන්ගේ කාමුක මදනය අවුස්සා අනුන් කීවා නාසා මා කීවා අසා අනුන්ගේ යන්ත්රයකට අසු නොවී මන්ත්රයකට අසු නොවී මගේ ශරීරය පුරා ඇති කඩවර අභිමාන බැල්ම උගුලුවා පලයන් තෝස්වාහ– “ මෙම යන්ත්රය ඉණ බැඳ 21 වතාවක් බිමට කෙළගසා උඩින් පනින්න. සියලු කඩවර දෝෂ අභිමාන යක්ෂ බැල්ම දුරු වී කාමේන්ර ඉන්ද්‍රියන් ඉඩ හැරී යයි. විවාහයද ඉක්මනින් ඉටු වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk