Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවැරැදිව බුදු පහන දල්වන්නේ කෙසේද?

1 year ago 7 Min read
Subha.lk
අද අපි විශේෂිත කරුණක් පිළිබඳව කතා බහ කිරීමට සූදානම් වන්නේ. විශාල පිරිසක් නිතර අසන ප්රශ්නයක් වී ඇත්තේ නිවසක බුදු පහන තබන්නේ කෙසේද යන්න ගැනයි. ඔබේ නිවස තනි බිම් තීරයක් වැනි සහ දෙවැනි තුන්වැනි මහල් නිවසක් නම් බුදු පහන තැබිය යුත්තේ උඩම මහලේය. බිම්මහලේ බුදු පහන තබා ඔබ පිය ගැටපෙළින් උඩුමහලට නැගීමේදී වන්නේ පහන උඩින් ගමන් කිරීමකි. එය ඉතාම අසුබයි. උඩුමහලට නගින තරප්පු පෙළ (පඩිපෙළ) යට බුද්ධරූපය තබා බුදුන් වඳින අය ද මේ අතර සිටී. එය ඉතාම අසුබයි. ඔබේ නිවසේ සාලයේ බුදු පහන තබන්නේ නම් මිදුලේ සිට බලන විට පහන පෙනෙන සේ තැබීම ඉතාම අසුබයි. එය ආවරණය වන සේ තිබීම අනිවාර්යවේ. බුදුපහන තබා ආගමික වතාවත් කරන විට උතුර - ඊසාන, නැඟෙනහිර ඉතාම සුබයි. නැත්නම් දකුණු දිසාව ද යහපත්ය. මේ දිසාවන්ට මුහුණලා ආගමික වතාවත් කරන්න. පහන තබන්න. බුදු පහනට බාල පොල් හෝ තැඹිලි තෙල් දමන්න එපා. ඉතාම පවිත්ර තෙල් දමන්න. නිදන කාමරයේ බුදු පහන තබන්නේ නම් පහනට හිස දමා නිදන්න. පාද නොදමන්න. අතිශයින්ම ඉතාම පරම පවිත්ර විය යුතුයි. නාන කාමර වැසිකිලි බිත්තිවලට අසුවන සේ බුදුපහන තැබීම ඉතාම අසුබයි. දෝෂ ඇතිවේ. කෑම කාමරයේ ද බුදු පහන තැබීමට සුදුසු නැත. “තවද බුදුපහන දැල්වීමෙන් දේවආකර්ෂණය නිවසට කාන්දුවන බැව් දක්වමු” ඔබ මෙතෙක් කල් හිතෙන හිතෙන අන්දමට බුදුපහන දල්වා දෝෂ ඇතිකරගෙන තිබේද? සමහර විට යක්ෂ ප්රේත භූත පිසාචාදීන්ගේ බැල්ම ද අසුබ අන්දමට බුදු පහන තබන විට දී ඇල්ම බැල්ම වැටේ. ඔබේ නිවස ඉතාම කුඩා වුවත් ඔබගේ ගෙදර ඔබට දිව්ය මන්දිරයකි. අවශ්ය වන්නේ විද්යාත්මකව බුදුපහන තැබීමයි. නියමිත අන්දමින් වස්තුවට ද එකඟවන සේ බුදුපහන තැබීමෙන් විශේෂයෙන්ම නිවසේ බ්රහ්ම පාදය (මධ්ය ලක්ෂයේ) බුදු පහන තැබීමට හැකි නම් එයින් භෛෟතිකමය සම්පත් ඒක රාශිවීමක් සිදුවේ. අපේ සිරුරේ රුධිරය ඇත්තේ හතරෙන් එකයි. ජලය හතරෙන් තුනයි. උතුරු දිසාවට හිස දමා නිදා ගැනීමෙන් කලගත වූ විට (කොස්මික්) කාන්දම් ප්රමාණය ඇදීමෙන් ශරීරයේ ජලය සිඳි ගොස් විවිධාකාර ශාරීරික රෝග වැළඳී රෝගාතුරවී මිය යෑමට ද ඉඩ ඇති බැව් විද්යාත්මක පර්යේෂණවලදී හෙළි වී ඇත. (පරිනිබ්බාන මහා සූත්රය ද මෙයට පාදක වේ) මේ අනුව අපි අපේ නිවසේ බුදු පහන දල්වා භෞතිකමය ශක්තීන් හෙවත් විශ්ව ශක්තීන් ළඟා කර ගැනීමට හැකි බැව් ඇත්තකි. මෙතෙක් කල් අනිසි ලෙස බුදුපහන දල්වා අශුභ ඵල ලබා ගත්තා නම් අද සිට ඔබේ නිවසේ බුදු පහන නිවැරැදිව තබා සෞභාග්යය ළඟා කර ගන්නා මෙන් මෙයින් ඉල්ලා සිටිමු. ක්රමවත්ව නිසි අන්දමට බුදුපහන දල්වා දෙලොවම ජය ගැනීමට ඔබේ මනස සකස් කර ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk