Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පාඩම් කරන ඔබට පාඩම් මතකයේ රඳවාගන්න සරල ක්‍රමයක්

1 year ago 7 Min read
Subha.lk
කොවිඩ් වසංගතය, ඉන්ධන ගැටලුව, විදුලි අර්බුදය ආදි ගැටලුද මුල් කරගෙන පාසල් දරුවන්ගේ අධ්යාපන කටයුතුද අඩපණ විය. නියමිත රජයේ විභාග පමණක් නොව පන්තියේ වාර පරීක්ෂණයද කල් ගියේය. ඔන්ලයින් ක්රමයට අධ්යාපනය ලබාදීමේදීද නොයෙක් අපහසුතා නිසා දරුවන්ට නිසි ලෙස පාඩම් ග්රහණය කිරීමට බාධක ඇතිවිය. “අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා _ වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා _ කල්ගිය රෙදි වැරැලි හැඳ දැලි කුණෙන් මකා _ ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා” යන වදන් කවිය අනුව අතීතයේ දරුවන්ට ඉගෙනීමේ වැදගත්කම පැහැදිලි කරදී ඇති අයුරු පෙනී යයි. පැන්සලේ සිට අභ්‍යාස පොත් පාවහන් දක්වා මිල ඉහළ නැඟ ඇත. අධ්‍යාපනයට බාධක මැද හෝ උනන්දු වීම දරුවෙනි, ඔබේ අනාගතයට වැදගත්ය. පාඩම් කරන්න, අභ්‍යාසවල නියැළෙන්න. පහත සඳහන් සරල ක්රම අනුගමනය කරන්න ඔබේ මිතුරු මිතුරියන්ටද කරුණු කියා දෙන්න. අලුයම පිබිදෙන්න. රුධිරය පිරිසුදුව ඇති මෙම මොහොත මතක වර්ධනයට සුදුසු මොහොතය. අලුයම මුව ෙදාවා පිරිසුදු ඇල්වතුර වීදුරුවක් පානය කරන්න. සරස්වතියගේ සහ ගණ දෙවියන්ගේ නමින් පහන් දෙකක් දල්වන්න. ඉන් පසුව මෙහි සඳහන් ස්තෝත්ර ගායනා කරන්න. ඉන්පසු ඔබේ අභ්‍යාසවල යෙදෙන්න. පාඩම් කරන්න. ඔබේ මතක වර්ධනයට එය පිටිවහලක් වේවි. ගණපති ස්තේ‍රා්ත්ර – “වක්ර තුණ්ඩ මහා කාය – සූරිය කෝටි සමප්‍රභා නිර්විඝනම් කුරු මෙ දේව – සර්ව කාර්යේසු සර්වදා ගජවදන විචිත්රං තීක්ෂණ දන්ත්ර ත්‍රිනේත්රං බ්‍රහදුදර මහේෂං – භූත රූපං පුරාණං අමර වර සුපුජ්ජසං – රක්ත වර්ණං සුරේසං ගජපති සුත මීසං – විග්නරාජා නමාමි. “ සරස්වතී ස්තෝත්ර – “ඥානධාරී සරස සරසී – භාරතී සුප්‍රසන්නී වීණධාරී ඥාන ඉසුරී – මහාදේවි චාරුදනි චන්දෝදරි ශ්‍යාමරූපි – කෝමල මුදු මදු ලෝචනී වගීසවරි ශ්‍රී සරසවි භගවතී - වන්දාමිත්වං පත්ම පානි “

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk