Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2023-2024 වර්ෂවල විවාහ වෙන්න-නිවාස හදන්න බලාපොරොත්තු වන ඔබට සුබ නැකැත් මෙන්න

1 year ago 7 Min read
Subha.lk
මෑතකදී සිට විවාහ මංගල උත්සව සඳහා ශාලාවක් වෙන් කරවා ගැනීම කල්වේලා ඇතිව සිදුකර ගත යුතුව ඇත. එම පහසුව සඳහා 2023, 2024 වර්ෂවල අව – වර ආදී ලක්ෂයක් දෝෂ භංග කරන දිනයන්ද වෙනම දක්වා ඇත. තවද කෙනකුට නව නිවෙසක් ඉදිකර ගැනීමට පවා කල් ඇතිව සූදානම් විය යුතුය. එබැවින් නව නිවෙසක් ඉදිකිරීම ආරම්භ කිරීමටද ශුභ දින මෙහි දක්වා ඇත. විවාහ මංගල උත්සවයක් සඳහා ශුභ නැකැත් වන්නේ රෙහෙණ, මුවසිරස, මා, උත්‍රපල්, උත්රසල, හත, සා, අනුර, මුල, උත්‍රපුටුප, රේවතී යන නැකැත්ය. නිවාස ඉදිකිරීම සඳහා රෙහෙණ, මුවසිරස, පුෂ, උත්රපල, උත්රසල, උත්‍රපුටුප, හත, මූල, සුවණ රේවතී යන නැකැත්ය. නියමිත දිනයන්හි ග්‍රහයන් බලවත්ව සිටී නම් නිවාස ඉදිකිරීමට සිත, පුනාවස දෙනට, සියාවස, සා, මා නැකැත්ද යොදා ගත හැකිය. මෙම කාර්යයන් දෙක සඳහා ඔබේ ඡන්ම නැකැතට සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රි, පරම මෛත්‍රි නැකැත්ද, දින වශයෙන් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පමණක් සුදුසු බවද වටහා ගන්න. මෙම සටහන අනුව ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනවල විවාහ සහ නව නිවාස නැකැත් සුදුසු නැත. කේවල සිද්ධි යෝගවලට අමතරව විවාහ මංගල කටයුතු සහ නව නිවාස ඉදිකිරීමට 2023, 2024 වර්ෂවල තවත් ශුභ දින පවතී. ඒවා නම් 1. 2023 වර්ෂයේ විවාහහයට සුදුසු වෙනත් දින (අ) ජනවාරි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා – උත්‍රපුටුප නැකැත රාත්‍රි 7.04 දක්වා පවතී. නවම්පුර විශේණිය තිථියයි. (ආ) පෙබරවාරි 01දා බදාදා – රෙහෙණ නැකැත 00.42 සිට දවස පුරාම පවතී. නවම් පුර එකළොස්වක තිථියයි. (ඇ) පෙබරවාරි 03 වැනිදා සිකුරාදා – පෙ.ව. 6.09 සිට පුනාවස නැකැත දවස පුරා. නවම් පුර තෙලෙස්වක තිථියයි. (අෑ) මැයි මස 03 වැනි බදාදා – හත නැකැත රාත්‍රි 8.54 දක්වා පවතී. වෙසක් පුර තෙලෙස්වක තිථියයි. 2. 2024 විවාහ මංගල නැකැත් (i) ජනවාරි 17 බදාදා රේවතී නැකැත අලුයම 4.40 සිට දවසම පවතී. දුරුතු මස සතවක තිථියයි. (ii) ජනවාරි 22 දා සඳුදා – “මුවසිරස” නැකැත අලුයම 3.54 සිට දවසම පවතී. දුරුතු මස ෙදාළොස්වක තිථියයි. 3. නව නිවාස ඉදිකිරීමට වෙනත් ශුභ දවස් (i) 2023 ජනවාරි 27 – කේවල සිද්ධි සටහන බලන්න. පෙබරවාරි 01 – ඉහත විවාහ නැකැත් බලන්න. පෙබරවාරි 03 – ඉහත විවාහ නැකැත් බලන්න. පෙබරවාරි 22 – පෙ.ව. 6.40 සිට උත්‍රපුටුප නැකැත – මාදිනි පුර තිථිය මාර්තු 01 – පෙ.ව. 9.54 දක්වා මුවසිරස නැකැත මාදිනි පුර 10 තිථිය. මාර්තු 03 ප.ව. 3.44 දක්වා පුනාවස නැකැත මාදිනි පුර 12 තිථිය. මැයි 01 ප.ව. 5.49 පුවපල් නැකැත වෙසක් පුර 11 තිථිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk