Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුද්ධි වර්ධනයට-සෞභාග්ය උදාකර ගැනීමට ශ්රී මහා ගණපති පූජාව

1 year ago 7 Min read
Subha.lk
ගණපති දෙවිඳුන් යනු – අෂ්ට ගණපති වෙයි. මෙම අෂ්ට ගණ වලිනුත් සුබ ගණ හතර වන භූමි ගණය, දේව ගණය, චන්ද්ර ගණය, ජල ගණය යන ගණවලට අධිපති බැවින් ගණදෙවි වේ. ගණවලට බලවතා වූ හෙයින් ගණාධිපති වේ. ගණපති ගයාත්‍රී මන්ත්රය – තත් පුරුෂාය විද්මහේ. වක්‍රතුණ්ඩයාමී, මහී තානෝ තජ්ජි ප්‍රබෝධයාත්: ආරාධනා කිරීම – “විග්නේෂ්වරාය වරදාය සුරප්‍රියාය - ලම්බෝදරාය සකලාය ජගත්මිතාය - නාගානතාය ඝෘතිඥාය විභූශිතාය - ගෞරි ප්‍රියාය ගණනාථ නමෝ නමස්තුතේ.” 1. ඕං ශ්‍රී ං බුද්ධි ගණපති නම– 2. ඕං ශ්‍රී ං නර්තන ගණපති නම– 3. ඕං ශ්‍රී ං වීර ගණපති නම– 4. ඕං ශ්‍රී ං ශක්ති ගණපති නම– 5. ඕං ශ්‍රී ං බාල ගණපති නම– 6. ඕං ශ්‍රී ං භූමි ගණපති නම– 7. ඕං ශ්‍රී ං හේරම්භ ගණපති නම– 8. ඕං ශ්‍රී ං මහා අයියනායක ගණපති නම– අෂ්ට ගණපති නමස්කාරය කරන්න කහපාට මල් ඇතුළු පංච වර්ණ මල් පූජා කරන්න. 1. “ශුක්ලාම්භරම් ධරං විෂ්ණුම් - ශශිවර්ණ චතුර්භුජම්- ප්‍රශන්ත වදනම් දංශන්- සර්ව විස්තෝප ශාන්තයේ - 2. අගජාතා පත්මාර්කම්- ගජාතා මහා නිර්ශම්- අනේක දන්ත භක්තානම්- ඒක දන්ත මුපාස්මහේ - 3. ගණේශ්වරෝ ඝනක්‍රීටෝ- ගණනාථො ගනාධීප– ඒක දන්තෝ වක්‍රතුන්චෝ- ගජවකේ‍රා මහෝදරෝ - 4. ලම්භෝදරෝ – භූමවර්ණෝ- විලම්භීතෝ විග්න නායකෝ- සුමුකෝ දුර්මුකෝ පුතේ‍රා - විග්නරාජෝ ගජානන– “ (7 වරක් කීම යහපත්ය) 1. ඕම් ගනේෂාය නම– 2. ඕම් ගණපතියේ නම– 3. ඕම් ගණපති දේවාය නම– 4. ඕම් නම– ගණේෂාය නම– (ආචාර සමාචාර පවත්වන්න) මතක ශක්තිය වර්ධනයට පිරිසුදු ජල වීදුරුවකට හෝ තැඹිලි වතුර වීදුරුවකට 108 වරක් කියා පානය කරන්න. “ඕං ගජනාත් ජය ගජනාත් ඕං විද්‍යා ගනේෂාය නම–“ ගණපති දෙති නුවණ – මිහිකත රකී මෙදෙරණ - දෙන්නේ මට නුවණ – අසන් දෙවියනි දේව සුබ ගණ ගණපති දේව කන්නලව්ව – සාදු, සාදු, සාදු, ශ්‍රී මත් මහා ගනේෂ දිව්ය රාජෝත්තමයන් වහන්සේට අප්‍රමාණ ගෞරවයෙන් වැඳ නමස්කාර පූර්වකව මෙම අංග සම්පූර්ණ පලවැල පූජාවන් පූජා කර සුවඳ දුම්, ගිතෙල් පහන් ආලෝක දල්වා යහන් මත යහන් තබා භක්ති පූර්වකව කියා සිටින කන්නලව්ව දිව කනින් අසා, දිවනෙතින් බලා මාගේ දරුවා පෙනී සිටින විභාග කඩඉම සාර්ථකව, උසස් ප්‍රතිඵල සහිතව පසුකර ගැනීමට ඔබ වහන්සේගේ ආශීර්වාදය ලබාදෙන සේක්වා! තවද ඔබවහන්සේ සුර නර බඹ සියලු ලෝකවාසීන්ට නැණ නුවණ, සර්ව සෞභාග්ය, සකල ඓශ්චර්යය ළඟාකර දෙමින් මේ කලියුග වර්ෂයට මහා ගණේෂ මුහුර්තියෙන් ලොව පහළවී සියලු ශාස්ත්‍රයන්ට අධිපතිව කාර්යය සිද්ධිය සලසමින් සෙත් ශාන්තිය සලසා දෙනවා සත්‍යවාදීමයි. ඒ සත්‍යානුභාවයෙන් (අවශ්ය නම, නැකැත) බුද්ධිය වර්ධනය කරවා නැණ නුවණ වඩවා සකල යහපත සලසාදෙන සේක්වා!!! “වක්‍රතුණ්ඩ මහා කාය – සූර්යය කෝටි සමප්‍රභා නිර්විග්නම් කුරුමේ දේව – සර්ව කාර්යේසු සර්වදා අමරවර සුපුජ්ජසං – රක්ත වර්ණං සුරේසම ගජපති සුබ මිත්රං – විග්න රාජං නමාමී.” අවසානයට කරණීය මෙත්ත සූත්රය සජ්ජායනය කරන්න. පලතුරු ලෙස අඹ, කොමඩු, දිවුල්, පේර, ෙදාඩම්, මිදි ආදී 7 වර්ගයක් ගන්න. (අන්නාසි නොගන්න.) හොඳින් ඉදුණු කෙසෙල් ඇවරියක්, උක්දඬු කැබැල්ලක්, පිරුණ මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, ගමේ හැදුණ පලතුරු ජාති තබා ට්‍රේ එකක් මත පීදුණ බුලත් කොළ 08 පිරිසුදුව තබා ඒ මත පලතුරු තැන්පත්කොට පූජාව සකසාගන්න. එක වර්ගයකින් කාසි 08ක්ද තබන්න. එළඟිතෙල් පහන් තුනක් දල්වා සුවඳ දුම් දෙමින් ඉතා භක්තිවන්තව පූජාව දෙන්න. පූජාව පැවැත්වීමට පෙර තම් ආගමානු කටයුතු කරන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk