ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව 2022 නව වසර ඔබට කොහොමද?
ක්‍රිස්තු වර්ෂ 2022 අලුත් අවුරුදු උදාව සිදුවන්නේ ක්‍රි.ව. 2022 ජනවාරි මාසයේ 01 වැනි දින පෙරවරු 06.52ට හිරු උදාවත් සමඟය. රවි ග්‍රහයා සමඟ ලග්නය උදාවෙද්දී අහස් තලයේ අනෙක් ග්‍රහයන් සිටියේ මෙසේය. උදා ලග්නවූ ධනු රාශිය අධිපති ගුරු ග්‍රහයා, කුම්භ රාශියේ 02 වැනි භාවයේ ලැගුම්ගෙන, 05 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙක් වූ කුජ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සිටියේය. මේ ගුරු ග්‍රහයා 05 වැනි භාවයේ තැන්පත්ව සිටින රාහු ග්‍රහයා වෙතද, 11 වැනි භාවයේ තැන්පත්ව සිටින කේතු ග්‍රහයා වෙතද චතුරස්‍ර දෘෂ්ටි ඇති කරයි.
12 වැනි භාවයේ සංයෝගව සිටින සඳු සහ කුජ යන ග්‍රහයන් දෙදෙනාම 07 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයකු වූ බුධ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. 2 වැනි සහ 03 වැනි භාව අධිපතිව 02 වැනි භාවයේ තැන්පත්ව සිටින ශනි ග්‍රහයා සඳුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. මේ ශනි ග්‍රහයා 04 වැනි භාවයේ මේෂ රාශියේ තැන්පත්ව සිටින යුරේනස් ග්‍රහයා වෙත චතුරස්‍ර දෘෂ්ටි ඇති කරයි.
මෙම අවුරුද්දේ සිදුවන ප්‍රධානම ග්‍රහ මාරු වන්නේ 2022 අප්‍රේල් මාසයේ 12 වැනි දින රාහු ග්‍රහයා මේෂ රාශියට ඇතුළුවීම, 2022 අප්‍රේල් මාසයේ 13 වැනි දින ගුරු ග්‍රහයා මීන රාශියට ඇතුළුවීම සහ 2022 අප්‍රේල් මාසයේ 29 වැනි දින ශනි ග්‍රහයා කුම්භ රාශියට ඇතුළුවීමයි. 2022 ජුනි මාසයේ 05 වැනි දින කුම්භ රාශියේ වක්‍ර වන ශනි ග්‍රහයා 2022 ජූලි මාසයේ 12 වැනි දින ආපසු මකර රාශියට ඇතුළුවෙයි.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මඟින් ග්‍රහයකු විසින් දෙනු ලබන ප්‍රතිඵල ඒ ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්රය හිමි ග්‍රහයාගේ නිවේදකත්වය අනුව සිදුවෙයි. රාශි චක්‍රයට ඇතුළත් වන සියලුම ග්‍රහයන්ගේ රාශි නක්ෂත්ර, ගෝචර ගමන් සහ දෘෂ්ටිද සැලකිල්ලට ගත් විට එක් එක් රාශි හිමි අය මෙම අලුත් අවුරුද්දේ ලබාගන්නා ප්‍රතිඵල මෙසේ වෙති.
ප්‍රවීන ජ්‍යෙතීර්වේදී - ජී.එච්.ඩබ්ලිව් සිල්වා
(02/01/2022 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)