Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබට දේපළක් නිවසක් හිමිද?

1 year ago 7 Min read
Subha.lk
නවග්රහයින්ගේ උච්ච අවස්ථා හතරවැන්න අධිපති උච්ච නවාංශකයක යෙදීම. සඳු, වෘෂභ. රැස පිහිටීමත්, රවි මේෂ නවාංශකයේ පිහිටීම ඔබට දේපළක් නිවසක් හිමිවන ග්රහබලයකි. කේන්දරයෙහි හතරවැන්න අධිපතියාද, සිකුරු සහ හතර හතරවැන්නාධිපති වී පිහිටියේ නම් සුබ ග්රහයකු වේ නම් නිවාස උරුම වේ. මව්පියන්ගේ දේපළ ලැබී සාර්ථක ජීවිතයක් ගතකරයි. කටකය සිව්වැන්න අධිපති වී සඳු ග්රහයා කුම්භ රාශි ගතවීම මව්පිය උරුමයෙන් දේපළ ලැබීමකි. රවි උච්ච වී මේෂ රාශි ගතව මකර ලග්නයෙන් උපන් අය බොහෝ මහන්සි වී නිවසක් තනාගනී. එම නිවසේ පදිංචි වී යහමින් ධනය ලැබෙන විට දුරාචාරයන්ට, ගණිකාවන්ට එම ධනය වැයකර අවසානයේ මහ මඟ මියයයි. මිථුන ලග්නයට බුධ කන්යා රාශි ගතවීම නම් තම උත්සාහයෙන් දෑවැද්දෙන් විශාල ඉඩම් ලැබීමකි. නම්බුකාර නිවාස මිලට ගනී. කටක ලග්නයෙන් ජනිතව සිකුරු ග්රහයා මීන රැස ගතවීමද අලුත් නිවාස ලැබෙන ග්රහ පිහිටීමකි. සිංහ ලග්නය වී කුජ, මකර රාශි ගතවීමද දේපළ ලැබීමකි. කන්යා ලග්න අයට ගුරු කටක රාශි ගතවීම විශාල භූමි ලාභ ලැබීමකි. මැදි වයසේදී අවිවාහක මාමා කෙනෙකුගෙන් විශාල බූදලයක් තමන් සතුවේ. එම වැඩිපුර ඉඩම්වලට ජලය විදුලිය සපයා දෙමින් දුප්පත් අයට නිවසක්ද සාදා ලියා භාරදෙයි. මෙයින් ඉතා බලවත් පිනක් සිදුකරගනී. තුලා ලග්නයෙන් ජනිතව සෙනසුරු උච්චවීම නිවාස ලාභ හිමිවීමකි. සමහරු තම මහන්සියෙන් නිවාස සාදාගනිමින් වැඩිදියුණු කරගනී. වෘශ්චික ලග්නයෙන් ජනිතව ශනි, තුලා රාශි ගතවීම ඉඩම් මව්පිය උරුමයෙන් හෝ තමන්ම උපයන මුදලින්ද ගෙවල් සාදා ඉඩම් මිලදී ගැනීමට හැකිවන ග්රහ පිහිටීමකි. ධනු ලග්නයෙන් ඉපදී ගුරු කටක රාශිගතවී සිටීම අලුත් ඉඩම් නිවාස, යානවාහන ලබන ග්රහ බලයකි. දේපළවලින් දියුණු වී ව්යාපාර කිහිපයක හිමිකරුවෙක්ද වේ. තව තවත් ආයෝජනයන් සිදුකර රටපුරාම ව්යාපාර අරඹති. කුජ ග්රහයා මකර රාශිගතව යෙදීමෙන් ඉඩම් විකුණා මුදල් උපයා කර්මාන්තශාලා හිමියකු බවට පත්වේ. විදේශයන් හා සම්බන්ධව රැකියාවෙන් සිදුකර කෝටිපතියන් වී මෙරටටද පැමිණ දියුණු වේ. කුම්භයෙන් ඉපදී සිකුරු, මීන රාශිගතවීම ද මහා ධන යෝගයකි. කොතරම් ලැබීම් ලැබුණත් උඩඟු නොවේ. සත් ගුණවත් පුරුෂයකු වේ. ස්ත්රියක් නම් පරම්පරාවෙන් හෝ විවාහ සහකරුගෙන් දේපළ ධනය ලැබී ධනවන්තියක් වේ. මීන ලග්නයෙන් ජනිත වී බුධ කන්යාව යෙදේ නම් ඔහු හෝ ඇය තම බුද්ධිය මෙහෙයවා ඒ තුළින් ධනය උපයා ගනී. ධනය වැඩි වශයෙන් ලබාදෙන දේපළ හිමිකාරිත්වය ලබාගනී

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk