Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

තුවාල සුවවීම පමාවීමට හේතු

1 year ago 7 Min read
Subha.lk
සුව නොවන තුවාලයක් තිබෙනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන ඔබ දැනුම්වත් කිරීම මේ ලිපියේ මූලික අරමුණයි. ඇතැම් තුවාල පැසවන්නේ කිල්ලට අසුවීම නිසාද ? - එවැනි මතයක් පුරාණයේ පටන් මේ දක්වා සමාජයේ මුල්බැසගෙන ඇති බව සත්යයකි.තුවාලයක් පැසවන්නේ ඊට විසබීජ ඇතුළු වුවහොත් පමණයි.ඇසට නොපෙනෙන නිසා විසබීජ හඳුන්වන්නේද ක්ෂුද්රජීවීන් යනුවෙනි.බැක්ටීරියා, වයිරස් සහ දිලීර වර්ග ක්ෂුද්රජීවීන් සේ සලකනවා.තුවාල පැසවන්නේ තුවාලයට මෙම විශබීජ ආසාදනය වුවහොත් පමණි. පැසවූ තුවාලයක් ඇතිවිට කුද්දෙටි මතුවීම, වෙව්ළා උණ ගැනීම, තුවාලය අවට ප්රදේශය රත් පැහැ ගැනීම හා ඉදිමීම සිදුවිය හැකියි.මෙවැනි අවස්ථාවක වහාම වෛද්ය ප්රතිකාර සඳහා යොමු නොවී පාරම්පරික ඖෂධ තෙල් බෙහෙත් ගැල්වීම, කහ නූල් ගැටගැසීම, මහපොට ඇඟිල්ල වර්ණ ගැන්වීම, දෙහි කැපීම, ශාන්තිකර්ම හා බලිතොවිල් නැටීම ආදිය සිදුකිරීම අදටත් සමාජයේ බහුලව දැකිය හැකියි.බොහෝ දියවැඩියා රෝගීන් තම දෙපා අහිමි කරගන්නේ නිසි වෛද්ය ප්රතිකාර වලට යොමු නොවී මෙවැනි දේ මත පමණක් එල්බ සිටීමෙනි. තුවාලයක් ඇති අයකු අවමඟුල් ගෙදරකට සහභාගීවීම නුසුදුසුද ? එමගින් තුවාලය පැසවනවාද ? - ජනයා, වැඩිපුර ඒකරාශී වන ස්ථානවල විෂබීජ පැතිරීම සාමාන්යයෙන් වැඩි වශයෙන් සිදුවෙනවා.අද කාලයේ මෘත දේහයක් නිවෙසට රැගෙන එන්නේ එම්බාම් කිරීමෙන් පසුවයි. එහෙත් මෘත දේහයෙන් විෂබීජ පිටවීම සිදුවෙයි මේ නිසා තුවාලයට නිසි සැරහුමක් නොදමා පිරිස් එක් රැස්වන ස්ථාන මළ ගෙවල් වේවා රැස්වීම් වේවා ඕනෑම ස්ථානයකදී තුවාලයට විශබීජ ඇතුළුවිය හැකියි. එවිට විසබීජ පහසුවෙන් තුවාලයට ඇතුළුවීමට ඉඩ තිබෙනවා ජනයා රැස්වන ස්ථාන වලදී ඕනෑම තුවාලයකට විශබීජ එක්වීමේ ප්රවණතාව වැඩියි. තුවාල සුවකරන බොන බෙහෙත් තිබෙනවාද ? - තුවාලය සුවවීමට බොන බෙහෙත් නැහැ.නමුත් තුවාලය පැසවා තිබේ නම් විසබීජ මර්දනය කිරීමට ප්රතිජීවක වෛද්යවරයකු ලවා නිර්දේශ කරගත යුතුයි.තුවාලයට ඇතුළු වී ඇති විෂබීජයේ ස්වභාවය අනූවයි ප්රතිජීවකය තෝරාගත යුත්තේ.ඇතැම් අවස්ථාවල විෂබීජය හඳුනාගැනීමට තුවාලයෙන් පිටවන “සැරව සාම්පලයක්” පරීක්ෂාවට ලක් කළ යුතුයි.එවිට තුවාලයට ඇතුළුවී ඇති විෂබීජය නිශ්චිතවම හඳුනාගෙන එය වහාම නැතිකළ හැකි ප්රතිජීවකය කුමක්දැයි වෛද්යවරයාට දැනගත හැකිය. එන්නත් මගින් තුවාල ඉක්මනින් සුව වෙනවාද ? - තුවාලය සුවකිරීම සඳහා නික්ෂේපණ නැහැ.එහෙත් බලසම්පන්න විෂබීජයක් ශරීරගතව ඇති විට රෝගියා දැඩිසේ ගිලන් විය හැකිය..මෙවැනි අවස්ථාවක ඉක්මනින් ක්රියාකාරී වී විෂබීජ ශරීරයට ඇතුළුවීම වැළැක්වීම ප්රතිජීවක නික්ෂේපණ ලබාදීමෙන් සිදුකළ හැකිය. සුව නොවන තුවාලයක් තිබෙනවානම් හොඳීන් සැලකිලිමත් වෙන්න - සමේ ඇතිවන ඇතැම් පිළිකා විශේෂ තුවාලයක් වශයෙන් මතුවී පෙනිය හැකියි.එවැනි තුවාලයක් හැරුණුවිට ශරීරයේ ඇතිවන්නා වූ ඕනෑම තුවාලයක් නිසි ක්රමවේදයකට අනූව ප්රතිකාර කළහොත් සුවකළ හැකියි.ඒ වගේම සුව නොවී කල් පවතින තුවාල, විශේෂයෙන්ම පිළිස්සීමකදී ඇතිවූ තුවාල සුවනොවී කල් පවතින්නේ නම් එවැන්නක් පිළිකාවක් බවට පත්වීමට වුවද ප්රවණතාවක් ඇතිවිය හැකියි. තුවාලයක් සුවනොවී පැවතීමට විවිධ සාධක ගණනාවක් බලපෑ හැකිය - තුවාලයේ ස්වභාවය, තුවාලය පිහිටා ඇති ස්ථානය, ශරීරයේ පෝෂණ තත්ත්වය, තුවාලයට ගල්වන ඖෂධ වර්ග සහ වෙනත් රෝග සඳහා මේ වන විටත් රෝගියා ලබාගනිමින් සිටින ඖෂධ වර්ග යනාදිය ඉන් සමහරක්. තුවාලය වෙත ඇති රුධිර සැපයුම අඩුවීම, දියවැඩියා රෝගීන්ගේ දෙපා හිරිවැටීම තත්ත්වය, යටිපතුල්වල ඇතිවන තුවාල, නහර ගැටගැසීමේ රෝග ඇති පුද්ගලයන්ගේ තුවාල, සමේ රෝග නිසා ඇතිවන්නා වූ තුවාල සහ අස්ථි ආසාදනයකින් මතුව ඇති තුවාල යනාදිය දීර්ඝ කාලයක් සුව නොවී පැවතිය හැකිය.මේ අතුරින් දියවැඩියා රෝගීන්ගේ පාදයක සුව නොවන තුවාලයක් පාදය කපා ඉවත් කිරීම දක්වා වූ අභාග්යසම්පන්න ඉරණමක් අත්කරදීම දක්වා වුවද පරිවර්තනය විය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk