Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසේ සුරතලා අපට කියාදෙන පාඩම්.

1 year ago 7 Min read
Subha.lk
හීලෑ කළ අලියා හැරෙන්නට තිරිසන් සතුන් අතරින් කලින් යමක් අවබෝධ කර ගැනීමේ පුදුම විදියේ හැකියාවක් ඇති සතෙකු ලෙස බල්ලා අපට හඳුන්වා දීමට පුළුවන්කම තිබේ. ඈත එපිට දඩයම් යුගයේ පටන් සුනඛයා නොහොත් බල්ලා ගෙන් මනුෂ්යයාට කොතෙකුත් ප්රයෝජන ලැබී තිබේ. නිවෙසක් රැක බලා ගැනීමට මෙන්ම සුරතලයට ද ඇති කරනු ලබන බල්ලා ඉතා දරුණු අපරාධ කටයුතු පිරික්සීම උදෙසා ආරක්ෂක දෙපාර්තමේන්තුවට බොහෝවිට උපකාරී වන සතෙකි. කෙසේ වුවද මිනිසාගේ ඇවතුම්, පැවතුම් කෙරෙහි සෑහෙන අවබෝධයක් මෙන්ම පුදුම ඉවක් ඇති තිරිසන් සතෙකු බව මේ ලිපිය කියවන ඔබට පවා තේරුම් ගොස් ඇතිවාට කිසිම සැකයක් නැත. ඇත්ත වශයෙන්ම හීලෑ කළ අලියා හැරෙන්නට තිරිසන් සතුන් අතරින් කලින් යමක් අවබෝධ කර ගැනීමේ පුදුම විදියේ හැකියාවක් ඇති සතෙකු ලෙස බල්ලා අපට හඳුන්වා දීමට පුළුවන්කම තිබේ. දැන් අපි මෙම තිරිසන් සතාගේ හැසිරීම් රටාව තුළින් ඌ අපට පවසන අනාවැකි ටිකක් පිළිබඳව කරුණු විමසා බලමු. ඔබ කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යන විට මෙන්ම ආපසු නිවසට ගොඩවන විට මෙම සතා දක්වන විවිධ ඉරියව් රාශියක්ම ඉතා පහසුවෙන් දැක බලා ගන්නට හැකි වනු ඇත. බොහෝ විට දෙපා දිගු කර වැඳීම, වලිගය සෙලවීම. සිරුරට පැන සිරුර ලෙව කෑම ආදිය මින් සමහරකි. අප කවරකු හෝ නිවසින් පිටතට යෑමේදී ඇතැම්විට අප එහෙමටම ගණන් නොගන්නා පෙරනිමිති මෙම තිරිසන් සතාගෙන් පෙන්නුම් කරනු ලබයි. මෙසේ උගේ හැසිරීම් විලාශය අනුව පෙන්නුම් කරනු ලබන පෙරනිමිති ගැන බලා ගමනේ ශුභ අශුභ පළ කිරීමට ඇතැමෙක් දනී. එහෙත් වැඩි දෙනෙක් එය ගණන් නොගැනීම කනගාටුවට කරුණකි. ගෙතුළට දිවීම - යම් කෙනකු ගමනක් යෑමට සූදානම්ව නිවසින් පිටතට යෑමට සැරසෙන කල බල්ලා ඒ අයගේ ඇඟ වටේ කැරකි කැරකී කුරු කුරු ශබ්ද නඟා ඌ ගෙතුළට දිවීමෙන් එම ගමනින් කිසිදු ප්රතිඵලයක් නොමැති බව හඟවයි වස්ත්රයෙන් ඇදීම - තවද ගමනට සූදානම් වූ කෙනාගේ ඇඳගෙන සිටින වස්ත්රයෙන් ඇදීම ද අනපේක්ෂිත කරදර කොටින්ම දරුණු විපත්වලට පවා මුහුණ දීමට සිදුවිය හැකි බැවින් එම ගමන නොයා සිටීම වඩාත්ම නුවණට හුරුවේ. කම්පට ගැසීම - ගමනක් පිටත්වීමට සූදානම්ව පෙරමඟට බසින විට බල්ලා කම්පට ගැසීම ද අශුභ විපාක ඇති විය හැකි බව හැඟවීමකි. තවද නිවසින් පිටත් වන විටම අයාලේ යන බල්ලෙකු ඉදිරිපසට පැමිණ බාධා කරයි නම් ඒ යන ගමන ද ප්රතිඵල රහිත වේ. විවිධ කරදර ඇති විය හැකි නිසා එම ගමන එදිනට නොගොස් සිටීම බුද්ධිගෝචර වේ. සිරුර ලෙව කෑම - ගමන පිටත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී එම අයගේ සිරුර ලෙව කෑම ද අශුභ පෙරනිමිත්තකි. ඒ බව නොතකා යෑමෙන් අනිටු විපාක ඇති කෙරේ. සිප ගැනීම - නිවසින් බැහැරව යෑමට සූදානම්ව සිටින විට, තමන් හදන බල්ලා පැමිණ ඒ අයගේ දකුණු කෙණ්ඩ සිප ගත්තොත්. එම ජන්මියා අතරමඟදී කවරෙකු සමඟ හෝ රණ්ඩු ඇති කර ගනියි. එමෙන්ම වම් කෙණ්ඩ ඌ විසින් සිප ගත්, තත් අශුභ ඵලම ඇති කෙරේ. එහෙත් ඌ විසින් දකුණු කලව හෝ වම් කලව සිප ගැනීම එහෙමටම අයහපත් නොවේ. ගමනින් මධ්යයම ඵල උදා කෙරේ. බල්ලා ඉදිරියට පැන දෙපා දිගු කර. වැඳීම ද ගමනින් යහපත් ඵල ලද හැකි බව කියා පෑමකි. නමුත් ගමනක් යෑමට පිටත්වන මොහොතේ බල්ලා අත ලෙව කෑමට පෙලඹෙන්නේ නම් ඒ ගමනින් සාර්ථක ප්රතිඵල ලැබීම අතිශයම දුෂ්කර බව පෙන්නුම් කරයි. පොර කෑම - තවද බල්ලන්ගේ මෛථූන සේවනය ද උන්ගේ පොර කෑම පෙරමඟට අසුවීම ද එහෙමට ශුභ නැත. අයහපත් ඵල ඇති කෙරේ. ගමනක් පිටත්වන මොහොතේ කිසිවක් බල්ලාගේ කටේ රුවා ගෙන ඉදිරියට ඒම අශුභ නමුත් කිසිවක් ඩැහැගෙන ඉදිරියට යෑම ඉතා යහපත් වේ. එම ගමනින් ජයම අත්වේ. නොකා නොබී සිටීම - කරුණු මෙසේ වුවත් යම්කිසි නිවෙසක ඇති කරනු ලබන බල්ලා හිටි හැටියේ නොකා නොබී සිටීම, ඇස්වලින් කඳුළු වගුරුවා ගෙන සිටීම, එම නිවසේ කෙනකුට හෝ ඔවුන්ගේ ළඟම ඥාතියෙකුගේ මරණය ළඟදීම සිදුවිය හැකි බවට පෙරනිමිත්තක් ලෙස පෙන්නුම් කරයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk