Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලග්නයේ රවි සිටියදී උපන්නොත් මැරෙන්නෙ ගැහැනියක් නිසාලු,

1 year ago 7 Min read
Subha.lk
ජන්ම පත්ර පරීක්ෂාවේදී ඉතාමත්ම සුපරික්ෂාකාරීව කළ යුතු වන්නේ ආයුෂ පිළිබඳ සලකා බැලීමයි. කොතෙක් රූප සම්පත්තිය ඇතත්, වස්තුව ඇතත් ආයුෂ හීන පුද්ගලයාගෙන් කවර නම් ඵලයක් ද? මේ පිළිබඳ ජ්යොතිෂයෙහි ඉමහත් කරුණු රාශියක් දැක්වෙනත්, මා මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කරන්නේ මරණය ගෙන දෙන ග්රහයෝග පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි කරුණුයි. දසවැන්නේ රවි ග්රහයාද, 4 වැන්නේ කුජ ග්රහයාද සිටියදී උපන් ජන්මියා උසකින් වැටී මරණයට පත්වන බව ජේයාතිෂයෙහි දැක්වෙයි. අව සඳු කුජ ග්රහයාගේ දෘෂ්ටියට ලක්වීමද, ශනි හෙවත් සෙනසුරු ග්රහයා අටවැන්නේ වීමද ගුද මාර්ගයේ රෝගයකින් හෝ ගින්නෙන් හෝ අවි ආයුධයකින් මරණ බිය ගෙනදීමට හේතු වේ. රවි - කිවි හත්වැන්නෙහි ද, අට වැන්නෙහි සෙනසුරුද, අව සඳු සිවුවැන්නෙහි සිටියදී යමෙක් උපන්නොත් පක්ෂීන් හේතුකොටගෙන මරණ බිය ගෙන දෙන බැව් ජෝතිශ්යයෙහි දැක් වේ. සිවුවැන්නේ සඳු-ශනි ග්රහයන්ද හත්වැන්නේ කුජ ග්රහයාද ඇතොත් ළිඳක වැටීමකින්(ජලාශයකට වැටීමකින්) මරණය සිදුවන බව ආචාර්ය මතයයි. රවි-සඳු දෙදෙනා කන්යා රාශිගතව ලග්නය වීද, පාප ග්රහයන්ගේ දැකීම වේද. නෑයන් සම්බන්ධව ඇතිවන අරගලයක දී මරණ බිය ගෙන දීමට ඉවහල් වනු ඇත. මිථුන - කන්යා, ධනු - මීන රාශියක් ලග්නය වී රවි - සඳු ලග්නගතව ඇතොත් දියේ ගිලීමෙන් මරණය සිදුවනු ඇත. සඳු ග්රහයා පාප ග්රහයන්ට මැදිව ශනිගේ රැසක ( මකර - කුම්භ) සිටියදී උපන්නේ නම් ගින්නකට ගොදුරු වීමෙන් හෝ උසකින් වැටීමෙන් මරණයට පත් වේ. මීන රාශිය ලග්නය වී හත්වැන්නේ සඳුද, 12 වැන්නේ සිකුරු ද ලග්නයේ රවිද සිටියදී උපන් ජන්මියාට ස්තියක් හේතුවෙන් මරණ බිය ගෙනදේ ලග්න රාශියේ සඳුදා. 5 වැන්නේ කුජ හා අටවැන්නේ ශනිද, ක්ෂීණ චන්ද්රයා 4 වැන්නේද සිටියදී උපන් ජන්මියා බිත්තියකට යට වීමෙන් හෝ ගලක් පෙරැළීමකින් හෝ මරණයට පත්වනු ඇතැයි පැවැසේ. ලග්නයේ රවි ග්රහයාද, 5 වැන්නේ ශනි හා අට වැන්නේ කුජ ග්රහයාද, 9 වැන්නේ සඳුද සිටියේ නම් හෙතෙම අකුණු සර වැදීමකින් මරණයට පත්වනු ඇත. අව සඳු 10 වැන්නේද. 4 වැන්නේ කුජ ග්රහයාද 7 වැන්නේ රවි ග්රහයාද සිටී නම් මඩක එරීමෙන් මරණ බිය ගෙන දීමට ඉවහල් වනු ඇත. රවි - සිකුරු 4 වැන්නේද, කුජ ග්රහයා 10 වැන්නේද ශනි ලග්නයේද සිටියේ නම් ගිනි මූලිකව මරණ බිය ගෙන දීමට හේතුවනු ඇත. ශනි-සඳු ග්රහයන් තුලා - මේෂ - මකර හෝ කුම්භ රාශිගත වේද නැතහොත් මකරයේ අව සඳුද, 7 වැන්නේ රවි ග්රහයාද, කටකයේ කුජ ග්රහයාද සිටියදී උපන් තැනැත්තා කසළ ගොඩකදී මරණයට පත්වේ යැයි දක්වා ඇත. සෙනසුරු ලග්නයේද, රවි හා සිකුරු සිවුවැන්නේද අව සඳු අටවැන්නේද සිටියේ නම් දඬු මුගුරු ආදියෙන් පහර ලැබ මරණයට පත්වේ. මේ ආදී ග්රහයෝගයන් ජ්යොතිෂයේ කොතෙකුත් ඇතත් ඔබගේ කේන්දරයෙහිත් මෙබඳු යෝග ඇත්දැයි විමසිලිමත් වීම ජ්යොතිෂයට ගරු කරන ඔබට රැකවරණයක් සලසා ගැනීමට ඉවහල් වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk