Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කුජ ගෙනෙන ලෙඩ

1 year ago 7 Min read
Subha.lk
කුජ ග්රහයා හැඳින්වීමට නම් කිහිපයක් ම යොදා ගනී. කොහොම භාවිතා කළත් කුජ කියන විට ඇඟ කිලි පොලායන ගතියක් සිතට බියක් සංකාවක් ඇති කරයි. අඟහරු යනුවෙන් බොහෝ දෙනා අතර ප්රචලිත වී ඇති මෙම ග්රහයාට භූමි පුත්ර යනුවෙන් ද හඳුන්වයි. කුජ ග්රහයා ගැන තවත් විස්තර සොයා බැලීමේ ද රක්ත වර්ණයට අයත් ලේ ධාතුවට ද මූලික වශයෙන් අධිපති කමක් දක්වයි. මේ අයුරින් විග්රහ කර බලන විට ලේ නරක්වීමෙන් ලේ දුෂ්ය වීමෙන් වැළදෙන බොහෝ රෝග කුජ ග්රහයා නීච වීමෙන් ඇති වන්නේය. විශේෂයෙන් අධික රක්ත රෝගයන්ට මොහුගේ දෘෂ්ටිය බලපායි. කුජ දුර්වල වී සිටින විට හෘද රෝග ඇතිවීමට හේතු සාධක ඇත. විශේෂයෙන් කුජ දුර්වල වීමෙන් උෂ්ණ රෝග ද ඇති කරයි. බොහෝ අධිපති ග්රහයන් සමඟ කුජ සංයෝග වී ඒකරාශී සිටින විට දුර්වල වී ඇති කුජ නිසා උෂ්ණත්වය හේතු කොට ගෙන ලේ නරක්වීම නිසා උෂ්ණ රෝගා බාධ ඇති කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ගබ්සා ඇති කිරීමට ද දුර්වල කුජ ප්රධාන වේ. එසේ වන්නේ කුජ සයවැන්නේ දුර්වල වූ විටය. බොහෝ විට සත්වැන්න පිරීක්ෂා බැලීමේ දී ද කුජ දුර්වල වූ විට කාන්තාවන්ගේ ප්රසූතියට ද බාධා අවහිර සිදු වේ. එපමණක් නොව ගිනියම් වර්ගයේ ලේ උෂ්ණාධික රෝග ඇති කරයි. නව ද ලේ ධාතුව විෂ වීමේ රෝගයන් මෙන්ම ඇස් රෝග මුත්රාබාධ ලෙහෙසියෙන් ජන්මියාට ලං කරයි. මෙය බොහෝ විට සිදුවන්නේ අටවැනි රාශියේ කුජගේ පෙනීම දුර්වල වූ විට දී බව පෙනී යයි. කෙනෙකුට ඇතිවන විපත් කරදර බරපතල රෝගාබාධවලට කුළු ඉතා ඉක්මණින් ලංවන්නේ ද කුජ දුර්වල වූ විටය. විටෙක කුජ දුර්වල වූ විට මාංශ පේශී, ඇස්වල අමාරු ද රුධිර දෝෂ, වාතාබාධ ජන්මියාට ළඟාකර දෙයි. වෙනත් ග්රහයන් සමඟ සංයෝග වූ විට තවත් බොහෝ අසනීපයන් ට කුජගේ දුර්වලතාව බලපායි.මෙම කුජ ග්රහයා ඉතාමත් ප්රකටව ඇත්තේ යුද්ධයට අධිපතිත්වය දරන ග්රහයෙක් වශයෙනි. ඒ වාගේම මෙම ග්රහයා උනන්දුව හා දක්ෂතාව ද ලබා දෙයි. ඒ නිසා වික්රමාන්විත තේජස් බවක් ද ඇති කරයි. එසේ වූ විට ජන්මියාට හිරිහැර කරන අතර කපා කොටා තුවාල කරන්නට ද කුජ අමතක නොකරයි. ද්වේශ අන්දමින් පාප කර්ම රැස්කර ගෙන තිබෙන ජන්මියෙකුට සිතෙහි හටගන්නා බලවත් ආශාවන් හේතුකොටගෙන එසේ නැති නම් තරහා නිසා අන් අයවලුන් තැති ගන්වමින් බියට පත් කරලීමට ද කුජ පසුබට නොවේ. යමෙක් ත්රස්තවාදී ක්රියා සිදුකර ඇත්නම් තමන් අමනාපව සිටින අයට ඇඟේ ලේ වතුර වන අන්දමින් තද බල මරණ බිය ගෙන දෙන්නේ ද කුජ ග්රහයා විසින් ය. තව ද අතීතයෙහි බලවත් බිය වැද්දීම් කළ හොත් එම ඡන්මියාට කුජ තද බල ලෙසටම අපල බලපෑමට සලස්වයි. බොහෝ විට ජන්මියාට ලියුකේමියා හට ගන්නේ කුජගේ පාප කර්ම නිසා ය. පෙර ආත්ම භවයන් හී කරන ලද කර්ම හේතුවෙන් අධික දුක් විපත් ඇති කරන්නේද කුජ ග්රහයාගේ අනුග්රහයෙනි. අනෙක් අතට කල්පනා කර බැලීමේදී පෙර භවයන්හී කරන ලද අකුසල කර්මයන් බොහෝ දෙනෙක් පිළිගැනීමට මැලිවෙයි. ඒ අවස්ථාවන්හිදී බොහෝ දෙනෙක් ලැජ්ජාවට බියට පත්වෙති. මේ ලෝකයේ දී සිතන්නට බැරි තරම් යහපත් දේ කළත් සියවසක් උපේක්ෂා සහගන අල්පේච්ඡ ජීවිතයක් ගත කළත් පසු කරන ලද ආත්ම භවයන් හී දී ජන්මියා විසින් කරන්නට යොදනු තද බල පාප කර්මයන් නිබුණොත් එවැනි දේ වළක්වා දැමීමට නම් කිසිවෙකුත් සමත් කම් නොදක්වයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk