Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වාසනාවන්ත කේන්දර හිමියෝ

1 year ago 7 Min read
Subha.lk
පෙර භවයේ කරන ලද කුසලා - කුසල කර්මයන් මේ භවයට රැගෙන ආ බවට තීරණය කරනු ලබන්නේ ජන්මියා උපත ලද අවස්ථාවේ සකස් කරන ජන්ම පතෙහි දැක්වෙන තොරතුරු මගිනි. මීට පෙර සුගතගාමී භවයකිදී කිසියම් හෝ පුණ්ය කටයුත්තක නිරත වුයේ නම් එහි ප්රතිඵල ද මිනිස් භවයකදී හෝ ඊට වඩා දුර්වල භවයකදී උපත ලබා තිබියදී කරන ලද යම් අකුසල කර්මයන්හි ප්රතිඵල නොදී ඉතිරිව තිබූ යම් කොටසක් වේ නම් ඊට අදාළ විපාකයන් ගෙවීමට වැඩි වශයෙන් සිදු වන්නේ වත්මන් ආත්ම භවයෙහිදී බව බුදු දහමෙහි පුළුල්ල වශයෙන් ගෙනහැර දැක් වේ. මෙය වඩාත් පැහැදිලිව දන හැක්කේ ජ්යොතිෂ් ශාස්ත්රයද ගැඹුරින් හැදෑරීමෙනි. එසේම ජන්ම පතෙහි දක්නට ලැබෙන ග්රහ සංකේත තවදුරටත් විග්රහ කිරීමෙනි. ලග්නාධිපති ග්රහයා මෙන්ම පුණ්යස්ථානය හෙවත් කෙන්දරයෙහි නව වැන්නෙහි තත්ත්වයද එහි අධිපති ග්රහයාගේ පිහිටීම කෙරෙහිද විශේෂයෙන් නවාංශක සටහනෙහි තත්ත්වය ඇසුරෙන් අවධානය යොමු කිරීමෙන් මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කර ගත හැකිය. ජන්ම කේන්දරයක ග්රහයන් කිහිප දෙනකු බලවත්ව පිහිටීමත් ඊට සුබපල දෙන යෝගයක් සම්බන්ධව තිබීමත් ජන්මියාගේ දියුණුව ගෙන දීමට හේතු වේ. හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මැතිතුමාගේ කේන්දරය එවැනි ග්රහ පිහිටීම් තුළින් කැපී පෙනේ. එතුමාගේ කේන්දරයේ ත්රිකෝණස්ථාන අධිපති සිකුරු ග්රහයා හා කර්මස්ථානාධිපති ගුරු ග්රහයා සංයෝගව දහ වැන්නේ පිහිටීම, රටේ උත්තරීතර තනතුරු හිමිවීමට හේතු විය. එය ගුරු හංස යෝගය මෙන්ම මාලවී යෝග බලය ද ගෙන දීම නිසා එම තනතුර හිමි වූයේ කිසිවකු නොසිතූ ආකාරයට හදිසි අවස්ථාවකදීය. (82° වැනි නවාංශක අධිපති සදු ග්රහයා ස්වක්ෂේත්ර බලයෙනි) මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ස්වක්ෂේත්ර හා වර්ගෝත්තම බලයෙන් පිහිටි සඳු ග්රහයාගේ මහ දසාවේ. කේතු අතුරු දසාව හා සඳු ග්රහයාගේ විදසාවේදී අප රට ජනාධිපති තනතුරට පත් වූයේ ප්රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවය නිසාය. කේතු - රහස් ගුප්ත ග්රහයකු වන නිසා නොසිතූ විරූ අවස්ථාවක ජනාධිපති පදවිය හිමිවිය. (තවද ජනාධිපති ප්රේමදාස මහතා ජීවතුන් අතර සිටියදී පක්ෂයේ වෙනත් ජ්යෙෂ්ඨ සාමාජිකයන් සිටියදී පවා විජේතුංග මහතා අගමැති තනතුරට තෝරා පත්කර ගන්නා ලද්දේ ද ඉහත කී ග්රහ තත්ත්වයේ බලපෑම නිසා බව තවදුරටත් පැහැදිලි වේ) ලග්නාධිපති බුද ග්රහයා හා අටවැන්නාධිපති මෙන්ම නව වැන්නාධිපති ශනි ග්රහයා සමග පරිවර්තනය යෝගයද, දීර්ඝායු වැලඳීමට උපකාරී විය. එතුමා ගුරු ග්රහයාගෙන් උපත ලැබීමත් අනතුරුව ශනි- බුද කේතු - සිකුරු - රවි- සඳු - කුජ හා රාහු යන ග්රහයන් නව දෙනාගේ දසාවන් තුළ ජීවන ගමන ගෙන යාමට තරම් වාසනාව උදා වූයේ ද ජන්ම පත්රයේ බලවත් ග්රහ පිහිටීම නිසාය. අයස්ථානාධිපති කුජ ග්රහයා දෙවැන්නේ (ධනස්ථානය) බලවත් සඳු ග්රහයා සමග නීච භංග රාජ යෝගයක් උදා කරමින් පිහිටි ධන යෝගය, අන් සතු ධනය හිමි වීමට උපකාරි වූ බව පැහැදිලි වේ. මෙසේ වීමට හේතු වූ කරුණු තවදුරටත් ග්රහයින් බලවත් වීම සලකා බලමු. එනම් කීර්ති ස්ථානය අධිපති රවි ග්රහයා භාග්යස්ථානයේද, ධනස්ථාන අධිපති සඳු ග්රහයා ස්වක්ෂේත්ර හා වර්ගෝත්තම බලයෙන්ද පිහිටීම නිසා සමාජයේ කීර්තිමත් පුද්ගලයකු මෙන්ම ධනය පහසුවෙන් ලබා ගැනීමටද හැකියාවක් පෙන්නුම් කෙරේ. ලග්නාධිපති මෙන්ම සිව්වැන්නාධිපති බුද ග්රහයා භාග්යස්ථානය හෙවත් නව වැන්න අධිපති ශනි ග්රහයා සමග පරිවර්තනය යෝගයද, 12 වැන්න අධිපති සිකුරු ග්රහයා “මාලවී යෝග” බලයෙන්ද. අයස්ථානය හෙවත් එකොළොස්වැන්න අධිපති කුජ ග්රහයා නීච භංග රාජ යෝගයක් වශයෙන්ද සත්වැන්න හා දසවැන්න අධිපති ගුරු ග්රහයා හංස යෝගයෙන් ද ආදී වශයෙන් බලවත් ග්රහ පිහිටීම් රාශියකින් යුත් ජන්ම කේන්දරයක් හිමි වීම පෙර භවයෙහි කරන ලද ඉමහත් පුණ්යකර්මවල ප්රතිඵලයක් බව සඳහන් කරනු කැමැත්තෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk