Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්රමයක්...

1 year ago 7 Min read
Subha.lk
එදා ජීවන වියදමත් අද ජීවන වියදමත් අහස පොළොව මෙන් වෙනස් වෙමින් තිබේ. එහෙයින් සියලු ජනයාට ඉතිරි කිරීමට නොව ලැබෙන මුදල අවශ්යතා සඳහා කළමනාකරණය කර ගැනීමද ගැටලුකාරී වී ඇත. මෙය සරල සාමාන්ය තත්ත්වයක් සේ පෙනුණද ඉතා බුද්ධිමත්ව හඳුනාගත යුතු කාරණාවක් වෙයි. එනම් ඔබගේ වියදම වැඩි වීම සාමාන්ය වන විට ඔබට නොදැනීම ඔබගේ ආදායම අඩු වීම හෝ ඔබට ලැබෙන මුදල අනවශ්ය ආකාරයට වියදම් වීම විනාශ වීම හෝ අවම වී යෑම සිදු වීමයි. මෙය විවිධාකාරයෙන් සිදුවේ. ඒ ඒ කාලවකවානුවල යෙදෙන ග්රහචාරය අනුවත් ලැබීම් අඩුවී වියදම් වැඩිවේ. ඇතැම් විට පුද්ගලයන්ගේ ධනාත්මක ලැබීම් විවිධ හේතු මත අභියෝගයට ලක්වීමෙන්ද මෙය සිදු වේ. එනිසා ඒ කුමන හේතුවකින් ඔබගේ ආදායම අඩු වුවද එසේ වීම පාලනය කළ හැකි ක්රමයක් ඔබට භාවිත කළ හැකි නම් මෙම අයහපත් තත්ත්වය වෙනස් කර ඉතා සුබවාදී තැනකට ආර්ථිකය ගෙන එන්නට හැකිවනු ඇත. වියදම ඉහළ යද්දී ඊට සරිලන ලෙස ඔබේ ආදායම වර්ධනය කරගන්නට ඔබට හැකිවනු ඇත. ඒ සඳහා මුලින්ම ඔබ ජීවත් වන නිවෙසත් නිවාස අවටත් හොඳින් පිරිසිදු කරන්න. නිවෙසේ ඇති අනවශ්ය ලට්ට ලොට්ට සියල්ල නිවෙසින් ඉවත් කර ඉතා පිරිසිදු සහ නිදහස් පරිසරයක් සකසන්න. නිවෙස තුළ ඇති අයහපත් වාතය ඉවත්ව ගොස් නිවෙසේ සියලු ස්ථානවල ඉතා හොඳ වාතාශ්රයක් පැතිර යන ආකාරයට නිවෙස සකසන්න. නිවෙසේ බඩු මුට්ටු නිසි පරිදි ස්ථානගත කරන්න. කාමර වල අති අනවශ්ය ගෘහ උපකරණ ඉවත් කරන්න. අත්යාවශ්ය භාණ්ඩ පමණක් කාමර තුළ තබන්න. ඇඳන් යට මේස යට අල්මාරි කබඩ් උඩ කිසිවක් නියන්න එපා. එවැනි තැන්වල බඩු ගොඩ ගැසීමෙන් අද්භූත බලවේග ඒ තැන්වල වර්ධනය වේ. එමෙන්ම එවැනි අයහපත් බලවේග ඔබගේ ධනාත්මක මාර්ග අවහිරයට පියවර ගන්නා අතර ඔබට ලැබීම් යෙදෙන මාර්ග වෙනතකට හරවන්නට ද සමත් වේ. එ නිසා මුලින්ම නිවෙසත් බාහිර පරිසරයන් නිසි ලෙස සකසාගෙන ඉන් පසු නිවෙසට සෞභාග්යය ගෙනෙන ආකාරයට පහත මන්ත්රය භාවිත කර ප්රතිඵල ලබාගත හැකි බව පුරාණ පොත පතෙහි පහදා දී තිබේ. විශේෂයෙන්ම තම ආගමානුකූලව දිනපතා උදේ සවස ආගම අදහන්න. බෞද්ධයකු නම් උදේ සවස මල් පහන් පූජාකර තමාගේ ධනය ලැබීමේ මාර්ග ශක්තිමත් වේවායි පතන්න. ඒ සඳහා අභියෝග වේ නම් ඒවා මඟ හැරී යන්න යැයි පතන්න. ඒ අතරතුර පහත ආකාරයට සුවඳ ධූපයක් සකසාගෙන නිවෙස සුවඳවත් කරන්න. ඔබගේ ධනාත්මක ලැබීම් බලා සිටියදී වර්ධනය වනු ඇත. මේ සඳහා සාම්බානි අවශ්ය තරම් රැගෙන පහත මන්ත්රයෙන් 108 වරක් මතුර තබාගෙන උදේ සවස දුම් අල්ලන්න. නිවෙසේ ශ්රියාව වර්ධනය වී ධන සම්පත් අවදි වනු ඇත. මන්ත්රය : “ඕ බුද්ධ ගුරු බුද්ධ ජය ජය සරස්වතී දේවි නමෝ ශ්රී ත්රලාය සර්ව සිද්ධි ශ්රීයා දේවි දිෂ්ඨි දිෂ්ඨි ඕං නමෝ සරස්වතී මේඝ ශ්රීයා දේවි දිෂ්ඨි දිෂ්ඨි නමෝ නමඃ”

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk