Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දක්ෂ දරුවන් විභාග අසමත්වෙන රහස...

1 year ago 7 Min read
Subha.lk
වර්තමානයේ පාසල් අධ්යාපනයට ඇත්තේ අතිශය තරඟකාරී ස්වභාවයකි. මේ හේතුවෙන් එක වසරේ සිටම දරුවා යම් ඉලක්කයකට අරමුණකට රැගෙන යෑමට මවුපියන් දැඩි වෙහෙසක් දරයි. ඒ බව ඉතා පැහැදිලි වන කාරණයක් ලෙස 5 වසර ශිෂ්යත්ව විභාගය උදෙසා මවුපියන් වෙහෙස වන ආකාරය හොඳම උදාහරණයකි. මේ උනන්දුව නිසාම අද වන විට බොහොමයක් දරුවන් පන්ති කාමරයේදී විශේෂ දක්ෂතාවන් පෙන්වන පිරිසක් බවට පත්ව තිබේ. එක් පන්තියක් උදාහරණයකට ගතහොත් ඉන් 80% ක් පමණ විභාගය සමත් වේ යැයි අනුමාන කළ හැකිය. එහෙත් ප්රතිඵල සටහන් විමසද්දී මේ තත්ත්වය වෙනස්ව ඇති බව පමණක් පැහැදිලි වෙයි. එසේ වන්නේ කෙලෙසද යන්න කෙනෙකුට ගැටලු සහගත විය හැකිය. බොහෝ මවුපියෝ විභාගයෙන් පසුව ප්රතිඵල සටහන් බලා මවිතයට පත් වෙති. ඒ, සමත් වෙතැයි අනුමාන කළ තම දරුවා විභාගය අසමත් වීමෙනි. මෙය සාමාන්ය තත්ත්වයක් නොවේ. ඉතා බැරෑරුම් කාරණයක් මෙහි ගැබ්ව තිබේ. 80% වෙතැයි සිතූ ප්රතිඵලය 30% ක් හෝ 40%ක් වීමට හේතුව කුමක්දැයි විමසා බැලිය යුතුය. එහිදී පැහැදිලි වන කරුණ නම් ඒ ඒ දරුවන්ගේ උත්පත්ති ග්රහ තත්ත්වයන් මෙයට බලපා ඇති බවයි. ඒ නිසා දක්ෂ දරුවන්ගේ ප්රතිඵල අඩු මට්ටමට ගෙන එන්නට ඒ ඒ දිනවල දෙයුණු ග්රහ තත්ත්වයන් සහ දරුවන්ගේ ග්රහ තත්ත්වයන් බලපෑ බව පැහැදිලි වෙයි. මේ කාරණාව ඉතා සූක්ෂ්මව අවධානය යොමු කොට විසඳා ගත හැකි කාරණාවකි. ඒ සඳහා කළ හැකි විශේෂ වත්පිළිවෙත් ජ්යොතිෂයේ සඳහන් වෙයි. ඒ සඳහා දරුවාගේ කේන්දරය පරීක්ෂා කරවාගත යුතු අතර ඉගෙන ගන්නා දරුවන් සිටින මවුපියන් තම පවුලේ ජ්යොතිෂ වේදියාට හෝ තමාට විශ්වාසවන්ත අයකුට දරුවාගේ කේන්දරය ලබාදී දරුවාට අධ්යාපනයේ දියුණුව යෙදෙන ආකාරය හඳුනාගන්න. එසේම ඒ සඳහා කළ හැකි විශේෂ වත්පිළිවෙත් විමසා බලා කරන්න. මෙමගින් ඔබේ දරුවාගේ දක්ෂතාවන්ගෙන් නිසි ප්රතිඵල ලබාගැනීමට පහසු වනු ඇත. දරුවාටද සුබ අනාගතයක් උදාවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk