Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුවාගේ අධ්යාපනයටත් නිවෙසේ වාස්තු බලපානවා

1 year ago 7 Min read
Subha.lk
“උගතමනා ශිල්පයමය මතු රැකෙනා”............. අධ්යාපනය යනු මිනිසා මව්කුස සිට මරණ මංචකය දක්වාම ප්රගුණ කරන්නා වූ දැනුම් සම්භාරයක් ලෙස පෙන්වා දිය හැකි අතර එතනින්ද නොනැවතී ආත්මීය ගමනක ද යෙදෙන්නෙකි. නූතනයේ අධ්යාපන සංකල්පය හඳුන්වනු ලබන්නේ, යාවජීව අධ්යාපනය ලෙසයි. ලෝකයේ ඉදිරි ගමන් මඟ තීරණය කරනු ලබන ප්රබලතම සාධකයක් ලෙස අධ්යාපනය හඳුන්වා දිය හැකියි. මානව පරිණාමයේ "විවිධ ප්රාථමික යුගයන් සංක්රාම අභ්යවකාශ යුගය දක්වා ලෝකය දියුණු වූයේ අධ්යාපනය නැමැති ක්රියාවලියේ ප්රතිඵලයක් වශයෙනි. ඔබගේ ආත්මීය හැකියාවන් ඔප නැංවීමට ඉවහල් වන්නේ, අධ්යාපනයයි. මානසික දුබලතාවයකින් තොරව ජන්ම ලාභය ලබන සෑම පුද්ගලයෙකුටම තමන්ගේ උපතින් ලද ශක්තිය කොතෙක් ද යන්න කිසිවෙකුටත් කිව නොහැකියි. ඒ තරමටම මිනිස් මොළයේ අසීමිත හැකියාවන් ගැබ් වී තිබෙනවා. මෙම හැකියාවන් වර්ධනය කර ගැනීමට සහ ඔප් නංවා ගැනීමට උදව් උපකාර වන්නේ අධ්යාපනයයි. එසේ නම් අධ්යාපනය සහ ක්රියාවලිය කොතෙක් වටිනවාද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කර දීමට තවත් අවශ්ය වන්නේ නැහැ. මෙවැනි සුවිශේෂී ක්රියාවලියක් උදෙසා වාස්තු ශිල්පයේ පවතින වාස්තු ඥානය නිසිලෙස ගලලා ගැනීමට ඔබට උදව් කිරීම හා ඒ තුළින් නව මානයන් ඔබ වෙත ලබාදීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. මීට වර්ෂ පන්දාහකට පෙර කාලයක දී ලොවට බිහි වූ වාස්තු ශිල්පය ක්රමවත් ලෙස සකස් කොට ලොවට දායාද කළේ ඉපැරණි ඍෂි උතුමන් බව ඔබ දන්නා කරුණකි. මිනිසාගේ ආධ්යාත්මික සංවර්ධනයේ උත්තරීතර යුගය වූ මෙම ඍෂි සමය තුළ බිහි වූ වාස්තු ශිල්පීය ඥානය ලොව වැසියන්ගේ ශාන්තිය උදෙසාම ලැබුණු ඍෂි දහමකි. මෙහිදී මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ වාස්තු දැනුම ලොවට ලබා දී තිබේ. නූතනයේ දී "නිවස" යන්නට පමණක් ලඝු කොට ඇති වාස්තු ශිල්පය, වාස්තු නොදන්නා අයගේ සංකල්පයක් මිස එය වාස්තු ශිල්පය නොවන බවද වටහා ගත යුතු වේ. එසේ නම් ගෘහයක් සැළසුම් කොට එය ඉදිකිරීම පමණක් නොව ගෘහය පරිහරණය කරනු ලබන රටාව පිළිබඳව ද වාස්තු ශිල්පයේ " කියා " තිබෙනවා. මෙහිදී මා උත්සහ ගන්නේ අපගේ ශ්රී ලාංකීය අනාගත සිසු පරපුර උදෙසා තමන්ගේ අධ්යාපනය සාර පූර්ණය කර ගැනීම උදෙසා වාස්තු ශිල්පීය ඥානය යොදා ගන්නා ආකාරය පිළිබඳ පහදා දීමටයි. 01.දරුවාට විශ්ව ශක්තිය නිරාවරණය කරන්න. දරුවෙකු යනු සුපිපෙන මල් කැකුලක් ලෙස හැඳින්විය හැකියි. විකසිත වන මලකට සූර්ය එළිය නොලැබුණොත් කුමක් වෙයි ද? ඒ ආකාරයටම දිනෙන් දින වර්ධනය වන මොළය වැඩෙන දරුවාට ද විශ්ව ශක්තිය නිසි පරිදි ලැබිය යුතු වෙනවා. ස්වභාවයෙන්ම සෑම දරුවෙකුම බුද්ධිමත් වූවත් සමහර දරුවන්ගේ අධ්යාපනය සාර්ථක වීමත් සමහර දරුවන්ගේ ප්රතිඵල දුර්වල වීමටත් හේතු විය හැකි ප්රබල සාධකයක් වන්නේ දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ්ය විශ්ව ශක්තිය නිසි පරිදි නොලැබීමයි. එසේ නම් ඔබත් ඔබගේ දරුවාට විශ්ව ශක්තිය නිසි පරිදි උරාගැනීමට හැකි වන ලෙස ඔහුව ගෘහය තුළ ස්ථාන ගත කිරීමට නැත්නම් වාසය කිරීමට උදව් කරන්න 02.දරුවන්ගේ කාමර සහ අධ්යයන කාමර සඳහා සුදුසු දිශාවන් කුමක්ද? අධ්යාපනය ලබන දරුවන්ගේ කාමර තිබිය යුතු ඉතාමත් සුදුසුම දිශාවන් 03ක් තිබෙනවා. එනම් ඊශාන, නැගෙනහිර සහ වයඹ යන දිශාවන්ය. එසේම දරුවන්ට නුසුදුසුම දිශාවන් දෙකක් තිබෙනවා එ නම් නිරිත දිශාව සහ ගිණිකොණ දිශාවයි. එම දිශාවන් හැරණු විට බටහිර දකුණ සහ උතුර යන දිශාවන් ද අයහපත් නොවන බව පෙන්වා දෙමි. එසේම කිසිම විටක මුළුතැන්ගෙය උඩ කාමර හෝ මුළුතැන්ගෙය යට පිහිටි කාමර තමන්ගේ දරුවන් වෙත ලබා නොදීමට දෙමව්පියන් කාරුණික විය යුතුයි. දරුවාගේ කාමරයට ප්රවේශ වීමට ඇත්තේ පඩිපෙළක් යටින් නම්, එවැනි කාමර ද භාවිතා නොකිරීමට වග බලා ගත යුතුයි. විශේෂයෙන් කිව යුතු දෙයක් තිබෙනවා ඔබගේ ගෘහයේ බ්රහ්ම පාදය යම් අවස්ථාවක කාමරයක් තුලට යෙදී ඇත්නම්, එම බ්රහ්ම පාදය යෙදී ඇති කාමරය ළමුන් සඳහා ඉතාමත් යහපත් බව කිව යුතුයි. ඔබගේ දරුවාට ගෘහයේ නිසි දිශාව තීරණය කර දීමට ඔබ උනන්දු විය යුතු අතර එහි දී දරුවාට විශ්ව ශක්තිය ලබා ගැනීමේ අවකාශයන් බලවත් වනු ඇත. ඉන්පසුව දරුවාගේ මනසේ ඒකාග්රතාවය නව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා වාස්තු වර්ණ මාලාව නිසි පරිදි යොදා ගැනීමට උනන්දු වන්න. මෙම වර්ණ සංයෝජන ගැලපීමේ දී දරුවාගේ කාමරය පිහිටා ඇති දිශාවට අනුරූපී වන ලෙස වර්ණ යෙදීම මුලිකා සිද්ධාන්තයක් ලෙස සැළකේ. 03.කාමරයේ දිශාව වර්ණ මාලාව…… උතුරු දිශාව - සුදු, නිල්, නැගෙනහිර දිශාව - කොළ, සුදු, දකුණු දිශාව - ලා රෝස, සුදු, බටහිර දිශාව - ලා කහ, සුදු, ඊශාන දිශාව - සුදු ,නිල්, ලා දම්, වයඹ දිශාව - සුදු, ලා කහ, ඔබගේ දරුවාගේ කාමරය යෙදී ඇති දිශාව අනුව වර්ණ මාලාව පරිදි වර්ණ ගැන්වීම කළ යුතු අතර දිශාවට සහ වාස්තු ශිල්පයට අනුව දරුවාගේ කාමරයේ බඩු භාණ්ඩ ස්ථානගත කිරීම පහත පරිදි සිදු කරන්න. 04.ළමුන්ගේ අධ්යාපන දියුණුව උදෙසා කාමරය සකස් කර ගැනීම…… කාමරයේ දිශාවට අනුරූපීව යෙදූ වර්ණයට සමාන වර්ණ වලින් දොර රෙදි හා තිර රෙදි යෙදිය යුතු අතර ඝණකම අඩු තිර රෙදි විය යුතුය. පොත් මේසය ස්ථානගත කිරීමේ දී උතුර නැගෙනහිර හෝ ඊශාන දිශාව බලා පාඩම් කළ හැකි පරිදි එය යෙදිය යුතුයි. ළමයාගේ නිදන ඇඳ යෙදීමේ දී අනුරූ දිශාවට හිස නොදමන ලෙස සයනය සකස් කර දෙන්න බටහිර දිශාවට සුභයි. හිදන ඇඳ තැබීමේ දී බාල්කයක් යෙදී ඇත්නම් එම බාල්කයට කැපී යන ලෙස ඇඳ නොනැගිය යුතු අතර හැකි තරම් බාල්කයට සමාන්තරව ඇඳ තැබීම කළ යුතුයි. ළමුන්ගේ කාමර සඳහා කැඩපත් සහිත අල්මාරි හෝ කන්නාඩි මේස කිසිසේත් නුසුදුසු බව පෙන්වා දෙමි. එවැනි දෑ දැනටමත් ඇත්නම්, දරුවා නිදන ඇඳේ ප්රතිබිම්බය නොවැටෙන ලෙස එම කැඩපත් සඳහා තිර යෙදීම මැනවි. ආයුධ සහිත ඡායාරූප හා මිනිස් රූප සහිත ඡායාරූප දරුවන්ගේ කාමර වල කිසිසේත් නොවීය යුතු අතර දිය ඇළි හෝ දර්ශන වැනි පින්තූර සුදුසු වේ. එසේ වුවද රුවල් නැව් සුදුසු නොවේ. ළමුන්ගේ අධ්යයන කාමර තුළ බුදු පිළිම හා දෙවියන්ගේ පිළිම පින්තූර තැබීමේ වරදක් නැත. එසේ තබන්නේ නම්, කාමරයේ උතුර, ඊශාන හා නැගෙනහිර දිශාවල ස්ථාන ගත කරන්න බුදුරජාණන් වහන්සේට පහළින් දකුණු පැත්තෙන් දේව රූප තබා ගන්න. කාමරය තුළ පහනක් දැල්වීම නොකළ යුතු අතර බුදුන් උදෙසා පැන් බඳුනක් තැබීම පමණක් කළ යුතු වේ. එවගේම ඝන දෙවි රූප සහ ලක්ෂ්මි රූප වල විනාශම් ලකුණ යොදා තිබෙන බැවින් එම ලකුණ නොමැති දේව රූප තැබීමට වගබලා ගත යුතුයි. ( තමන්ගේ නිවසේ ඉහළ මහලයක් ඇත්නම්, පහත මහලයේ කාමරයේ ආගමික පිළිම පින්තූර තබා ගැනීම නුසුදුසු අතර ගැහැණු දරුවන්ගේ කාමර තුළ ආගමික පිළිම පින්තූර සුදුසු නොවේ.) විශේෂයෙන් අධ්යයන කාමරයේ පොත් මේසය මත පිරමීඩ ලාංඡන සහ ස්වස්ථික ලාංඡන තබා ගැනීමෙන් දරුවන්ගේ මනස ඒකාත්මික වීමෙන් ධාරණ ශක්තිය වර්ධනය වේ. 05.විභාගය සඳහා සූදානම් වන දරුවන් විසින් ඉටුකළ යුතු වත්පිළිවෙත්………… ඔබගේ දරුවාගේ අධ්යාපන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා ඔහුගේ දෛනික චර්යාවට පහත සඳහන් වාස්තු වත් පිළිවෙත් එක්කොට දෛනික දින චර්යාව වඩාත් බලවත් කරන්න. ඉගෙන ගන්නා දරුවා අවදි වීමේ දී සෑම විටම ඊශාන දිශාව හෝ නැගෙනහිර දිශාව බලා අවදිවීමට උනන්දු කරන්න. එසේම සයනයේ නැඟිට පළමුව දකුණු පාදය භූමියේ ස්පර්ශ කිරීමට හුරුකළ යුතු අතර එහිදී සියලු ලෝක සත්ත්වයන්ට මෙත් වඩා සියලු සත්වයන් නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා යෑයි සිතින් මෙනෙහි කොට පාදය භූමිය හා ස්පර්ශ කිරීමට කියා දෙන්න. එසේම භූමියේ සෘජුව හිටගත් පසුව ඊශාන හෝ නැගෙනහිර දිශාවන්ට හැකි බුදුන්ට දෙවියන්ට, භූමියට සහ හිරුට හිස නමා ආචාර කොට වන්දනා කිරීමට පුරුදු කරන්න. මෙය සිදු කරනු ලබන්නේ හඬ නඟා නොව තමන්ගේ සිතින් පමණි. මේ සඳහා අමතර වේලාවක් හෝ අමතර වෑයමක් ගැනීමට අවශ්ය නොවේ. අවශ්ය වන්නේ පුරුද්ද සහ චේතනාව ඇති කර ගැනීම පමණයි. මේ තුළින් ලේ ධාතුව පිරිසිදු වී විශ්ව ශක්තිය ඍජුව කාන්දු වීම සිදු වේ. එසේම දරුවා පාඩම් කිරීමට ආරම්භ කිරීමේ දී මේසය මත ඇති පිරිමැද හෝ ස්වස්ථිකය පිරිමැද එම කටයුත්ත ආරම්භ කිරීම තුළින් දරුවාගේ ධාරණ ශක්තිය දහස් ගුණයකින් ඉහළ යන බව ද කිව යුතුයි. උදේ හවස නිවසේ පොදු ස්ථානයේ ආගමික වතාවත් වලට දරුවා සම්බන්ධ කරගැනීම සහ ආගමික වතාවත් ඉටු කිරීමට දරුවා යොමු කිරීම හා පිරිත් සජ්ජායනා හඬ නඟා සජ්ජායනා කිරීමට දරුවා පෙළඹවීම තුළින් දරුවාගේ ආධ්යාත්මික පාරිශුද්ධය ඇතිවන අතර දෙවියන්ගේ ඇල්ම බැල්ම දරුවා කෙරෙහි යොමු වන බව ද දත යුතුයි. දරුවා සෑම දිනකම පාසල වෙත නිවසින් නික්ම යන මොහොතේ ඊශාන දිශාව බලා ඉනා මෙන් සහගත සිතින් දකුණු පාදය පෙරට තබා පාසලට යාමට පුරුදු කළ යුතු අතර විභාගය සඳහා පිටත් වීමේ දී මෙම ක්රමයම අනුගමනය කිරීම මැනවි ඊශාන දිශාවේ සතියේ දින හනේම මරු නැති දිශාව වන අතරම දිව්ය ලෝක සහ බ්රහ්ම ලෝක දෙසට යෙදෙන මාර්ගය ඊශාන දිශාව බැවින් සැමවිට එම දිශාවෙන් එන ධනාත්මක තරංග දරුවාට ඉලක්ක වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk