Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පෙරේතයෙක් ආවොත් මොකද කරන්නේ?

1 year ago 7 Min read
Subha.lk
මිනිසුන් බලවත් කරගන්නා නොපෙනෙන තවත් ප්රධාන බලයක් ඇත. එය ප්රේත බලවේගයයි. මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පතන්නා සේම ප්රේතයන්ගෙන් නිබඳවම පීඩා විඳියි. දෙවියන් හට අකැප අයහපත් ස්ථානය ප්රේතයන්ට යහපත්ය. දෙවියන් සොයා ශුද්ධ වූ ස්ථානයන් වෙත මිනිසා යොමුවෙයි. අපවිත්ර ස්ථානයන්හි නිබඳවම වෙසෙන ප්රේතයන් මිනිසා සොයා මිනිසා පීඩාවට පත් කරවයි. එම ප්රේතයන්ම තවත් විටෙක මිනිසා රවටනු ලබයි. ප්රේතයන් යනු කවරෙක්ද? ඔවුන් මිනිසා ග්රහණය කරගනු ලබන්නේ කෙලෙසකටද? මිනිසා විමසුම් කර බැලිය යුත්තේ එවන් වූ කරුණුය. වසර ලක්ෂ ගණනක් පුරා සාංසාරිකව අප හා බැඳුණු ඥාති මිත්රාදීහු රැසක් සිටිති. අකුසල් මත ඔවුන්ට අප සමග මිනිස් ආත්මයන් ලෙස සම්බන්ධ විය නොහැකිය. ඉඩකඩම්, මිල මුදල් බඩු භාණ්ඩ සහ සසරෙහි ඥාතිත්වයට ලොබින් අප හා බැඳුණු පිරිසක් අකුසල් මත ප්රේත ආත්මයන් ලබා සසරෙහි සැරිසරති. පෙර කල මිනිසුන් කරන ලද පාප ක්රියා පලදීමෙන් ඔවුහු ප්රේත ආත්ම උරුමව දුක් විඳිනි. ප්රේත ලෝකය ඇත්තේද මිනිස් ලොව තුළය. ඔවුහු නිබඳවම අප වටා සැරිසරති. අපට නොපෙනෙන ගණනය කළ නොහැකි අයහපත් තරංගයන් අපගේ වදනින් අංග චලනයෙන් පීඩා විඳිනි. ගොම්මනේ ගෙමිදුල් ඇමදීම, ගොම්මනේ පාළු ස්ථානවල සැරිසැරීම මිනිසාට අයහපත්ය. එම වේලාව තුළ මෙම අයහපත් බලවේගයන් බලවත් වෙයි. ප්රේතයන් මිනිසාට ආවේශ වීමේදී මිනිසා ප්රේන ගති පෙන්වයි. මානසිකව දුබල වූ පිරිස් ප්රේත ආරූඪයෙන් ශාස්ත්ර කියති. පුද පූජා ලබා ගනිති. මේ සියල්ල මිනිසා ප්රකෘති සිහියෙන් කරන්නක් නොවේ. ප්රේත අඳුනෙන් කෙරෙන ප්රධාන පිළිවෙත වස්තුවට ලොබින් මිය ගිය පුද්ගලයා ප්රේතාත්මයේ සිරගතව සිටිමින් රකිනු ලබන වස්තුව සොයා බැලීමයි. වරම්, ජීවම්, දැපනවලින් මෙම බලවේගයන් ප්රයෝජනයට ගත හැකියි. බලවන් කොට තමන්ට අවනත කරගත හැකියි. මන්ත්ර ජපය සහ ප්රේත තටු පිදීමෙන් යකැදුරා විසින් මෙම නොපෙනෙන බලවේගයන් තමන්ට අවනත කොට ක්රියාත්මක කරයි. නිවාස ගොඩනැගීමේදී වාස්තු විද්යාව තුළ ප්රේත පාදය හමුවන්නේ නිවෙස සැකසීමට පාද බෙදීමේදීය. ප්රේත පාදය හසු නොවන ආකාරයට නිවෙස සැකසීමෙන් නිවෙසකට යහපත උදාවෙයි. කොඩිවින යනු මෙම අයහපත් බලවේගයන්ට පුද්ගලයකු නිවෙසක් හෝ ව්යාපාරයක් විනාශ කිරීමට භාර කිරීමය. සතුරකුගෙන් පළිගැනීමට හෝ ඊර්ෂ්යා සහගතව යමකුගේ පරිහානිය ඇති කිරීමට කරනු ලබන පහන් බන්ධනයකි. කොඩි විනයට ගොදුරු වූ තැනැත්තා එම පීඩා බන්ධනය විශ්වාස නොකිරීම යනු නිසැකවම පීඩාව ක්රියාත්මක වීමයි. කොඩිවින අයත් වන්නේ ගුප්ත විද්යාවේ අෂ්ට කර්මයෙන් මරණ කර්මයටය. මිනිස් ශරීරයට ඇති ඇල්ම නිසාද ප්රේතයෝ මිනිසාට ආකර්ෂණය වෙති. ප්රේත ලෝකයේ දුර්වල සහ බලවත් ප්රේතයෝද සිටිති. නිතර පුළුටු මස් මාංශ, බිත්තර ආහාරයට ගන්නා රහමෙර පානය කරනු ලබන නිවෙස් වෙත ප්රේත බැල්ම බලවත්ය. සතුන් මරන අපිරිසුදු පීඩාකාරී ස්ථාන වලද මෙම බලවේගයෝ බලවත් වෙති. පුළුටු, මස් මාංශ ආදියට ප්රිය කරන ප්රේනයන් එම ස්ථානයන්හි ස්වරූපයන්ද තමනට අවැසි පරිදි අනුගත කරගනිති. නිතර කෝලාහල, අඬ දබර ඇතිවන්නේ එවන් නිවෙස් තුළය. මෙම අයහපත් පිළිවෙත අනුගමනය කරන නිවෙස් එම පිළිවෙතින් මිදුණු කලද අයහපත් ප්රතිඵල අත්වෙයි. නිවැසියන් රෝගී වීම. නිවාස හැර යෑම. නොයෙකුත් වධ බන්ධනයන්ට ලක්වීමද එයට නිදසුන්ය. පැරැන්නෝ නිවෙසක ඇති දුගද අඳුර සහ ගෘහ මූලිකයාගේ කේන්දර සටහන පිරික්සීමෙන් ද ප්රේත පීඩාව හඳුනාගත්හ. නිවැසියන්ට පීඩා කරමින් එම භූමියේ සැරිසරන සාංසාරික ඥාති ප්රේතයන්ට දියයුතු සරලමය දන් පින් බොහෝය. ප්රේතයන් බැඳීම බෝතල් තුළ දමා වැළලීම. මුහුදට දැමීම කිසිදා කළ හැකි දෙයක් නොවේ. සියුම් ශරීර හිමි, විනිවිද ගමන් කිරීමේ බලයක් හිමි ඔවුන් එයට නතු නොවෙති. නිහඬ ප්රේතයෝ මෙම පීඩාවන් තුළින් රුදුරු බවට පත් වෙති. ඔවුන් දරුණු වීම යනු මිනිසා තවත් පරිහානියට පත්වීමයි. ප්රේත පීඩාව ඇති නිවෙසක අවැසි පරිදි ප්රේත පිරිස් හට දන්දී පින් අනුමෝදන් කරවීමෙන් ප්රේතයන් එම ස්ථානයෙන් ඉවත්ව යන්නේය. ප්රේත පීඩාව දුරු වන්නේය. නිවෙසේ දන් දුන් පසු එදිනම විහාරස්ථානයක බෝධියක් වෙත පහන් දල්වා ප්රේත කොටස් එම ස්ථානයට යහපත්ව භාර කිරීමෙන් ප්රේත උවදුර නිසැකවම පහව යන්නේය. ඒ සඳහා ප්රේතයන් හට පින් අනුමෝදන් කිරීමට පැරැණියන් භාවිත කළ ගාථාවක් මෙසේය. ඔබත් මෙම පිළිවෙත් සපිරීමෙන් නිසි ඵල උදාකර ගන්න. “උන්නමේ උදකං වට්ට යථානිත්තං පවර්ජති ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති යථාචාරි මහා පූරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති”

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk