අවසන් ගමනට කුජ දින කිවි දින අසුබද?
විද්යාව හා තාක්ෂණයේ ඉහළම තලයට අද වන විට මුළු මහත් සමාජ තලයම පිවිස තිබේ.
වෙනස් මගක් ගත් සංකීර්ණ සමාජ රටාවකට පරිවර්තනය වී ඇත. අද මේ යුගයට ගැළපෙන සේ අපි වැඩ කළ යුතුයි. ඇතැම් කරුණු අදට නොගැළපෙන ලෙස කරන බව පැහැදිළිය.
විශේෂයෙන් මළ සිරුරක් භූමිදානය හෝ ආදාහනය කරන විට අඟහරුවාදා, සිකුරාදා යොදා ගැනීම අපලයක්, දෝෂයක් යැයි සිතන තැනට පත්වී තිබේ. ඡ්යොතිෂයේ මේ තත්වයට කිසිදා ශාස්ත්රීය පදනමක් නැත. මිථ්යා මතයකට එල්බ ඇත. කෙනෙකු මිය ගිය විට ඊට අදාළ ග්රහචාරය, පංචාංගය හෝරා යනාදිය ගැන සැළකිල්ලට ගෙන විමසා බැලීමත් මිත්යා මතය. දේහය නිවසින් පිටතට ගැනීමටත් නැකත් යොදා ගනු ඇත.
සමහර ප්රදේශවල මෙය තදින් පිළිපදිති. මේ දින දෙකම ඉතාම නරක යැයි පදිංචි වී සිටින අයට විවිධ උවදුරු කරදර හිරිහැර ඇතිවේ යැයි සිතන තැනට පත්වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් මත අඟහරුවාදා , සිකුරාදා දිනවල අවමගුල් කටයුතු කළ තැන් පරික්ෂා කිරීමේදී අබමල් රේණුවක තරම් අයහපතක් සිදුවී නැති බැව් දැක්විය හැක.
දිනය සඳුදා, බදාදා, බ්රහස්පතින්දා වූ පලියටම එම දිනයක වුව ද හැමවිටම සුබ නොවේ. භාරතීය බමුණු මතවලට නතුවී අද අපි එය හිස්මුදුනින් පිළි ගන අන්ධානුකරණයේ යමු. ගොවිතැන් හා මැණික් කර්මාන්ත කටයුතු වලට අදාළ සුබ නැකැත් අඟහරුවාදා දිනයේ පෙනේ. ඉමහත් සුබඵල අත්වේ. සැක නැත. කෝටිපති මැණික් වෙළෙඳුන් ඔවුන්ගේ පතල් කැණීම් හා අලෙවියට කුජ දිනය තෝරාගනී. ගෘහ කර්මාන්තයට, විවාහය, හිසකෙස් කැපීම, කන්විදීම , බත්කැවීම අකුරු කියැවීම වැනි දැයට අඟහරුවාදා අසුබ වුවත් අවමංගල්ය කටයුතු වලට මේ දිනය යොදා ගත හැක.
හත්දවස බණ හා දානය දීමද අඟහරුවාදා නොකරන තැනට පත්වී තිබේ. මේ කරුණු ඔබේ අවධානයට යොමුවී සමාජය දැනුම්වත් වීමද හේතුඵල සහිත වේ. ලොව දියුණුවෙමින් ඉදිරියට යාමේ ඵල සහිත ගමනට වැටකඩොලු බැදීම නුවණට හුරුනොව බැව් පැහැදිළිය. බොහෝ මිථ්යා මත දියුණුවට බාධාවකි.