Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබට වාසනාව ගෙනෙන සුබ ගස් වර්ග

1 year ago 7 Min read
Subha.lk
නිවෙසකට වාසනාව ගෙන දෙන මෙන්ම නිවෙසට හා එහි වෙසෙන්නන්ට ධනාත්මක බලපෑමක් ගෙන දෙන නිවෙස ඉදිරිපස සිටුවිය යුතු සුබ ගස්වර්ග මොනවාද යන්න ඔබ දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. වාස්තු විද්යානුකූලවත් ඡ්යෝතිෂ විද්යානුකූලවත්, අප මුතුන් මිත්තන්ගේ මඟ පෙන්වීම අනුවත් නිවෙස් ඉදිරිපස සුබ ගස් වර්ග සිටුවීමට වර්තමානයේ බොහෝ දෙනා කටයුතු කරති. ඒ මඟින් නිවෙසට මෙන්ම නිවැසියන්ට වාසනාව උදා වන බව අතීතයේ පටන් පැවැතුණු අදහස විය. මේ අනුව කොහොඹ, ඇට්ටේරියා, දෙළුම්, අඹ, කෝමාරිකා, බෙලි, සමන් පිච්ච, නෙළුම්, මානෙල් වැනි ශාක වර්ග නිවෙස් ඉදිරිපස වැවීමට සුබ ගස් වර්ග ලෙස සැලැකේ. මේවායෙන් නිවෙසට මෙන්ම නිවැසියන්ට යහපත් බලපෑම් සිදුවන බව පැවැසේ. මේ පිළිබඳ එකිනෙක විග්රහ කර බලමු. දෙළුම් - දෙළුම් ශාකය වර්තමානයේ බොහෝ නිවෙස් ඉදිරිපිට වගා කර ඇති සුලබ ශාකයක් වේ. දෙළුම් සිටුවීමෙන් නිවැසියන්ගේ සැප පහසුව, සුඛ විහරණය වැඩි දියුණු වන බව පැවැසෙනවා. එමෙන්ම දෙළුම් ශාකයේ ඇති ඖෂධීය ගුණවල බලපෑම නිතැතින්ම නිවැසියන් වෙත යොමු වෙනවා. කොහොඹ - අතීතයේ සිටම කොහොඹ ගසක් නිවෙස ඉදිරිපස තරමක් දුරට වන්නට සිටුවීමට පැරැන්ණෝ අමතක නොකළහ. කොහොඹ ගසක් සිටුවීමෙන් නිවැසියන්ට බොහෝ සුබපල අත්වන බව අදටත් පවත්නා විශ්වාසයක් වේ. මුදල් මෙන්ම අනෙකුත් භෞතිකම ලැබීම්වලින් නිවැසියන්ට වාසි අත්වන බව පැවැසෙයි. කොහොඹ ගසක් සිටුවීමෙන් යහපත් සිදුවීම් නිවෙසේ සිදුවේ. විශේෂයෙන්ම නිවෙසේ ජීවත් වන්නන්ට දීර්ඝායුෂ ලැබෙන බව පිළිගැනීම වෙයි. එලෙසම වාසනාව පෑදී ලෙඩ දුක් ඇති නොවේ. නීරෝගි වේ. නිවෙස කොහොඹ ශාකයේ ඖෂධීය ගුණය විෂ බීජ නාශක ගුණය නිසාම වාතාශ්රයේ ඇති විෂ බීජ ඇද ගැනීමේ හැකියාවක් පවතී. මෙනිසා කොහොඹ ශාකයෙන් පිටවෙන සුවඳ හා එයින් නිකුත් වන කිරණ වැදී නිවැසියන් ගේ සෞඛ්යය කෙරෙහි එය බලපානු ලබයි. එමඟින් සෞඛ්ය වැඩිදියුණු වේ. අඹ - නිවෙසක ඉදිරිපස සිටුවීමට සුදුසු තවත් වැදගත් සුබ ශාකයක් වන්නේ අඹයි. අඹ ගසක් නිවෙස ඉදිරිපිට රෝපණය කිරීම සුබ බව පැවැසෙනවා. විශේෂයෙන් වැහි අකුණු, හෙණ නිවෙසට නොවැදීමට මෙන්ම නිවෙසට සිසිලස සෙවණ ගෙන දෙන්නටද අඹ ගස ප්රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම අකුණු සැර අද්දා ගැනීමේ බලයක් අඹ වෘක්ෂය සතුයි. එය අතීතයේ සිටම පැවත එන විශ්වාසයක් වේ. බෙලි - බෙලි වෘක්ෂයක් නිවෙසක ඉදිරිපස සිටුවීමෙන් එම නිවෙසට දේවාශීර්වාදය ලැබෙන බව පැවැසෙනවා. නිවෙසේ සෞභාග්යය, බඩු භාණ්ඩ, ආහාර හිඟයක් ඇති නොවන බවට විශ්වාසයක් වෙනවා. දේව බැල්මක්, අමනුෂ්යයන්ගෙන් සිදුවන උපද්රව, බලපෑම අවම කර ගැනීමටත් බලයක් බෙලි වෘක්ෂය සතු කිරණවල ඇති බව විශ්වාස කෙරෙනවා. ඇට්ටේරියා - ඇට්ටේරියා පැළයක් නිවෙස ඉදිරිපස සිටුවීමෙන් නිවැසියන්ගේ පී්රතිය, සතුට නොනැසී පැවතෙන බවට මතයක් පවතිනවා. පී්රතියේ දෙවඟන නිවෙසට කැන්දාගෙන ඒමට ඇට්ටේරියා පැළ නිවෙස් ඉදිරිපිට සිටුවීමට පැරැන්ණෝ කටයුතු කළ බවට විශ්වාසයක් පවතිනවා. සමන් පිච්ච - නිවෙස ඉදිරිපස සිටුවිය යුතු මල් වර්ග අතුරින් වැදගත්ම සුබ මල්වර්ගයක් වන්නේ සමන් පිච්චයි. දේව ආශීර්වාදයත්, දේව බැල්මත් නිවෙසටත් නිවැසියන්ටත් මෙමඟින් ලැබෙන බවට විශ්වාසයක් පවතියි. සුබ ධනාත්මක බලපෑමක් නිවැසියන්ට ඇති කරන සමන් පිච්ච සුවඳ මෙන්ම ඖෂධීය ගුණ මඟින් නිවැසියන්ට සෞඛ්යා රක්ෂිත බවක් හිමිවේ. නෙළුම්/ මානෙල් - ජලයේ පිපෙන මෙවැනි මල්වර්ග නිවෙස ඉදිරිපිටට වාසනාව කැන්දනවා. විශේෂයෙන් නිවෙසක සෞභාග්යය පිරී ඉතිරී යන්නටත් නිවෙසේ ඉදිරිපස ශාන්ත බව රැක ගන්නත් නෙළුම්, මානෙල් මල් උපකාරී වෙනවා. මේ ආකාරයට නිවෙසක ඉදිරිපස සුබ ගස් වර්ග පැළ කිරීම මෙන්ම නිවෙස ඉදිරිපස පැළ කිරීමට නුසුදුසු ශාක වර්ග ද වෙනවා. විශේෂයෙන්ම පැඟිරි කුලයට අයත් ශාක වන දොඩම්, දෙහි, උල් සහිත පත්ර ඇති ශාක මෙන්ම, කටු සහිත ශාක නිවෙස ඉදිරිපස ප්රධාන දොරටුවට මුහුණලා සිටුවීම නොකළ යුතු බව පැවසෙනවා

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk