දෙසැම්බර් 30 සිට ජනවාරි 01 කාලයේදී වෙනදාට වඩා පරෙස්සමින්
චන්ද්‍ර ග්‍රහයා 2021 වසරෙහි දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි 07.05ට වෘශ්චික රාශිය තුළ නීච චලිතයක් ආරම්භ කරන අතර 2022 වසරෙහි ජනවාරි 1 වැනිදා රාත්‍රි 7.17 වන තෙක්ම තම නීච චලිතය පවත්වා ගෙන යයි. මේ මොහොත වන විට කුජ ග්‍රහයාද වෘශ්චික රාශිය තුළ ඉතා ප්‍රබල ලෙස චලිත වෙයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි 7.05ත්, 2022 වසරෙහි ජනවාරි 1 වැනිදා රාත්‍රි 7.17ත් අතර කාලසීමාව තුළ බලාපොරොත්තු රහිත අසුබ සිදුවීම්වලට ඉඩකඩ ඇති බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාටත් වඩා පරික්ෂාකාරී වීම නුවණට හුරුය.
සිකුරු ග්‍රහයා 2021 වසරෙහි දෙසැම්බර් 30 වැනිදා පෙ.ව. 8.02ට තම වක්‍ර චලිතය තුළම ධනු රාශියට පිවිසෙයි. මෙය අසාමාන්‍ය ග්‍රහ මාරුවක් වන අතර මෙම අසාමාන්‍ය ග්‍රහ මාරුවට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 30 වැනිදායින් පසුව එළැඹෙන දින 5 තුළ අද්භූත හෝ ආන්දෝලනාත්මක සිදුවීමකට ඉඩකඩ ඇති අතර බෙංගාල බොක්ක ආශි‍්‍රත කැලඹීමකට හෝ වෙනත් බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසයකටද ඉඩකඩ ඇත. එමෙන්ම මෙම ග්‍රහ ගෝචරයට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 30 වැනිදායින් පසුව එළැඹෙන දින 5 තුළ ප්‍රසිද්ධ කලාකරුවන් පිළිබඳව සහ ප්‍රසිද්ධ කාන්තාවන් පිළිබඳව ආන්දෝලනාත්මක සිදුවීම්වලට ඉඩකඩ ඇත.
තවද ඉහත කාලසීමාව තුළ ඉන්ධන පිළිබඳවද නව කතිකාවක් ඇති වීමට ඉඩ ඇත. එමෙන්ම 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ආගමික අංශ සම්බන්ධව සහ පූජ්‍ය පක්ෂයේ උතුමන්ලා සම්බන්ධව අසුබ ආරංචි, ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන්ට ඇති වන අපලද පෙන්නුම් කරන අතර ජල විපත්වලටද ඉඩකඩ පවතින බව පෙනේ.
2022 වසරේදී සිදුවන තීරණාත්මක ග්‍රහ මාරුව ලෙස 2022 වසරෙහි අප්‍රේල් 29 වැනිදා පෙ.ව. 7.52ට ශනි ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙන අතර 2022 වසරෙහි ජූලි 12 වැනිදා ප.ව. 2.50 වන තෙක්ම ශනි තම කුම්භ රාශි චලිත පවත්වා ගෙන යයි. මීට පෙර අවසන් වතාවට ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ චලිත වී ඇත්තේ 1993 මාර්තු 5 වැනිදාත්, 1993 ඔක්තෝබර් 15 වැනිදාත් අතර කාලසීමාව තුළ 1993 නොවැම්බර් 9 වැනිදාත්, 1995 ජුනි 1 වැනිදාත් අතර කාලසීමාව තුළ හා 1995 අගෝස්තු 9 වැනිදාත්, 1996 පෙබරවාරි 15 වැනිදාත් අතර කාලසීමාව තුළය.
සැබැවින්ම එම කාලසීමාවන්, විවිධ ක්ෂේත්‍ර තුළ බලාපොරොත්තු රහිත විපර්යාස සිදු වූ කාලසීමාවන් වන අතර දේශපාලන විපර්යාස, ආර්ථික විපර්යාස සහ සමාජීය විපර්යාස හේතුවෙන් රටෙහි සැලකිය යුතු පිබිදීමක් ඇති වූ කාලසීමාවක් විය. 2022 වසරෙහි අප්‍රේල් 29 වැනිදාත්, 2022 වසරෙහි ජූලි 12 වැනිදාත් අතර කාලසීමාවට අමතර ලෙස 2023 වසරෙහි ජනවාරි 19 වැනිදාත් 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදාත් අතර කාලසීමාව තුළද ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ හැසිරෙන අතර ඒ අනුව එම කාලසීමාවන් තුළ රටෙහි විවිධ ක්ෂේත්රවල සිදුවන වෙනස්කම් හේතුවෙන් යම් ප්රබෝධයක් ඇති වීමට ඉඩකඩ ඇත. ඒ අනුව එම කාලසීමාවන්ට අදාළ මුල් කාලසීමාව වන 2022 වසරෙහි අප්‍රේල් 29 වැනිදාත් 2022 වසරෙහි ජූලි 12 වැනිදාත් අතර කාලසීමාව තුළ රටෙහි විවිධ ක්ෂේත්රවල ඇති වන විපර්යාස පිළිබඳව සහ යම් පිබිදීමක් පිළිබඳව අඩු වශයෙන් ඉඟි ලැබීමකටවත් ඉඩකඩ ඇත.
අතීත විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව 2022 වසරෙහි වඩාත් විශේෂිතම සිදුවීම් පෙන්නුම් කරන්නේ මාර්තු මාසය තුළ සහ දෙසැම්බර් මාසය තුළ වන අතර ඒ පිළිබඳව දීර්ඝ ලෙස කතාබහ කිරීමට ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වෙමු.
ප්‍රවීන ජ්‍යෙතීර්වේදී - පාරින්ද්‍ර සුගතදාස
(26/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)