Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාපල 2023 පෙබරවාරි 06 සිට පෙබරවාරි 12 දක්වා

1 year ago 7 Min read
Subha.lk
1.මේෂ - විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, සඳු ග්රහයා මේ සතියේ ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි. සහෝදරයකු සමඟ ඇති වූ ආරවුල්කාරි බවක් මඟහැරී යන කාලයකි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. රැකියාවේ අලුත් බලාපොරොත්තුවක් ඇතිවීමෙන් මෙතෙක් පැවැති ගැටලුවකින් නිදහස සැලසේ. දේපළ සම්බන්ධ කටයුතුවලදී තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර ආගමික සහන පතන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. අය 07 - වැය 03, ජය අංකය - 09, ජය වර්ණය - දම්, සුබ දවස - බදාදා, 2 . වෘෂභ - පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසවීම් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන 2,3,4,5 යන භාවයන් මතින් සිදුවෙයි. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් වන අතර, දරුවකුගේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු කාලයක් බව ද, පෙන්නුම් කරයි. නිතර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කරන කාලයකි. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන කාලයක් වන අතර නිතර දනට පිනට ළැදිව කටයුතු කරන කාලයක් බව ද පෙනේ. අය 06 - වැය 05 ,ජය අංකය - 04, ජය වර්ණය - කොළ, සුබ දවස - බදාදා, 3 . මිථුන - ශාස්ත්රීය කටයුතු කෙරෙහි විශේෂ කැපකිරීම් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 1,2,3,4 යන භාවයන්වලයි. නොසිතූ ලෙස තරග විභාගයකින් ජය අත්වන කාලයකි. මෙතෙක් ප්රමාදව සිදුකළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන අතර, අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් කැපකිරීමට සිදුවේ. සතිය ගෙවී යද්දී හදිසි විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. අය 07 - වැය 05, ජය අංකය - 03, ජය වර්ණය - කොළ, සුබ දවස - බදාදා, 4. කටක - අවිවේකී ලෙස උදාවන මේ සතිය ඔබේ ලග්නයට අනුව සඳු ග්රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට නීති පිහිට පැතීමට සිදුවන සතියකි. එමෙන්ම හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ද ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවකට හේතු ඇති කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. විවාහ අපේක්ෂිතයන්ට නොසිතූ ගැටලුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවෙයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් අතහිත දීමට සිදුවන සතියකි. අය 07 - වැය 05,ජය අංකය - 09,ජය වර්ණය - කොළ,සුබ දවස - බ්රහස්පතින්දා, 5 . සිංහ - අලුත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතිය ආරම්භය ඔබට මිශ්ර පලදායකයි. සඳු ග්රහයා මේ සතියේ ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි. නිතර වයසින් වැඩි අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප්රමාද වෙමින් පැවැති විවාහ යෝජනාවකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන කාලයකි. සතිය මැද කාලයේදී උගුර ආශි්රත ආබාධ තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ මතභේදයකට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අය 07 - වැය 05,ජය අංකය - 09,ජය වර්ණය - නිල්,සුබ දවස - සඳුදා, 6. කන්යා - ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. අමතර වෙහෙසීම් ඇතිකරන කාලයක් වන අතර, මේ සතිය ඔබට මිශ්රපල අත්කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. කල්ගත වූ තීරණයක් සාර්ථක වන ලකුණූ පෙන්නුම් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. දුර ඥාතියකුගේ පැමිණීමක් හේතුවෙන් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කරයි. යටිබඩ ආශි්රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්රතිකාර ගැනීමට සිදුවන සතියකි. අය 06 - වැය 04,ජය අංකය - 06,ජය වර්ණය - දම්,සුබ දවස - සිකුරාදා, 7 . තුලා - වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන සතියක් වන අතර මේ සතිය ආරම්භයේදි ඔබේ ලග්නයට අනුව සඳු ග්රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. වරින්වර ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. යොදාගත් සැලසුම් කීපයක් කල්දැමීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී යටපත් වූ අසනීපයක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. අලුත් ඥාති සබඳතාවලට හේතු සැලසෙන කාලයක් වන අතර, දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. සති අන්තයේදී ශාස්ත්රීය කටයුත්තකින් විශේෂ වාසි කීපයක් සැලසේ. අය 06 - වැය 03,ජය අංකය - 04,ජය වර්ණය - කහ,සුබ දවස - බ්රහස්පතින්දා 8. වෘශ්චික - වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් නිතර තමාට පාඩු විඳීමට සිදුවන කාලයකි. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ.රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් ඇතිව තිබූ ගැටලුකාරි බවක් විසඳා ගැනීමට මඟ සැලසේ. නොසිතූ ලෙස ඇතිවන හදිසි අනතුරුදායක තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වීමක් සිදුකරයි. අය 06 - වැය 05,ජය අංකය - 09,ජය වර්ණය - නිල්,සුබ දවස - බ්‍රහස්පතින්දා, 9 . ධනු - ශාස්ත්රීය කටයුතුවලින් විශේෂ ජයග්රහණ හිමිකරවන සතියක් වන අතර මේ සතිය ආරම්භය ඔබට මිශ්රපලදායක බවක් පෙන්නුම් කරයි. සඳුගේ ගමන සිදුවන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි. මෙතෙක් යොදාගත් සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවන සතියකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් නොවන බවක් පෙන්නුම් කරයි. සහෝදර මත ගැටුමක් දුරදිග යාමෙන් ගැටලු කීපයක් මතුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධව ඇතිවන අසහනකාරී බවක් දුරදිග යයි. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වාහන ගමන් පිළිබඳ පරිස්සමි විය යුතු කාලයකි. සති අන්තයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අය 07 - වැය 05,ජය අංකය - 02,ජය වර්ණය - කොළ,සුබ දවස - සිකුරාදා 10 . මකර - වෙනදාට වඩා අතමිට සරු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් ද යෙදේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. නිතර පදිංචියෙන් පිට වාසය කිරීමට කටයුතු සැලසෙන කාලයකි. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. නිතර තම රූප අලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයක් බව පෙනේ. අය 06 - වැය 05,ජය අංකය - 03,ජය වර්ණය - තැඹිලි,සුබ දවස - සිකුරාදා, 11. කුම්භ - නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් වන අතර, සඳු ග්රහයා මේ සතියේ 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. වරින්වර ආගමික නායකයන්ගේ පිහිට පතන බවක් පෙනේ. සතිය මැද කාලයේදී සහෝදර ආරවුලක් දුරදිග යන ලකුණු පෙන්වයි. සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුවන අතර අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් බව ද පෙන්නුම් කරයි. අය 07 - වැය 05,ජය අංකය - 04,ජය වර්ණය - දම්,සුබ දවස - සඳුදා, 12. මීන - වෙනදාට වඩා උදාසීන ගති පැවතුම් ඇතිකරන කාලයක් වන අතර මේ සතිය ආරම්භය ඔබට මිශ්ර ඵලදායක බවක් පෙන්නුම් කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන 4,5,6,7 යන භාවයන් මතින් සිදුවෙයි. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ. එහෙත් නොසිතූ ලෙස තමාට අලාභයක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී උරහිස ආශි්රත ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. අය 07 - වැය 05,ජය අංකය - 02, ජය වර්ණය - කහ, සුබ දවස - බ්රහස්පතින්දා,

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk