Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙදර ධනය උතුරන්න නම් ඔබේ මුළුතැන්ගෙයි කවදාවත් මේ දේවල් කරන්න එපා!.

1 year ago 7 Min read
Subha.lk
නිවෙසක මුළුතැන්ගෙය පිළිබඳ කතාබහට ලක් කළ යුතුම යුගයකි මේ. මන්ද මුළුතැන්ගෙයි නිරන්තරව සිදුවන කටයුතු එම නිවෙසේ දියුණුවට මෙන්ම නිවැසියන්ගේ අභිවෘද්ධියට, වාසනාව අවාසනාව යනාදියට ද දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. වර්තමානයේ වාස්තු විද්යානුකූලව නිවෙසක මුළුතැන්ගෙය ඉදිවන්නේ අග්නි දේවතාවාට අයත් දිශාව වන ගිනිකොන දිශාවටය. මෙම දිශාවේ මුළුතැන්ගෙය ඉදිකිරීමෙන් ගෙහිමියන්ට සැප සම්පත් නොඅඩුව ලැබෙන බව පිළිගැනෙයි. මෙසේ සුබ දිශාවක තම මුළුතැන්ගෙය ඉදිකළ ද මුළුතැන්ගෙයි අප භාවිතයට ගන්නා දේවල් සහ එහි සිදුවන ක්රියාවන් නිවෙසකට කිරි උතුරන්නටත් විනාශ මුඛයට ඇඳවැටීමටත් හේතු වේ. එනම් මූ දේවිය බැල්ම හෙළයි. නමුත් අප එම ස්ථානයට කැඳවා ගත යුත්තේ ශ්රී දේවියයි. ඔබ මුළුතැන්ගේ පරිහරණය කරන විට පහත දේවල් ගැන වඩාත් සැලකිලිමත් වන්න. “ලුණු පොල්කට්ට/ ලුණු බෝතලය හිස් කරන්න එපා” - නිවෙසේ මුළුතැන්ගෙය තුළ ලුණු පොල්කට්ට කිසිවිටෙක හිස් නොකළ යුතුය. එලෙස හිස් වුවහොත් ධන විනාශයක් ඇතිවෙන බව පුරාණයේ සිට පැවැත එන විශ්වාසයකි. අපේ මුතුන් මිත්තෝ මෙවැනි විශ්වාසයන් අකුරට පිළිපැ¼දීමෙන් තම සෞභාග්ය උදාකර ගත්හ. ලුණු පොල්කට්ට හිස්වී හේතුවෙන් නිවෙසේ ආහාරපාන හිඟකම් මෙන්ම අසමගිතාවන් ද වර්ධනය විය හැකියි. එලෙසම මුළුතැන්ගෙයි වැඩපළවල යෙදෙන ගෘහණියට හෝ සේවක සේවිකාවන්ට අගුණ ගෙන දෙයි. තවද ලුණු පොල්කට්ටට ලුණු දමා ශබ්ද නගා කලවම් කිරීම නොකළ යුතුයි. ලුණු පොල් කටුවෙන් ලුණු රැගෙන අන් අයට දීම ද නොකළ යුතුයි. “වතුර කළය හිස් කරන්න එපා/ වතුර ජෝග්ගුව හිස් කරන්න එපා” - මුළු තැන්ගෙයි ඇති වතුර කළය ද හිස් කරන්නට සුදුසු නොවේ. නැතහොත් නිතර වතුර පානය සඳහා මේසය මත තබන වතුර කේතලය හෝ වතුර ජෝග්ගුව හිස්ව තැබීම නොකළ යුතුය . එසේ වුව හොත් ආර්ථික අපහසුතා ඇතිවීම එසේත් නොමැති නම් නිස්කාරණයේ මුදල් වියදම්වීමක් සිදුවන බව පැවැසේ. “සීනි බෝතලය හිස් කරන්න එපා” - සීනි බෝතලය නිරන්තරයෙන් පුරවා තැබීමට සැලකිලිමත්වන්න. එය ඉවරවෙනතුරු තබා සීනි සුරා කා අල්ලට ගෙන තේ බීම සිදු නොකළ යුතුය. එලෙස සීනි බෝතලය හිස් කළහොත් දුප්පත් වීම දිළිඳු වීම සිදුවේ. දරුවන්ට අපල ගෙනදේ. “දර ළිපේ දර අළු එකතු කර සුබ දිනෙක සුබ මොහොතක විසි කරන්න” - ඔබේ ගෙදර දර ළිපක් පාවිච්චි කරනවා නම් එය නිවෙසට ආශීර්වාදයක් වෙනකවා. දර ළිපක් නොමැතිනම් දර ළිපක් සකසාගත යුතුයි. ළිපේ දුම පැතිර යාම නිවෙසට සුබදායක තත්ත්වයක්. එහි එකතු වන අළු දිනපතාම අස් නොකර භාජනයකට එකතු කර ගොඩ ගැසුණ පසු ගසක් මුලට දමන්න. අගහරුවාදා, සිකුරාදා දින මග හැර අනික් දිනවල සවස 6.00ට පෙර මෙය සිදු කරන්න. මෙය දිනපතා අස් කළ හොත් මුළුතැන්ගෙයි අඩු පාඩු නිතර සිදුවේ. අරපිරිමැස්මක් නැත. “පොල් ගෙඩියට ගරු කරන්න” - පොල් ගෙඩිය ලෙලි ගැසූ පසු මුඩ්ඩ කඩා ගෙට නොගන්න. නිවෙසේ එළිපත්ත උඩ පොල් තැබීමද නොකළ යුතුයි. තැඹිලිවලු නිවස තුළට ගැනීමේදී නැටි කපා ගැනීම සිදු කළ යුතුයි. හිස් මිරිස්ගල ඇඹරීම කිසි විට නොකළ යුතුයි. තරහින් මිරිස් ඇඹරීම ද නොකළ යුතු දෙයකි. එමෙන්ම හිස් කුල්ලෙන් පෙළීමද නොකළ යුතුයි. “වංගෙඩිය උඩ ඉඳගන්න එපා” - මුළුතැන්ගෙයි උපකරණයක් වන පිටි කොටන වංගෙඩියේ කට උඩට හරවා තැබීමත් එහි ඉඳ ගැනීමත් සුබදායක නොවේ. එය ලෑල්ලක් මත යටි අතට හරවා තබන්න. එලෙසම වංගෙඩිය උඩ වාඩිවී ආහාර ගැනීම නොකළ යුතුයි. වංගෙඩිය උඩ පිහියා, හැඳී, ලුණු පොල්කටුව ආදිය නොතැබීම කළ යුතුයි. එලෙසම හිරමනය උඩ ද වාඩි වී ආහාර ගැනීම නොකළ යුතුයි. හිරමන තලයේ ඇති පොල් ගෙන කෑම නොකළ යුතුයි. තවද අප නිතර පරිහරණයට ගන්නා කැත්ත ,උදැල්ල, පිහිය, පොරොව, ආරක්ෂාකාරී ස්ථානවල තබන්න. නිතර අත ගැවසෙන තැන තබන්න එපා. “කොස්ස ඉඳළ අහුමුලුවල නොතබන්න” - නිවෙස අතු ගාන කොස්ස හා මිදුල අතුගාන ඉදල නිවසේ මුලුවල තැබීම අසුබයි. එලෙසම නිවෙසේ අහුමුලුවල තැන තැන කුණු එකතු කොට කොස්ස ඉදල ඒ මත තබා නොතබන්න. මුලුවලට දෝෂාරෝපණ, සතුරු බලපෑම් ඇතිවේ. එසේම විෂ සහිත සතුන් ද සැඟවී සිට දෂ්ට කිරීමට බැරි නැත. “කිලිටි ගොඩ ගහන්න එපා” - විශේෂයෙන් මුළුතැන්ගෙයි කිලිටි රෙදි ගොඩ ගැසීම මෙන්ම ලණු ඇඳ තෙත රෙදි දැමීමෙන් වළකින්න. මුහුණ බලන කණ්ණාඩිය මුළුතැන්ගෙයි නොතැබීමට ද වග බලා ගත යුතුයි. “පිඟානෙන් නොකළ යුතු දේ” - කෑම කා පිඟානට අත සේදීම මෙන්ම පිඟානෙන් වතුර බීමද නොකළ යුතුයි. එලෙසම රාත්රියට මුළුතැන්ගෙයි ඇති සියලුම ඉඳුල් සහිත භාජන හොඳීන් සෝදා පිරිසුදු කර බිම ද හොඳීන් අතුගා පිරිසුදු කරන්න. එසේ පිරිසුදු කළ විට නොපෙනෙන අඳුරු බලවේගවලින් නිවැසියන්ට හානි නොවේ. “කුරුල්ලන්ට කන්න දෙන්න” - මුළුතැන්ගේ අද්දර ඉඩ කඩ තිබේ නම් කුරුලු ලෑල්ලක් තනා පිසින ලද ආහාරයෙන් ස්වල්පයක් කුරුල්ලන්ට කෑමට දෙන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk