Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතුරු බලවේග කේන්දරයෙන් හඳුනා ගන්න.

1 year ago 7 Min read
Subha.lk
සතුරු පීඩා මිනිසා ලොව පහළ වූ දා සිටම පැවත එන්නකි. එකිනෙකාට විරුද්ධ වීම, පීඩා කිරීම, තර්ජනය කිරීම මෙන්ම දිවි ඝාතනය කිරීමට ද පෙලඹේ. එය සේරිවාණිජ කතාවෙන් මනාව ඔප්පු වේ. බුදුන් වහන්සේට ද ගල් පෙරළුවේය. අද අපි කතාබහේ යෙදෙන්නට යන්නේ සතුරු බලවේග ඡ්යොතිෂයෙන් හඳුනා ගන්නා ආකාරය ගැනයි. ඡ්යෝතිෂමය ගණිත සිද්ධාන්ත මත කේන්ද්රයේ 6 වැන්න අමතක නොකළ යුතු යි. 6 වැන්නේ ගති ලක්ෂණ භාවයට අධිපති ග්රහයන්, පෙනීම්, යෝග ආදිය ගැන පරීක්ෂා කර බැලිය යුතු යි. රවි, කුජ, රාහු 6 වැන්නට යහපත් යැයි කියන්නේ සතුරු බලවේග වහා ඉවත් කරන බැවිනි. 10 වැන්නාධිපති 6 වැන්නේ සිටීම, 6 පාප පීඩිත වීම, 6 අධිපති ලග්නයේ සිටීම, ලග්නාධිපති 6 වැන්නේ වීම පාපීන්ට මැදිවීම පාපීන්ට පෙනීම නිසා සතුරු පීඩා වහා ඇතිවේ. 3 වැන්නාධිපති 6 වැන්නේ සිටීම ද සහෝදරයින් සතුරු වේ. 12 වැන්නේ නම් දරුවන් ද 11 වැන්නේ නම් නෑයින් ද 4 වැන්නේ නම් මවගේ පාර්ශ්වයේ නෑයින් ද ලග්න ගත වී නම් පියාගේ පක්ෂයේ අය ද සතුරු වේ. ලග්නාධිපති හා 7 වැන්නාධිපති සතුරු වී නම් භාර්යාව ද සතුරු වේ. 5 වැන්නේ නම් දරුවන් සතුරු වේ. සතුරු බලවේග හඳුනා ගැනීමට නම් ඒ ඒ ලග්න අනුව එයට අදාළ ග්රහයින්ගේ දුබලතා බැලිය යුතු වේ. ඇතැම් කේන්ද්රවල මතුපිටින් සතුරු බලවේග ඇතිවන බව නොපෙනුණත් යටින් බලවේග ගොඩනැගේ. මේ ගැන නිරීක්ෂණය කළ යුත්තේ ග්රහ හැසිරීම් හරහා ය. සඳු මකර රාශියේ හෝ කුජ මිථුනයේ සිටියදී ලග්නාධිපති හා 6 වැන්නාධිපති දුබල වූ විට සතුරු පීඩා ඇති වේ. රවි, කුජ, රාහු, ගුරු ආදී ග්රහයින්ගේ බල දුබලකම් ගැන නිරීක්ෂණය කළ යුතු යි. නැකැත් පාද සංයෝග දශා අතුරු දශා විශේෂයෙන්ම අඟහරු, රාහු සහ සෙනසුරු යන දශාවලදී නොපෙනෙන සතුරු බලවේග රාහු සතුරු දශාවේ දී හට ගනී. කුජගෙන් ලේ හැලෙන ශාරීරික පීඩාවලට මුහුණ දීමට කුජ සතුරු දශාවේ දී ඇතිවිය හැකි ය. ශනිගෙන් බොහෝ කල් ගතවන විවිධ කායික හා මානසික මෙන්ම ගුප්ත ව්යාධිවලට බලපානු ඇත. රාහු ශනි පීඩාවෙන් හදි හූනියම් අණ වින දෝෂ ගුප්ත දෝෂ හට ගනී. වින දෝෂ ඇති වන්නේ ද ඇති කරන්නේ ද විශේෂයෙන්ම රාහු ගුප්ත දශාව තුළ ය. කල්ගත වන ව්යාධි හදි හූනියම් අණවින දෝෂ ශනිගේ දශාව තුළදී හට ගනී. මේ නරක දශාවන් තුළ දී ප්රවේසම් වීම මැනවි. එවැනි ගුප්ත දෝෂ පලවා හරින යන්ත්ර මන්ත්ර ගුරුකම් තිබේ. ඒවා නිවැරැදිව ශාස්ත්රානුකූලව කළ යුතු වේ. සෙත්කවිවලින්ද ඇතිවන ඇතිවී තිබෙන දෝෂ සතුරු පීඩා වළකා ගත හැකි වේ. කේන්ද්රයක අතිප්රබලත්වයෙන් ග්රහ පිහිටීම් ඇතත් ගැඹුරින් ඒගැන බැලිය යුතුයි. සතුරු බලවේග යහපත් ග්රහ දශා තුළදී ද ඇතිවන බැව් අප අත්දැක තිබේ. රවි, රාහු, ශනි, කුජ හැර අන්ය ග්රහයින්ගෙන්ද සතුරු පීඩා ඇතිවන්නේ ඉතාමත්ම රහසිගතව ය. යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්රහයින්ගෙන් ද මානව දිවියට බලපෑම් එල්ලවන බැව් සොයා ගෙන තිබේ. ගුරු හෙවත් බ්රහස්පති ග්රහයා ඉතාම බලවත්ව සිටින විට හෝ දශාව තුළ ද ජන්මියාට තදබල ලෙස සතුරු පීඩා ගෙන දුන් අවස්ථා අප දැක ඇත්තෙමු. මේ පිළිබඳව පියවි ඇසින් නොව තෙවැනි ඇසින් බැලිය යුතුයි. ඔබේ ජීවිතයේ මුදුන් පෙත්තටම නගින විටදී ඒ ඉණිමග කඩා බිඳ දමන තැනට රහස් සතුරන් ඇතිවීම සොබාවිකයි. සමහර විට තමා ළඟම සිටින මිතුරා ඔබේ ජීවිතයට ඇතුළතින් සතුරෙක් විය හැක්කේ සෝඩා වීදුරුවකට රහසේ දමන සිගරැට්ටුවේ අළු මෙන් විය හැකි ය. ඔබ ජීවත්වන විට ඔබේ දියුණුවට ඇතුළතින් අකුල් හෙළන සතුරන් ගැන විමසිලිමත් වීමට නිසි පිළිතුර වන්නේ ඔබේ කේන්ද්රයයි. ඔබට කිසියම් සැකයක් ඇති වූ විට කේන්ද්රය ගැඹුරින් පිරික්සා බලා සතුරු පීඩාවලින් වැළකී සිටීමට නිසි ක්රමවේදයක් සකස් කර ගැනීම අනිවාර්ය වේ. ඔබට බොරුවළවල් කපන අය ගැන සෙවීමට ආධාරකයක් වන්නේ නිවැරැදි කේන්ද්රය පමණි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk